මාස 7 සිට රෝගී වූ දරුවා වෙනුවෙන් සරණක් පතන මව්පියන් – Saru News Media දේශීය පුවත්

0
14

දරුවන් මහ මග දමා යන යුගයක සිය ජීවිත කාලයම දරුවන් වෙනුවෙන් කැපකරන දෙමාපියන් අපේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. එවැනි කැපකිරීම් කරන මවක හා පියෙකු පිළිබද තොරතුරු මේ.

මීරිගම /පුරාන මීරිගම ගම්මානයේ ජීවත් වන සදෙව් හේෂාන් උපන් දා සිට මාස 07 ක් යනතුරු නිරෝගීව ජීවත් වුණා.

එහෙත් උණ රෝගයක් වැලදීමෙන් ඔහුට මාස 07දී රෝහල් ගත කෙරුණු අතර එතැන් සිට විවිධ රෝගවලට ගොදුරු වුණා.

දැන් වයස අවුරුදු 15ක් වුවද ඔහුට ඇත්තේ ඉතා ලාබාල පෙණුමක්.

මේ වන විට ඔහුගේ අක්මාවක්ද අක්‍රිය වී ඇති අතර උදරයට සම්බන්ධ කළ නල මාර්ගයකින් ආහාර ලබාදීම සිදු වනවා.

පෙදරේරුවකු වන ඔහුගේ පියාට හේෂාන්ට මාසයකට අවශ්‍ය කිරිපිටි හා ඖෂධ ලබාදීම ද දැඩි සේ අසීරු කාර්යයක්.

එහෙත් හේෂාන්ගේ දෙමාපියන් කිසි විටෙකත් උත්සාහය අත් නොහැරීම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here