එදිනෙදා දකින්න ලැබෙන සැබෑ මිනිසුන්ගේ නමින් නම් වූ දේවල් – Saru News Media

0
11


චීස් සහ තව එක එක ජතියේ ටොපින්ස් එක්ක පිළිගන්වන මේ චිප්ස් නම් මෙක්සිකන් කෑම කන්න ආස අය මිස් කරන්නෙ නැති කෑමක්. 1943 දී ටෙක්සාස්හි ඩන්කන් කොටුවේ හමුදා කඳවුරට ආසන්න කුඩා මෙක්සිකානු නගරයක් වන පියඩ්‍රාස් නෙග්‍රාස් හි, අවන්හලක් හොය හොය ඇවිදිමින් සිටි හමුදා භටයින්ගේ බිරින්දෑවරුන් ගැන දුක හිතුනු Old Voctory Clum එකේ සේවය කල Ignacio Anaya (“Nacho” තමයි එයාගෙ නික් නේම් එක), ටෝටිලා චිප්ස් පෙති කපලා බැදලා චීස්, හැලපීනියො වගේ තව තව දේවල් දාලා ඔවුන්ට පිළිගැන්වූවා. ඉතින් එදයින් පස්සෙ නාචෝස් සූපසාස්ත්‍රයේ අලුත් වෙමින් වෙනස් වෙමින් එන රසවත් ඩිෂ් එකක්.


අපිට ඇල්ගොරිතම් කියන වචෙන ඇහුනම මතක් වෙන්නේ අභ්‍යවකාශ ගමනක්, ආටිෆිශල් ඉන්ටෙලිජන්ස් වගේ ගණිතය සහ පරිඝනක සම්බන්ධ කාරණානෙ.

නමුත් එහි මූලාරම්භය සොයාගන්නේ, විශේෂයෙන්ම වීජ ගණිතය අධ්‍යයනය සඳහා ඔහු කළ දායකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ නවවන සියවසේ ගෞරවනීය විද්වතෙක්, තාරකා විද්‍යාඥයෙක්, භූගෝල විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙක් වන මුහම්මද් ඉබ්න් මුසා අල්-ක්වාරිස්මි වෙත යි. ඔහුගේ පර්සියානු නාමය වන අල්-ක්වාරිස්මි ලතින්කරණය කිරීමෙන් අපට ඉංග්‍රීසියෙන් “ඇල්ගොරිතම” කියලා කියවෙනවා.


19 වන ශතවර්ෂයේදී, බෙල්ජියම් සංගීත භාණ්ඩ නිර්මාණකරුවෙකු වූ ඇඩොල්ෆ් සැක්ස්, විවිධ සුළං උපයෝගී කරගනිමින් වාදනය කරන භාණ්ඩ වාදනය කිරීමට දක්ෂයෙක් වුණා.

ඔහුට දැව සහ පිත්තල භාවිතා කර අලුත් වාදන භාණ්ඩයක් නිර්මාණය කරන්න උවමනා උනා. ඒ මහන්සියේ ප්‍රථිඵලයක් ලෙස අදටත් අපි එකසේ රසවිඳින සැක්සෆෝනයට 1840දී ඔහු විසින් පණ දුන්නා.


ඔයා හිතනවා නම් සීසර් සැලඩ් එක පුරාණ රෝමයේ සීසර්ගෙ කාලෙ ඉඳලා එනවා කියලා, ඔබේ සිතුවිල්ල වැරදියි. මේ ඩිෂ් එකත් හිතා මතා හදපු ඩිශ් එකක් නෙවෙයි. වර්ශ 1900 මුල් භාගයේ මෙක්සිකන් අවන්හලක තමා මෙය නිර්මාණය වුනේ. සීසර් කාඩිනි සංක්‍රමනික ඉතාලි ජාතිකයෙක්. ඔහු මෙක්සිකෝවේ ටිහුආනා හි අවන්හලකයි වැඩ කරේ. එක දවසක් ආහාර පිළියෙල කරන්න කලමනා අඩු වෙච්ච නිසා තිබුණු කලමනා දාලා ඔහු සැලඩ් එකක් හැදුවා. ඒකේ තිබ්බෙ සුදුලූණු, පාමසාන් චීස්, අන්චොව් රි කියන මාලු, අමු බිත්තර, Worcestershire සෝස්, ලෙටියුස් සහ කරකර ගාලා හැපෙන ක්‍රූටොන් පාන්. අදටත් මේ සැලඩ් එක ලෝකෙ පුරා හරිම ජනප්‍රිය කෑමක්.


1970 ගනන් වල අවන්හල් වල දහස් ගනන් මිනිස්සු කෑම හිරවෙලා හරියට මැරුණා. මේක ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ. 1974දී වෛද්‍ය හයිම්ලික් මේ Heimlich maneuver ක්‍රමය හොයාගත්තා. මිනිස්සුන්ට මේ ක්‍රමය අත්හදා බලන්න කලින් ඔහු බීගල් බල්ලන් යොදාගෙන පරීක්ෂණ කරලයි මෙය ලෝකයට ඉදිරිපත් කරේ.


සුළං නොවදින, දියර කාන්දු නොවන මේ අවුරුදු 160ක් විතර පැරණි නිපැයුමට මුල් අඩිතාලම දැම්මේ John Landis Mason කියන ටින් කර්මාන්ත කරුවායි. ඔහු මෙය නිපදවූයේ 1850 ගනන් වලදී ඇමරිකාවේ නිවු ජර්සි හිදී. නමුත් මේ සඳහා හරි හැටි පේටන් බලපත්‍රයක් ලබා ගන්න ඔහු සමත් වුනේ නෑ. ඉතින් අදටත් ලොව පුරා නිවෙස් වල, අවන්හල් වල, නිෂ්පාදන ආයතනවල භාවිතයට ගන්න මේ ජා එක නිපැයූ මේසන් අවසානයේ මියගියේ දුප්පතෙකු ලෙසයි.


නිකොටින් කියන්නේ දුම්කොළවල ඇති කාබනික සංයෝගය වන අතර එහි භෞතික විද්‍යාත්මක බලපෑම් සහ අහිතකර සෞඛ්‍ය ප්‍රතිවිපාක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. 1550 දී පෘතුගාලයේ ප්‍රංශ තානාපතිවරයා වූ ජීන් නිකොට් දුම්කොළ බීජ පැරීසියට යවන විට දුම්කොළ සහ එහි නිකොටින් සංයෝගයට අද වගේ අපකීර්තියක් තිබ්බේ නැහැ. ඒත් පසුකාලීන්ව එය බොහෝ දෙනා පසුතැවීමට පත් කරන පුරුද්දක් නිර්මාණය කළා.


ජර්මානු තාප ඉංජිනේරු රුඩොල්ෆ් ඩීසල් 1892 දී ඩීසල් එන්ජිම සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත් අතර, වාෂ්ප එන්ජින් වෙනුවට ඔහුගේ “සම්පීඩන ජ්වලන එන්ජිම” භාවිතා කිරීමට උත්සාහ කළා. ඔහු එයින් සාර්ථක වූ නමුත් 1913 දී බෙල්ජියමේ ඇන්ට්වර්ප් සිට එංගලන්තයේ හාවිච් දක්වා ගමන් කරන වාෂ්ප නෞකාවක ගිලී ඔහු අකාලයේ මිය ගියා. ඔහුගේ මරණය අදටත් මතභේදයට ලක් වන මරණයක්. ඇතැමුන්, ඔහු සියදිවි හානිකරගත් බව පවසන අතර ඇතැමුන් පවසන්නේ ඔහුව ඝාතනය කර ඇති බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here