පොලිසිය හා බුද්ධි අංශ වහා ස්වාධීන කරන්නැයි කියයි…

0
8

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ සඳහා පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතුය.

දේශපාලන බලපෑම්වලින් ඒවා මුදා ගැනීම අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තුව අමතමින් රණවක මහතා සඳහන් කළේය.

වර්තමානයේදී රටේ බුද්ධි අංශ, විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම්වලට යටත්ව තිබේ. පොලිස් ඇමතිගේ සහ රජයේ අතකොළු බවට එවැනි ආයතන පත්වීම රටට අහිතකරය. ඒ නිසා ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතු බව රණවක මහතා අවධාරණය කරයි.

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක බව ද, හෙතෙම පාර්ලිමේන්තුවේ දී පෙන්වා දුන්නේය. මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රිය වෙයි. එවැනි තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි. ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ රටේ අපරාධයක් මර්දනය සඳහා සෘජුව වගකීම් දැරිය යුතුය. එහිදී ස්වාධීනත්වය වැදගත් බව රණවක මහතා පෙන්වා දෙයි.

ආරක්ෂක සහ බුද්ධි අංශවල ගැටළු ද පාස්කු ප්‍රහාරයට සාධක වී තිබේ. ලද තොරතුරු හෙළි නොකිරීම ද ගැටළුවක් බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

2019 වසරේදී ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සමග ද මෙම සිද්ධි දාමය බැඳී තිබේ. ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳ රැසක් මතුවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඇතැම් නිර්දේශ ද මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ ජනාධිපති කොමිසම ද නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබිණ. ඒවා ක්‍රියාත්මක නොවීමද ගැටලු සහගතය.

පරීක්ෂණ මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අතර විනය ක්‍රියාමාර්ග ගත යුතු යැයි සඳහන් වූ පුද්ගලයෙකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ද අතිශය ගැටළු සහගත බව පාර්ලිමේන්තුව අමතමින් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

– Media unit

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here