ක්‍රිකට් ලෝක වාර්තා අතරට තවත් සුවිශේෂී වාර්තා දෙකක්

0
7

ක්‍රිකට් ලෝක වාර් තා අතරට තවත් සුවිශේෂී වාර්තා දෙකක් එක්ව තිබෙනවා.

එක් වාර්තාවක් බිහිවුණේ කාන්තා ක්‍රිකට් පිටියෙන්.

එහිදී පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් පිටියේ එතෙක් මෙතෙක් ක්‍රීඩිකාවක් වාර්තා කලා හොදම පන්දු යැවීම වාර්තා කලා.

ඒ, ඉන්දුනීසියානු ක්‍රීඩිකාවක් විසින්.

එහිදී ඇය ලකුණු 0කට කඩුලු 07ක් බිද හෙලීම කැපී පෙනුනා.

ඇය මෙම තරගයේදී පන්දුවාර 03යි පන්දු 02ක් යොමු කල අතර එහිදී ඇය ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ දුන්නේ නැහැ.

ඇය මෙම දස්කම දැක්වූයේ මොංගෝලියාව සමග පැවති පස්වන පන්දුවාර 20 තරගයේදීයී. ‌

රොහ්මලියා නම් වූ ඇයගේ වයස අවුරුද් 17ක් වන අතර මෙම තරගය ඇගේ මංගල පන්දුවාර 20 ජාත්‍යන්තර පන්දුවාර 20 තරගය වීමද විශේෂත්වයක්.

ඇය මෙලෙස බිද හෙලුවේ ලකුණු 03කට කඩුලු 7ක් බිද හෙලමින් නෙදර්ලන්ත ක්‍රීඩිකාවක් බිහිකර තිබූ ලෝක වාර්තාවයි. 

මීට අමතරව අයි පී එල් ක්‍රිකට් පිටියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන්ද නව ලෝක වාර්තාවක් බිහි වුණා.

ඒ, කණ්ඩායමක් පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ හඹාගොස් ජය ගත් ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාතාව බිහිකරමින්.

මෙම තරගය පැවැත්වුණේ කොල්කටා කණ්ඩායම හා පන්ජාබ් කණ්ඩායම අතරයි.

කොල්කටා කණ්ඩායම එහිදී ලකුණු 261ක් රැස් කල අතර පංජාබ් කණ්ඩායම තවත් පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 02කට ලකුණු 262ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

එය පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් හඹාගොස් ජය ලැබූ ඉහලම ලකුණු සංඛ්‍යව මෙන්ම අයි පී එල් පිටියේද හොදම හඹා යාමයි.

මෙම තරගයේදී කණ්ඩාම් දෙකම හයේ පහර 42ක් එල්ල කල අතර එය පන්දුවාර 20 පිටියේ වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.

පංජාබ් කණ්ඩායමට ජය ගෙන ආ ‌‌‌ජොනී බෙයාස්ටෝ නොදැවී ලකුණු 108 ක් රැස් කලා. ‌

කෙසේ වෙතත් කොල්කටා කණ්ඩායම නියෝජනය කල ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීර යැවූ පන්දුවාර 03ට ප්‍රතිවාදීන් ලකුණු 48ක් රැස් කර ගත්තා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here