සිරියාවේ ඩයනා කුමරිය – Saru News Media

0
9

ඩයනා කුමරිය වගේම රාජ්‍ය උරුමකයකට හිමිකම් කියපු වගේම ඒ තරම්ම සුන්දරත්වයකටත් උරුමකම් කියපු සිරියානු ජාතික ජනාධිපති ආර්යාව අස්මා අල් අසාද් ගේ කතාන්දරය ගැන අද අපි කතාකරමු .

ඉතින් මේ අස්මා අල් අසාද් ඉපදුණේ 1975 අගොස්තු 11 වෙනිදා එංගලන්තයේ ලන්ඩන් නගරයේ. දැන් වෙනකොට අවුරුදු 46 ඇය පසුවෙනවා. ඒ වගේම ඇගේ දෙමව්පියන් වෙන්නේ Fawaz Akhars හා Sahar Akhars දෙදෙනායි.


අස්මාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කිව්වොත් ඒ ගැන විතරක් තව පෝස්ට් එකක් ලියන්න පුළුවන්. කෙටියෙන් ඒවා සඳහන් කලොත් ලන්ඩනයේ කින්ග්ස් විදුහලින් පරිගණක තාක්ෂණය ගැන ගෞරව උපාධියක් ලාබාගෙන තියෙනවා. සරසවියේ දි ඇයව යාළුවෝ ‘එමා’ කියන නමිනුයි අමතලා තියෙන්නේ. ඉංග්‍රීසි, අරාබි, ප්‍රංශ හා ස්පාඥ්ඥ වගේ භාෂා ගැන ලොකු අවබෝධයක් වගේම ඒ භාෂා ගොඩාක් චතුර විදියට කතාකරන්නත් ඇය ගොඩාක් දක්ශයි…


1996 අවුරුද්දේ විතර ඩොයිෂ් බැංකුවේ ආසියාතික කලාපයේ ආර්ථික විෂ්ලේෂිකාවක විදියට තමයි ඇය සිය වෘත්තිය ආරම්බ කරන්නේ. ඒ වගේම ඇයගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා තව අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නත්. ඒ වගේම ඇය එංගලන්තයේ ඉපදුණත් ඇගේ මිතුරියන් කියන්නේ ඈ පෙනුමින් ‘සියයට සියයක්’ ඉංග්‍රීසිකාරියක වගේ වුනත්, ගති පැවතුම් අතින් ඉස්ලාම් සංස්කෘතීන්ගේ උගත් කාන්තාවක් විදියට. ඇය කවදාහරි ලෝකයක් හොල්ලයි කියලත් ඔවුන් විෂ්වාසා කලා. ඊට අවුරුදු දෙකකට පස්සේ ඇමෙරිකාවේ ජේ. පී මෝර්ගන් බැංකු සමාගමෙන් ජෛවතාක්ෂණය හා ඖෂධ වෙලඳපොල කටයුතු පිළිබඳ විශේෂඥ කමිටුවක තනතුරක් අස්මාට පිරිනැමුවා. මේක ඇගේ ජීවතයේ ලොකු සංධිස්ථානයක්…


ඇය ප්‍රංශ සාහිත්‍ය ගැන ඩිප්ලෝමවක් ඉවර කලාට පස්සේ හාර්වර්ඩ් විදුහලේ විද්‍යාවේදී උපාධිය සඳහා සූදානම් වෙමින් හිටියා. මේ කාලයේ අස්මා තමන්ගේ නැන්දත් එක්ක සිරියාවට යන්නේ පොඩි විවේකයක් බලාපොරොත්තුවෙන්. ඉතින් මේ කියන නැන්දා ඒ කාලේ ජනාධිපති විදියට හිටප්‍ය් හෆීස්-අල්-අසාද්ගේ ළඟම හිතවිතියක්. මේකම තමයි අස්මාගෙත් ජනාධිපතිතුමාගේ පුතා බෂාර්-අල්-අසාද් ආදරකතාවට මූලිකම හේතුව වෙන්නෙ. ඒ වගේම ඇයට වඩා අවුරුදු දහයක් ඔහු වැඩිමහල්..


ඔය ආදර කතාව දිග හැරෙන කාලේ ඔය කාලේ ජනාධිපතිතුමා හෆීස්-අල්-අසාද් මිය යනවා. ඒ එක්කම ඔහුගෙන් පසු ජනාධිපති විදියට ලෙස තෝරා ගත්තේ බෂාර්-අල්-ආසාද්ය. ඉතින් ඒ වෙනකොට ඔහුට තමන්ට මේ ලැබුණ රාජකාරිය ගැන තිබ්බ බය නැති කරගන්න අස්මා ගොඩාක් උදවු කරලා තියෙනවා. ඉතින් කොහොම කොහොම හටි අස්මායි බෂාර්ගෙයි විවාහය 2000 අවුරුද්දේ සිද්ධ වෙනවා. බෂාර්ගේ තාත්තා දුර්වල පාලකයෙක් විදියට ජනතාව සැලකුවත් බෂාර්ව ජනතාව ආදරයෙන් පිළිගත්තේ අල්මාගේ උපදෙස් එක්ක ඔහු ජීවත් වුණ නිසයි.
ඉතින් මේ කාලේ බටහිර යුරෝපීය රටවල් වල අස්මාව හඳුන්වලා තියෙන්නේ ‘සිරියාවේ ඩයනා කුමරිය’ කියන නමින්. ඒ තරම් සුන්දර රූසමුවකටත් ඇය හිමිකම් කිව්වා. ඒත් එක්ක සිරියාවේ බැංකු ක්ෂෙත්‍රය තුල සිදු වූ ප්‍රතිසංස්කරණ වලට නායකත්වය වගේම කාන්තා හා ළමා බලගැන්වීම් වැඩසටහන් රැසකුත් අස්මා ආරම්භ කරනවා.


බෂාර් ජනාධිපති වෙලා ටික කාලෙකින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහා උද්ඝෝෂණ රැල්ල රට පුරා පැතිරුණා. ඉතින් බෂාර්-අල්-අසාද් උද්ඝ්ඝෝෂණ හා පෙලපාලි දරුණු විදියට මැඩපැවැත්වුවා. මේ දක්වා ඔහුට එරෙහිව කොඳුරමින් හිටපු බටහිර බලවතුනට මානව හිමිකම් ගැටළුව මුල් කරගනිමින් සෘජු මැදිහත් වීමක් කිරීමට මේ එක්ක අවස්ථාව ලැබුණා. අසාද් බලයෙන් පහ කරන්න මූලික තේමාව කරගෙන එක්සත් ජනපදය, සෞදිය හා තුර්කිය තරඟයට වගේ සිරියාවේ මූලධර්ම වාදී කල්ලි සන්නද්ධ කළා. මෙතැනදී අස්මා තමන්ගේ ස්වාමියාගේ පැත්ත ගත්තේ ඊට පස්සේ ඇයව බටහිර රටවල් අපායේ රැජින කියලා නම් කළා.


ඔය අතරේ ගහෙන් වැටුණ මිනිහට ගොණා ඇන්නා වගේ වැඩක් තමයි අස්මාට වුණේ. ඒ අයි.එස් අන්තවාදීන් සිරියාවට ඇතුල්වෙලා සිරියාව අල්ල ගත්ත නිසා. ඉරානය හා ලෙබනනයේ හෙස්බුල්ලා වරු අයි.එස් වරුන්ට එරෙහිව සිරියාව වෙනුවෙන් සටන් කිරීමට ඉදිරිපත් වුනත් දිගටම මෙම තත්වයට මුහුන දීමෙහිලා ශක්තියක් ඔවුන් ට තිබ්බෙස් නෑ. මේ අතරේ අස්මා මේ මොහොතේ සැමියා හා සිරියාව අතහැර ‘පැන යාමට’ තමා තුල අදහසක් නොමැති බවත් කිව්වා. ඉතින් මේ දුක් කදුලු එක්ක පියයුරු පිළිකාවකිනුත් ඇය පීඩා වින්දා. යකඩ ගැහැනියක් විදියට ඉංග්‍රීසින්ගේ බේත් ඇය ප්‍රතික්ෂේප කරනවා. රුසියානු සැත්කමකින් ඇය කොහොම හරි සුව වෙනවා. ධෛර්යසම්පන්නව මුහුන දුන් අස්මා දැන් මුහුණ පා සිටින අළුත්ම අභියෝගය නම් බ්‍රිතාන්යය විසින් ඈට එරෙහිව මෑතකදී නැගූ යුද අපරාධ චෝදනාවයි. දේශපාලන භාවිතාවන් හා ආකල්ප මොනා වුනත් අපිට හිතන්න කරුණු දෙකක් මේකෙන් තිරණය වෙනවා. එකක් අස්මා-අල්-අසාද් කියන්නේ යකඩ ගැහැනියක්. ඒ විතරක් නෙමෙ ඇය තමන්ගෙ සැමියාගේ සතුරන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වන තරම් යහපත් බිරිඳක්ද බවයි.

ඉතින් මේ චරිතය ගැන තොරතුරු හැමදාම වගේම ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා. ඉතින් මේ දේවල් ඔයාලා යාළුවොත් එක්ක බෙදාගන්නත් මේ පෝස්ට් ගැන අදහස් අපිට කමෙම්ටුවකින් කියන්නත් අමතක කරන්න එපා…

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here