ඊබ‍්‍රාහිම් ඒ කාලෙ සම්මානනීය අයෙක්.. කාල බලල ගන්නද.. වැරදි විය හැකියි..- අනුර

0
25

2015 වසරේ දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයෙකු ලෙස මොහොමඩ් ඊබ්‍රාහීම් පත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අදහස් පළ කරයි.

එම කාලයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඊබ‍්‍රාහිම්ට දේශකීර්ති සම්මානය ලබා දී ඇති බවත්, 2014 වසරේදී ජී.එල්. පිරිස් මහතාගේ අතින්ද, 2017 වසරේදීද එවකට ආයෝජන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අතින්ද ඔහු සම්මාන ලබාගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරයෙන් වසර පහක කාලයක් තුළ ඊබ්‍රහිම්ට ගොනුකර ඇති නඩුව කුමක්ද හා ගොනුකර ඇත්තේ නම් ඔහුට එල්ල වූ චෝදනා කුමක්දැයි තමන් දැනගැනීමට කැමති බවත් දිසානායක මහතා පැවසීය.

තම පක්ෂය ජනතාව සම්බන්ධ කරගන්නේ කාලා බලලා නොව භාවිතාව දෙස බලා බවද එහිදී වරදක් සිදුවිය හැකි බවද හෙතෙම කියා සිටියේය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here