විශිෂ්ට නිපැයුම් රැසකට පාර කැපූ නිකොලා ටෙස්ලා – Saru News Media

0
2

තෝමස් අල්වා එඩිසන් ගැන ඔබ අනිවාර්යයෙන් අහලා තියෙනවා. අපේ අධ්‍යාපනික පොතපත වලත් එඩිසන් ගැන බොහෝ කරුණු සඳහන් වනවා. ඒ වුණත් එඩිසන්ගේ සමකාලීනයෙක් වුණු නිකොලා ටෙස්ලා ගැන එඩිසන් තරම් අවධානයක් යොමු වෙන්නෙ නැහැ. ඉතින් අද අපි හිතුවා මහ ලොකුවට ඇගයීමට ලක් නොවුණු ඒ විශිෂ්ට විද්‍යාඥයා ගැන කතාකරන්න…

 

ඉතින් මේ අසිමිත බුද්ධියකින් සපිරුණු මේ විශිෂ්ට විද්‍යාඥයා උපත ලැබුවේ 1856 ජුනි දහවෙනිදා ඔහු ඉපදුන දවසේ ගොඩාක් අකුණු ගහපු දවසක්ලු. ඒ නිසා ඔහුව පොඩි කාලේ විදුලියෙන් උපන් දරුවා කියලත් හැඳින්වුවා. ටෙස්ලාගේ පියා පූජකවරයෙක් ඒ වගේම මව ගෘහණියක්. පොඩි කාලේ ඉඳලම පුංචි ටෙස්ලා අම්මට උදවු කරන්න පුංචි පුංචි උපකරණ නිපදුවා. තමන්ගේ පූසගේ ලෝම වලින් හටගත් ස්ථිති විද්‍යුතය දුටු මේ ටෙස්ලා විදුලිය ගැන ඉගෙන ගන්න උනන්දු වුණා…

 

තෝමස් අල්වා එඩිසන් ගැන නම් ඔබ අනිවාර්යයෙන් දන්නවනේ. විදුලි බල්බයේ නිර්මාතෘ කියලා අපි ඉගෙනගත්තේ. ඉතින් මේ ටෙස්ලා එක දවසක් තීරණය කරලා ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. මොහු යන්නේ එඩිසන්ගේ විද්‍යාගාරයට. මොහු එඩිසන් සමග එක් වී සරළ විදුලි ධාරා ව්‍යාපාරයේ යෙදී අධික ලාභ ලබමින් සිටිනවා. මේ අතරේ ටෙස්ලාට විශාල මුදලක් පොරොන්දු වී ඔහුගෙන් විශිෂ්ට සේවාවන් ගත් එඩිසන් ඒ පොරොන්දුව කඩකරනවා. ඊට පස්සේ ටිකින් ටික මේ දෙන්නා විරසක වෙලා ටෙස්ලා තනියම විද්‍යාගාරයක් ආරම්භ කරනවා…

 

ඉතින් මේ විරසක වීමෙන් පස්සේ ටෙස්ලා AC එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලිය ලොවට ගෙන එනවා. ඒ ජල විදුලිය ගැන පොඩිම අදහසක් නොතිබුණු යුගයක. මේ විද්‍යුත් ධාරා තමයි අදටත් ගොඩක් දුරට අපි භාවිතා කරන්නේ. ඉතින් එඩිසන් මේ ටෙස්ලා හමුවේ අධික ලෙස පාඩු ලබනවා. ඒ හින්දා මේ විදුලිය අහිතකර යැයි පවසලා එඩිසන් සතුන් කිහිපදෙනෙක්ව ප්‍රසිද්ධියේ පුළුස්සලා දනවා. ඒත් පස්සේ ටෙස්ලා විදුලියට ඔරොත්තු දෙන ඇඳුමක් සාදා ප්‍රසිද්ධියේ මේ විදුලිය වද්දගන්නවා. ඒත් ඔහුට මුකුත්ම වෙන්නේ නෑ . මේ ජල විදුලිය ගොඩක් වියදමින් අඩු නිසාත් තව පහසු නිසාත් ලෝකයේම ජනප්‍රිය වෙනවා …

 

ඔය අතර වාරයේ එඩිසන් මේ ටෙස්ලාගේ විද්‍යාගාරය මුළුමනින්ම පුළුස්සා දානවා. මෙතනින් පෙන්නන්නේ ටෙස්ලා සතු වූ ඒ විශිෂ්ට මොළය හමුවේ එඩිසන් ගේ මොළය ළදරු බවයි. ඒත් ටෙස්ලාගේ මතකයේ ඒවා සියල සටහන් මතකයේ රැඳිලා තිබිලා තියෙනවා. ඔය අතරේ මේ එඩිසන්ගේ අනුග්‍රහය හමුවේ ගුග්ලි එල්මෝ මාකෝනි රෙඩියෝව සොයාගන්නවා .ඒත් ඇත්තටම එයත් ටෙස්ලාගේ සොයාගැනීම් වලින් තනන ලද්දක් කියලා ගොඩක් අය දන්නේනෑ. මෑතකදී සිදු වු නඩුතීන්දුවකින් අනතුරුව මේ රෝඩියෝවේ නිර්මාතෘ හැටියට ටෙස්ලව නම් කරනවා…

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here