ඊජිප්තු තානාපති සහ ඇමති නලීන් අතර හමුවක් – Saru News Media උණුසුම් පුවත්

0
9

ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ මහතා සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (26) අමාත්‍යාංශයේදී පැවැත් වුණා.

මෙහිදී වෙළෙඳාම හා ආර්ථික සහයෝගීතාවය සඳහා වන ශ්‍රී ලංකා – ඊජිප්තු සහයෝගීතා සමුළුව (JCTEC) හා එහි ඉදිරි සැසිවාර පිළිබඳවත්, ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ගත හැකි වඩාත් තිරසාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හා දෙරට අතර පවතින ආයෝජන හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබඳවත් සාකච්ඡා කළා.

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා හා වාණිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here