ඉරාන ජනපති අද දිවයිනට | Saru News Media

0
13

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද (24) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (24) පෙරවරු 9.30ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීමට නියමිත බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනය පරිදි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහායි ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන්නේ.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී මෙරට සමඟ ද්වීපාර්ශ්වික ගිවිසුම් පහකට අත්සන් තැබීමට ද නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here