සෝෂල් මීඩියා වල මොට්ටයෙක් විදියට හැසිරෙන්නේ නැතුව ඉන්නේ මෙහෙමයි! – Saru News Media

0
5

දැන් අපි හැමෝම ඔය සෝෂල් මීඩියා වල, ඒ කිව්වේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය ජාල වල දෛනිකව සැරිසරනවනේ. එතකොට සමහරු කරන්නේ තියෙන දේවල් බලලා ෂේප් එකේ මාරු වෙන එක වුනාට, ගොඩක් දෙනෙක් දිනපතාම තමන්ගේ වෝල් වල, ටයිම් ලයින් වල එක එක එව්වා ෂෙයාර් කරනවා. සමහරු කෙලින්ම තමන්ගේ අදහස් ලියනවා, ෆොටෝස් දානවා, කවි කෙටිකතා සිලෝ ලියනවා. තවත් සමහරු ඊට අමතරව වෙනත් අයගේ අදහස්, ෆොටෝස් ෂෙයාර් කරනවා. මීම්ස් ෂෙයාර් කරනවා. එතකොට වෙනත් අයගේ ස්ටේටස් අප්ඩේට් වලට, ලියපු අදහස් වලට, ෆොටෝ වලට, මීම් වලට කමෙන්ට් කරනවා. කමෙන්ට් එක්ක සංවාද කරනවා, බැණ අඬ ගහ ගන්නවා, මරා ගන්නවා. හැබැයි ඔය කෝක කළත්, ෆේස්බුක් ඇතුළු සෝෂල් මීඩියා වල ඔලමොට්ටලයෙක්, ගොන් නාම්බෙක් වගේ පේන්නේ නැති වෙන්න හැසිරෙන එක වැදගත්. ආන්න ඒකට වැදගත් වෙන උපදෙස් කීපයක් තමයි මේ.

 

මේක සෑහෙන්න වෙන දෙයක්. දැන් ඔන්න කවුරුහරි ෆොටෝ එකක් ෂෙයාර් කරනවා “මෙන්න බලන්න යහලුවනේ අපේ ගමට ආපු ඒලියන් යානය” කියලා. එඩිට් එකක් කියලා දැක්ක ගමන් පේනවා. ඒත් කට්ටිය ඔන්න බුදු අම්මප්පච්චියේ කියලා ඕක ෂෙයාර් කරනවා. තව එකෙක් දානවා ෆොටෝ එකක්, “චෛත්‍ය රාජයාගෙන් බුදු රැස් විහිදෙයි, බුදුගුණ අනන්තයි” කියලා. ෆොටෝ එක එඩිට් කරලා චෛත්‍යයට පිටුපස්සෙන් දේදුන්නක් සෙට් කරලා. අනේ ඉතින් හැමෝම සාදු සාදු කිය කියා ෂෙයාර් කරනවා. තව එකෙක් ඇවිත් වෙන රටක තියෙන නාග ප්‍රතිමාවක ෆොටෝ එකක් ෂෙයාර් කරනවා “මිය ගිය නාග රාජයා, මේකට කමෙන්ට් කළොත් සුභාරංචියක් නිසැකයි” කියලා. කට්ටිය “නාගීනා නමං” කිය කියා හිටු ගෑවිල්ලේ කමෙන්ට් කරනවා, ෂෙයාර් කරනවා. අන්න එහෙම ගොන් පැරඩි වලට අහුවෙන්න එපා යාලුවනේ. ඔයාලත් ගොන්නු වගේ තමයි පේන්නේ එතකොට.

 

දැන් ඔය ෆේස්බුක් එකේ වගේම ට්විටර් එකේ එහෙමත් දකින්න පුළුවන් සියල්ල දත් ලා. ආයෙ කොවිඩ්-19 ගැන කතා කරන තැනටත් හොට දානවා. ග්‍රහ තාරකා ගැන කතා කරන තැනටත් හොට දානවා. ගෝලීය උෂ්ණත්වය ගැන කතා කරන තැනටත් හොට දානවා. බුදු දහම ගැන කතා කරන තැනටත් හොට දානවා. ජපන් සාහිත්‍ය ශෛලීන් ගැන කතා කරන තැනටත් හොට දානවා. හැබැයි හොට දැම්මට වැඩකට ඇති දෙයක් කියලත් නෑ. මොකද, වැඩකට ඇති දෙයක් කියන්න දන්නෙත් නෑ. හැබැයි ඉතින් ඔය වගේ ඈයෝ දිහා බලාගෙන ඉන්න අයට තේරෙනවා මුන්දැලා කිසිම දෙයක් ගැන ප්‍රාමාණීක දැනුමක් තියා ගෑවුණු දැනුමක්වත් ඇතිව නෙවෙයි කතා කරන්නේ කියලා. මේ ජාතියේ එව්වෝ නං හොඳයි නගුලට බඳින්න!

 

මෙන්න මේ කට්ටිය උඩ කියපු අයට වඩා ස්ටෑන්ඩැර්ඩ් එක උසස් සෙට් එකක්. මුන්දැලාටත් ගොඩක් වෙලාවට යම් දෙයක් ගැන නිශ්චිතව අදහස් ප්‍රකාශ කරන්න, තර්කයක් ගොඩ නගන්න, සංවාදයක් කරන්න තරමට ඒ විෂය ගැන ප්‍රාමාණික ඥාණයක් නෑ. හැබැයි ඉතින් පොඩ්ඩක් අවුස්සගෙන බලන්න ඕන. කෙලින්ම සංඛ්‍යාලේඛන උස්සගෙන එන්නේ. හැබැයි ගොඩක් අය මේ ගොල්ලෝ සංඛ්‍යාලේඛන, වගු ප්‍රස්තාර දෙක තුනක් දාපු ගමන් සරෙන්ඩර් වෙලා යනවා. හැබැයි කතා කරන්නේ මොනව ගැනද කියලා අතැඹුලක් සේ දන්න උදවිය බලනවා, කොරෝනා ව්‍යාප්තිය ගැන කතා කරන්න මේ යකා ඇමසන් වනාන්තරේ වාර්ෂික වර්ෂාපතනය පෙන්නන වගුවක් මොකටද උස්සගෙන ඇවිත් තියෙන්නේ කියලා. 

 

මේ තමයි ඔය එක එක දේශපාලන පක්ෂ වල පොලිටික්කන්ගේ කරත්ත වලට බඳින්න හරියන එවුන්. මෙයින් සමහරු කඩේ යන්නේ මොකක් හරි දේශපාලන පක්ෂෙකට. තවත් අය දේශපාලන පක්ෂෙක නිශ්චිත දේශපාලකයෙක්ට තමයි කඩේ යන්නේ. ඔය කෝක වුනත් මේ විදියේ උන්දැලගේ පොදු ලක්ෂණේ සරලයි. තමන්ගේ පක්ෂේ ලොක්කෝ නැතිනම් තමන්ගේ ලොක්කා මොනව කිව්වත්, මොනවා කරත් හරි. ඒක ආයෙ ඉර හඳ වගේ තමයි. ඒ වගේමයි අනික් පැත්තට තමන්ට විරුද්ධ පක්ෂෙක මනුස්සයෙක් මොන හරිදේ කිව්වත් වැරදියි. මෙහෙම උන්දැලට හරි වැරදි දේ වගේ වචන වල තේරුමක් නෑ. මුන්දැලා තමයි ඔරිමජිනල් වහල්ලු.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here