ඔබේ සාර්ථකත්වයට නැතුවම බැරි අධිෂ්ඨාන ශක්තිය දියුණු තියුණු කරගන්න ක්‍රම කීපයක්! – Saru News Media

0
7

දැන් අපි ස්වෝත්සාහයෙන් දියුණුව ලැබීම, පුද්ගලික වර්ධනය, වෘත්තිය දියුණුව වගේ සෙල්ෆ්-හෙල්ප් මාතෘකා ගැන ලියලා තියෙන ලිපි සෑහෙන්න ප්‍රමාණයක් ගත්තොත්, ඒ හැම එකකම වගේ හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබීම ගැන සඳහන් වෙනවා. එහෙම සඳහන් කරන්න හේතුවකුත් තියෙනවා. අපිට දෙයක් කරන්න වුවමනා නම්, අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි අධිෂ්ඨාන ශක්තිය. මේ අධිෂ්ඨාන ශක්තිය දෙවිදියකට අපිට අර්ථ දක්වන්න පුලුවන්. එක විදියකට අධිෂ්ඨාන ශක්තිය කියලා කියන්නේ, යම් කිසි චිත්ත ආවේගයක් හෝ පෙළඹවීමක් නිසා අපිට කරන්නම හිතෙන අපිට හොඳ නැති දෙයක් නොකර ඉන්න පුලුවන් ශක්තිය. උදාහරණයක් විදියට, අපි දුම්පානයෙන් වළකින්න හිතනවා නම්, එක මොහොතක අපිට දුම්බොන්නේ නැතුව ඉන්නම බෑ කියලා දැනුනත්, දුම්නොබී ඉන්න පුලුවන් හැකියාව. අපිට වැඩ නොකර ඔහේ ෆේස්බුක් යන්න පුදුමාකාර පෙළඹවීමක් ආවත්, ඒ පෙළඹවීමට යටත් නොවී තමන් කළ යුතු වැඩ කරන්න පුලුවන් හැකියාව. එතකොට දෙවෙනි විදියට අධිෂ්ඨාන ශක්තිය කියලා කියන්නේ, තමන් සිදු කළ යුතු යම් දෙයක් කරන්න පසුබට නොවීම සහ ඒ දේ කරගෙන යන්න තමන්වම පොළඹවගන්න පුළුවන් හැකියාව. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට පාඩම් කරන්න තියෙනවා නම්, බෑ කියලා හිතෙනවා නම්, ඒ හැඟීමට යටත් නොවී ඒක කොහොම හරි කරන්න පුලුවන් වීම. තමන් යම් දේකින් අසාර්ථක වුණහම, ඒක අතහැරලා දාන්න ඕන කියලා දැනෙන හැඟීමට වහල් නොවී, දිගින් දිගටම උත්සාහ කරන්න තමන්වම පොළඹවාගන්න පුලුවන් වීම. ඉතින් ඔය දෙවිදියටම අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කරගත්තු පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම ජීවිතේ සාර්ථක වෙනවා කියලා කියන්න අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැහැනේ!

අන්න ඒ නිසා, අපි හිතුවා ඕනම කෙනෙක්ට තමන්ගේ අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කරගන්න වැදගත් වෙන ටිප්ස් කීපයක් ලබාදෙන්න!

Will power boosting tips

අපි ගොඩක් වෙලාවට ගොඩක් දේවලදී මේ පූර්ව සැලසුම් කිරීම ගැන කතා කරනවා. ඇත්තටම අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කරගන්න මේ පූර්ව සැලසුම් උදව් වෙනවා. උදාහරණයක් විදියට, අපිට කඩ කෑම වලට පුරුදු වෙලා තියෙන එක නවත්තගන්න ඕන කියලා හිතමු. එතකොට කරන්න තියෙන්නේ දවසේ, සතියේ කෑමවේල් ටික කලින්ම සැලසුම් කරන එක. ඒ කියන්නේ උයන්න ඕන කරන බඩුමුට්ටු ටික ගෙනැල්ලා තියාගෙන, උයන රෙසිපි ටිකත් කලින් ප්ලෑන් කරගෙන, දිනපතා උයන වෙලාව පවා සැලසුම් කරලා තියාගන්න එක. තව උදාහරණයක් ගත්තොත්, සෝෂල් මීඩියා වලට කාලේ නාස්ති කරන ඇබ්බැහියෙන් මිදෙන්න අවශ්‍ය කරන අධිෂ්ඨාන ශක්තිය දියුණු කරගන්න පුලුවන්, දවසේ තමන් කළ යුතු වැඩ කොටස හරියට සැලසුමක් හදාගත්තොත්. එතකොට තමන්ට කරන්නට තියෙන දේවල් ටික දන්න නිසා, ඒකට ෆෝකස් වෙන්න වඩාත් පහසුයි.

Will power boosting tips

මේකත් හොඳ අධිෂ්ඨාන ශක්තියක් ඇති කරගන්න ඉතාම වැදගත්. ඒ තමයි, අපිට යන්න ඕන ඉලක්කයන් කෙලින්ම ලොකු එකෙන් පටන් ගන්නේ නැතුව, කුඩා ඉලක්ක කිහිපයක් විදියට කඩා ගන්න එක. උදාහරණයක් විදියට අපිට මේ අවුරුද්දේ මොකක් හරි පාඨමාලාවක් ඉවර කරන්න ටාගට් එකක් තියෙනවා කියමු. එතකොට අපිට ඒක කරන්න අධිෂ්ඨාන ශක්තිය අවශ්‍යයි. හැබැයි අපේ ටාගට් එක වෙන්නේ අවුරුද්දේ අන්තිමට සහතිකය ගන්නවා කියන එක නම්, ඒක සම්පූර්ණ කරගන්න අපේ තියෙන අධිෂ්ඨාන ශක්තිය මදිවෙන්න පුලුවන්. ඒ නිසා, හොඳම දේ තමයි අපිට යන්න ඕන විශාල ඉලක්කය, කුඩා ඉලක්ක ගණනාවකට කඩා ගන්න එක. එතකොට ලඟ ඉලක්කයකට ගිහිල්ලා ඒක සාර්ථක කරගත්තහම, අපිට ඊලඟට තියෙන ඉලක්කයට යන්න ඒක හොඳ දිරිගැන්වීමකුත් වෙනවා.

ඒ වගේම තව කාරණයක්, තමන්ට සාක්ෂාත් කරගන්න වුවමනා ඉලක්ක ගැන බොහොම පැහැදිලි අදහසක් තියාගන්න ඕන. එහෙම නැතුව ඔහේ ගමනක් යනවා කියන්නෙම අධිෂ්ඨාන ශක්තිය දුර්වල වෙනවා කියන එක.

Will power boosting tips

දැන් අපිට අධිෂ්ඨාන ශක්තියක් අවශ්‍ය වෙන්නේ යම් කිසි දෙයක් අධිෂ්ඨානයෙන් කරන්න හෝ යම් කිසි දෙයක් අධිෂ්ඨානයෙන් නොකර ඉන්නනේ. එතකොට මතක තියාගන්න ඕන, අපි ඒ යන ගමන මැරතන් එකක් මිසක් මීටර් සීය දිවීමක් නෙවෙයි. ඒ කියන්නේ අද අධිෂ්ඨාන කරගෙන හෙට ඉවර කරගන්නවා වගේ දෙයක් නෙවෙයි. ඇත්තටම ගොඩක් අය වරද්ද ගන්න තැනක් ඕක. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා හොඳ අධිෂ්ඨානයක් තියෙනවා නම් ඉර හඳ වුණත් අල්ලන්න පුලුවන් කියලා. ඇත්තටම එහෙම බෑ. අපි අපේ අධිෂ්ඨානයේ ප්‍රායෝගික සීමාවන් අවබෝධ කරගන්නත් ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට දුම්පානයෙන් මිදෙන්න ඕන නම්, ඒක අද හිතලා හෙට වෙනකොට සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගන්න අමාරුයි. ඊට වඩා, අපි යම් කිසි කාලසීමාවක් තුළ දුම්පානයෙන් මිදෙන්න සැලසුම් කරගෙන, ක්‍රමක්‍රමයෙන් තමයි සිදුකරගන්න ඕන.

Will power boosting tips

හොඳ අධිෂ්ඨාන ශක්තියක් එක්ක තමන්ගේ ඉලක්කයන්ට යනකොට, ඒ අධිෂ්ඨාන ශක්තිය පවත්වා ගන්න අවශ්‍ය වෙනවා යම් කිසි දිරිගැන්වීමක්.ඔය ජොබ් කරනකොටත් විවිධාකාරයේ දිරිගැන්වීම් ලබාදෙනවනේ. ආන්න ඒ විදියටම අපිත් අපිටම දිරිගැන්වීම් ලබාදෙන්න ඕන. හැබැයි ඒ දිරිගැන්වීම් ලබාදෙන්න ඕන සැබෑ ජයග්‍රහණයන් සඳහා තමයි. උදාහරණයක් විදියට, අපි මාස දෙකක් නොබී හිටියොත්, අපිට ඒ ජයග්‍රහණය වෙනුවෙන් යම් කිසි තෑග්ගක් අපිටම දීගන්න පුලුවන්. අන්න එතකොට තව දුරටත් අපේ ඉලක්කයන්ට යන්න අපිට ආසාව ඇතිවෙනවා.

Will power boosting tips

අපිට හොඳ අධිෂ්ඨාන ශක්තියක් පවත්වා ගන්න පුලුවන් හොඳ උපක්‍රමයක් තමයි අපි යම් ඉලක්කයකට යන්න අවශ්‍යයි කියලා හිතලා අපි යොදාගන්න යම් යම් පුරුදු තියෙනවනේ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි මාසයක් යනකොට යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා කියලා ඉලක්ක කරගෙන, පුලුවන් පුලුවන් වෙලාවට අදාළ කෝස් මෙටීරියල් බලනවා කියලා හිතමු. ඕක පුලුවන් පුලුවන් වෙලාවට කරනවා කියන්නේ, සතියක් එක දිගට කරලා, පස්සේ ටික ටික අමතක වෙන්න පුලුවන් කියන එක තමයි. හැබැයි අපි ඒක පුරුද්දක් බවට පත් කරගත්තොත්, වඩාත් සාර්ථකව ඒක කරගෙන යන්න පුලුවන්. ඒ කියන්නේ අපි වෙන් කරගන්නවා හැමදාම පැයක්, ඒ අදාළ දේ ඉගෙන ගන්න. ඒ පැයට වැඩියෙන් ගත කරන්නෙත් නෑ. හැබැයි ඒ වගේම ඒ පැයට වඩා අඩුවෙන් කාලය ගත කරන්නේ හෝ දවසක් වත් මිස් කරන්නේ හෝ නෑ. අන්න එහෙම කරගෙන යනකොට ඒක අපේ දින චර්යාවේ කොටසක් බවට පත් වෙනවා.

Will power boosting tips

අපේ අධිෂ්ඨාන ශක්තිය කියන එකට ඇත්තටම අපි අවට ඉන්න අයගෙන් ලැබෙන බලපෑමත් දායකත්වයක් දක්වනවා. වෙන විදියකට කිව්වොත්, අපි අවට නරක පෙළඹවීම් නම් තියෙන්නේ, අපේ අධිෂ්ඨාන ශක්තියත් දුර්වල වෙන්න ඒක හේතුවක් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට කිව්වොත්, අපිට මත්පැන් බොන එක නවත්තගන්න ඕන නම්, දිනපතා බොන, අපිටත් බොන්න එන්න බල කරන යාලුවෝ ටිකක් එක්ක නම් ඒක කරගන්න අමාරුයි. එතකොට අපි කොයි තරම් අධිෂ්ඨාන කරගෙන හිටියත් බොන්නෙ නෑ කියලා, ඒ අධිෂ්ඨානය බොහොම ලෙහෙසියෙන්ම දුර්වල වෙන්න පුලුවන්. ඒ වගේම අපි මේ අවුරුද්දේ අපේ වෘත්තිය ජීවිතය යම් කිසි මට්ටමකට ඔසවලා තියන්න ඕන කියලා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා නම්, අපේ අවට ඉන්නේ “අපෝ උඹට ඕක කරන්න බෑ” කියලා කියන යාළුවෝ නම්, ඒකෙන් අපේ අධිෂ්ඨාන ශක්තිය දුර්වල වෙනවා. එහෙම අපි අවට තියෙන නරක පෙළඹවීම් කියන්නේ මිනිස්සුම නෙවෙයි. සමහර විට අපි කියමු අපේ ජොබ් එකේ විදියට සතියට දවස් කීපයක් පාටි වලට යන්න වෙනවා කියලා. අන්න එතකොට අර නොබී ඉන්න අධිෂ්ඨානය හෙල්ලෙන්න පුලුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here