යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙන් මිලිටරි පැකේජයක් – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
14

යුක්රේනයට පේට්‍රියට් මිසයිල ලබාදීම කඩිනම් කිරීම සඳහා ඇමරිකාව නව මිලිටරි පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

පෙන්ටගනය පවසන්නේ තම මිලිටරි ආධාර පැකේජයේ කොටසක් ලෙස යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල හා කාලතුවක්කු පතොරම් ලබාදෙන බවයි.

මේ සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 6 ක් වැය කරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා.

මෙලෙස වැය කරන ඩොලර් බිලියන 6, පසුගිය බදාදා ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කරන ලද ඩොලර් බිලියන 60 ක ආධාර පැකේජයේ කොටසක් වන අතර, ඊට ක්ෂණික ආධාර වශයෙන් තවත් ඩොලර් බිලියන 1 ක් ද ඇතුළත්.

මේ අතර යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පසුගිය දා පැවසුවේ රුසියානු ගුවන් තර්ජනයකට මුහුණ දීමට හදිසි ආධාර බලාපොරොත්තුවෙන් සිටින බවයි.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here