චීනයෙන් ලැබෙන්න යන උදව් – Saru News Media දේශීය පුවත්

0
13

පුනර්ජනනීය බලශක්තිය, වාහන නිෂ්පාදන , කෘෂි තාක්ෂණය , කඩදාසි හා මුද්‍රණ ආශ්‍රිත ක්ෂේත්‍ර පුළුල් කිරීමට මෙරටට චීනයේ සහාය හිමිවනවා.

චීන කුඩා හා මධ්‍යම වාණිජ ව්‍යවසායකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවකදීයි මේ පිළිබද අවධානය යොමුකෙරුණේ.

මෙරට සුර්ය බලශක්තිය / සුළං ශක්තිය සහ ජෛව ස්කන්ධ ශක්තිය ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම සදහා ආයෝජනය කිරීමට හැකියාව පවතින බවයි මෙම සංගමයේ උප සභාපතිවරයා කියා සිටියේ.

උසස් ප්‍රමිතියෙන් යුත් කුරුදු චිනයට අපනයනය කිරීමේ හැකියාව සහ ඉලෙක්ට්‍රෝනික වාහන ආනයනය සදහා ප්‍රමුඛත්වය ලබාදීමේ හැකියාව පිළිබදව අග්‍රාමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here