එපා වෙන්නේ නැතුව ගිටාර් පුහුණු වෙන්න ටිප්ස් හතක් – Saru News Media

0
3

කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නැතුව විනෝදාංශයක් විදිහට ගිටාර් එකක් ප්ලේ කරන්න තරුණ වයසේ ඉන්න ගොඩක් දෙනෙක් කැමතියි. තරුණ වයසේ විතරක් කියල කියන්නත් බෑ. වයස් භේදයක්, ගැහැණු පිරිමි භේදයක් කිසි දෙයක් මේකට අදාළ නෑ. ගොඩක් දුරට විනෝදාංශයක් විදිහට ගිටාරය පුහුණු වෙන්න පටන් ගත්තු බොහෝ දෙනෙක් තමන්ගේ වෘත්තීය විදිහටත් පස්සේ කාලෙක ගිටාරය වැයීම කරන අවස්ථා ගොඩක් අපිට හොයල බැලුවොත් දැනගන්න පුළුවන්. කොයිහැටි උනත් විනෝදාංශයක් කිව්වට මේ වැඩේ පටන් අරන් ඉතා ඉක්මනින් ඒ විනෝදාංශයට තිත තියපු අයත් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒකට හේතුව, කෙනෙක් ගිටාරයක් ප්ලේ කරනවා දැක්කම මේක හරි ලේසියි කියල හිතුවිල්ලක් හිතට ඒම සහ වැඩේ පටන් ගත්තම ඒක බලන් හිටියා වගේ ලේසි වැඩක් නොවෙන වග තේරුම් යාම. ඇත්තටම කෙනෙක් ගිටාර් එකක් ප්ලේ කරනවා දැක්කම ඕන කෙනෙක්ට ලොකු ආසාවක් එනවා තමන්ටත් එහෙම ප්ලේ කරන්න තිබුනානම් කියල. ඒ වගේම හිතෙනවා අප්පා මේක පට්ට ලේසි කෝර්ස් එකක්නේ කියලත්. හැබැයි ඒ ගිටාර් එක ප්ලේ කරන කෙනා ඒ විදිහට කෙනෙක්ගේ ආකර්ෂණය ලැබෙන විදිහට ප්ලේ කරන්න කොයිතරම් ලොකු කැපවීමක් වුනාද කියල නිකන් හරි අහල බැලුවොත් ගොඩක් කට්ටිය ගිටාර් ගහන්න තියා ගිටාර් එකක් දිහා හැරිලාවත් බලන එකක් නෑ. අන්න ඒ නිසා අපි අද කියන්න යන්නේ විනෝදාංශයක් විදිහට ගිටාර් පුහුණු වෙන්න හිතන් ඉන්න කෙනෙක්ට එන අභියෝග වලට විසඳුම් කිහිපයක් ගැනයි. ඔන්න එහෙනම් පටන් ගත්ත කතාව. 

 

 

මේක තමයි ගිටාර් පුහුණු වෙන්න හිතන් ඉන්න, එහෙම නැත්නම් පුහුණු වෙන කෙනෙක්ට එන ලොකුම අභියෝගය. ගිටාර් පුහුණුව කියන්නේ ඉදලක් අරන් මිදුල අතුගානවා වගේ වැඩක් නෙමයි. ගිටාර් එක කියන්නේ සංගීත භාණ්ඩයක්. ඒ නිසා සංගීතය සම්බන්ධව වගේම ගිටාර් එක සම්බන්ධව මූලික සිද්ධාන්ත ඉගෙන ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ගොඩක් ගිටාර් ඉගෙන ගන්න අය කොහෙන්හරි චාර්ට් එකක් බලාගෙන කෝර්ඩ් ප්‍රැක්ටිස් කරන්න යනවා. ඒවා කටපාඩමින් තමයි ඉගෙන ගන්නේ. හැබැයි කෝර්ඩ් එකක් හැදෙන විදිහ සම්බන්ධව ගණිත ක්‍රමයක් වගේ එකක් තියෙනවා. ඔයාට ඒ මූලික දැනුම වැටිලා තියෙනවනම් ආයේ චාර්ට් බල බල ගිරවා දාන්න අවශ්‍ය වෙන්නේ නෑ. අන්න ඒ නිසා ගිටාර් එකක් අරන් සින්දුවක් ගහන්න ඉගෙන ගන්න කලින් මූලික දැනුම එකතුකරන් ඉන්න. මේ දැනුම තමයි කවදාහරි ඔයාව හොඳ ගිටාර් වාදකයෙක් කරන්නේ. 

 

 

ගිටාරය කියන්නේ තත් භාණ්ඩයක්. එක අතකින් ෆ්රේට් බෝර්ඩ් එක හසුරුවන ගමන් අනිත් අතින් තත් වාදනය කරන එක එකවිට කරන්න ඕනේ. ෆ්රේට් බෝර්ඩ් එක හසුරුවනවා කියන්නේ ලේසි වැඩක් වගේ පෙනුනට ගිටාර් වාදනයේ තියෙන අමාරුම වැඩේ කීවොත් හරි. ෆ්රේට් බෝර්ඩ් එක හසුරුවන්න තියෙන්නේ ඇඟිලි තුඩු වලින්. ඔයා පටන් ගත්තු මුල් දවස් වලින්ම වැඩේ එපා වෙන තරම් ඇඟිලි තුඩු වලට ලොකු වේදනාවක් එනවා. ගොඩක් පුහුණුවීම් කළොත් ඇඟිලිතුඩු තුවාල වෙන්නත් පුළුවන්. ඉතින් අපේ කට්ටිය පොඩ්ඩක් රිදෙන්න ගත්තු ගමන් වැඩේ අතහැරලා දානවා. එහෙමත්ම ඇම්මක් තියෙන කෙනෙක් තමයි රිදෙන්න රිදෙන්න තව පුහුණුවීම් කරන්නේ. හැබැයි එහෙම පුහුණුවීම් කරන කෙනෙක් හොඳ වාදකයෙක් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. ඒ නිසා රිදීම්, තුවාල වීම් ගණන් නොගෙන ඉලක්කයට යන්න හිතාගන්න. තුවාල උනොත් ප්ලාස්ටර් එකක් ගහගෙන හරි පුහුණු වෙන්න. 

 

 

මේක  ඉතාම වැදගත් කාරණාවක්. අපි ඕනෑම දෙයක් ඉගෙන ගනිද්දී ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න බොහෝදුරට පුළුවන් වෙනවා. ඒ වගේ ගිටාර් එකක් පුහුණු වෙන්න යද්දිත් පළපුරුදු ගුරුවරයෙක් හොයාගෙන ඒ යටතේ පුහුණු වෙන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. එහෙම නැතුව ස්වයං අධ්‍යයනය කරන්න ගියාම වෙන්නේ ඔයා ඉගෙනගන්නේ ඔයාට ඕන දේ සහ ඔයා කැමති දේ. ඒකෙන් වෙන හානිය වැඩියි. ඒ නිසා පුළුවන් තරම් උත්සහ කරන්න ගුරුවරයෙක් හොයාගන්න.  

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here