කට වහගෙන ඉන්න එකෙන් පාඩු සිද්ධ වෙන අවස්ථාත් තියෙනවා. මේ ඒවෑයින් කීපයක් – Saru News Media

0
5

ඔය පිරුණු කළේ දිය නොසැළේ කියලා කීමක් තියෙන්නේ. ඒකෙන් කියන්නේ ගොඩක්ම කථා කරන්නේ මොළේ හිස් මනුස්සයෙක්ය, මොළේ දේවල් තියෙන මනුස්සයෙක් කථා කරන්නේ අඩුවෙන්ය කියන කාරණාවනේ. හැබැයි ඔතන මෙන්න මෙහෙම කෑල්ලකුත් තියෙනවා. ඇත්තටම තමන්ට මොළේ තියෙනවා කියලා හිතාගෙන කථා කරන්න අවශ්‍ය තැනදිත් කථා නොකර ඉන්න එකෙන් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා අපිට කියන්න වෙනවා, ඥාණවන්ත මනුස්සයෙක් අනවශ්‍ය තැන කථා නොකළත්, අවශ්‍ය තැනදී අනිවාර්‍යයෙන්ම කථා කළ යුතුයි කියලා. එහෙම නැතුව කථා කරන්න ඕන තැනදී කට වහාගෙන ඉන්න එකෙන් තමන්ට වගේම සමහර විට අනුන්ටත් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. 

 

ඇත්තටම අපි මේ කියන්නේ බොහොම ගැඹුරු දේවල් ගැන නෙවෙයි. එදිනෙදා ජීවිතේදී ඕනම කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන. අන්න ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන එක හොඳයි අපි මේ කියන අවස්ථාවන් ගැන.

 

දැන් ඔන්න අපි කොහේ හරි ට්‍රිප් එකක් යන්න කියලා හිතලා, බුකින් වලට තියෙන සයිට් එකකින් බලනවා සර්ච් කරලා නවාතැනක්. ඔන්න අපේ බජට් එකට එකක්  සෙට් වෙනවා. කෝකටත් කියලා කන්ෆර්ම් කරගන්න බුකින් එක දාන්න කලින් අදාළ නම්බර් එකට කතා කළාට පස්සේ ඒ පැත්තෙන් කියනවා, බුකින් සයිට් එකෙන් නොදා කෙලින්ම රිසවේෂන් දාන්නං, ගාණකුත් අඩු කරන්නං කියලා. මොකද නැත්තං බුකින් සයිට් එකටත් කොටහක් ගෙවන්න වෙනවනේ හොටෙල් කාරයට. අපිත් හරි සතුටින් හා කියලා යනවා. ට්‍රිප් එකත් ගිහින්, ආතල් එකත් අරන් හොටෙල් බිල් එක ගෙවන්න ආවට පස්සේ මෙන්න බොලේ ගාණ අර බුකින් සයිට් එකේ තිබ්බටත් වඩා දෙදහක් වැඩියි. මේ මොකද්ද වුනේ කියලා කෝකටත් බුකින් සයිට් එකටත් ගිහින් ආයෙමත් බැලුවහම ගාණ හරි. එතකොට මොකද්ද ඒ වුණේ?

 

මෙහෙමයි. බුකින් සයිට් වල ඔය ෆ්ලෑෂ් ඩීල්ස් එහෙම හැම වෙලේම කැරකෙනවා. අන්න එතකොට සයිට් එකෙන්ම නවාතැන වෙන් කරන එක වාසියි. කොහොමත් පිටින් රිසවේෂන් දාන්න කියපු ගමන් කට ඇරලා අහන්න ඕන එතකොට දවසකට කීයක්ද වැටෙන්නේ කියලා. අන්න ඒ ගාණ ඔය සයිට් එකේ තියෙන ගාණත් එක්ක සංසන්දනය කරලා තීරණේ කරන්න ඕන සයිට් එක හරහා යනවද, කෙලින්ම බුකින් එක දානවද කියලා.

 

මෙන්න මේක නම් කට වහගෙන ඉන්න නිසා පාඩු ලබන ජනප්‍රියතම ක්‍රමයක්. ඔන්න දැන් බස් එකට නැගලා කොන්දොස්තරට සල්ලි දෙනවා ටිකට් ගන්න. අපි සල්ලි දුන්නහම ටිකට් එක දෙන්න ඕනය කියන එක නීතියක්, හරිද. දැන් කොන්දොස්තර මහත්තයා අතේ මාරු සල්ලි නැතිනම් එයා කියනවා පස්සෙ දෙන්නං කියලා. හැබැයි හොඳ කොන්දොස්තර මහත්තයෙක් නම් ටිකට් එකේම ලියලා දෙනවා දෙන්න තියෙන ගාණ. අපි කියමු එහෙම නැතුව කට වචනෙට ඉතුරු දෙනවා කියලා යන කොන්දොස්තර මහත්තයෙක් කියලා. දැන් ඔන්න එක්කෝ ගමනාන්තයට ලං වෙනකොට අපිට ඉතුරු සල්ලි ඉල්ලන්න විචිකිච්ඡාවයි. කොන්දොස්තරටත් ඒක මතක නැති ගාණයි. අනේ ඉතින් ඉතුරු සල්ලි ඉල්ලන්න බයට හරි ලැජ්ජාවට හරි ඇඹරි ඇඹරි ඉඳලා, ගොඩක් දෙනෙක් ඉතුරු සල්ලිත් නැතුව බැහැලා එනවා බස් එකෙන්!

 

ඇත්තටම අපිට මෙතනදී මුලින්ම කට පණ තියෙන්න ඕන සල්ලි දුන්නහම ඒ ගාණට අදාළ ටිකට් එකක් ඉල්ලගන්න. ඒ වගේම ඉතුරු පස්සේ දෙන්නං කිවුවොත් ටිකට් එකේ ලියලා දෙන්න කියලා කට ඇරලා ඉල්ලා සිටින එකත් බොහොම හොඳ දෙයක්. අන්න එතකොට පස්සට ප්‍රශ්න නෑ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here