කරාපිටිය රෝහලට රු. මිලියන 250ක අති නවීන CT Scanner යන්ත්‍රයක්

0
19

ඉදිරි වසර තුල දී කරාපිටිය ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට රුපියල් කෝටි 100 ක් සහ වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීමට අප්‍රේල් 24 වැනිදා එක්වු සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඒ බව දහන් කළේය.

නව මහාචාර්ය ඒකකයත්, ශල්‍ය ඒකකයත්, ස්ථාපිත කර රෝහලේ රෝගී තදබදය ද අවසන් කිරීමට පියවර ගන්නා බවට ද ඇමැතිවරයා සහතික විය.

 

WhatsApp Image 2024 04 24 at 12.55.04 PM 1
සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සංවර්ධන කටයුතු ද මෙහිදී නිරික්ෂණය කරන ලද අතර, දැනට සිදු කෙරෙන ප්‍රතිංස්කරණ කටයුතු ඉතා කඩිනමින් අවසන් කරන ලෙස කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයින් වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම වසරේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් යෝජනා වී ඇති වැඩසටහන් රාශියක් ඇති අතර එක් කටයුත්තක් ලෙස මෙම නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් යන්ත්‍රය ලබාදීම පෙන්වා දිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දකුණු පළාතේ ජනතාවට විශාල සේවාවක් සපයන කරාපිටිය ශික්ෂණ රෝහලෙහි පැරණි අබලන් සීටි ස්කෑනර් යන්ත්‍රය වෙනුවට මෙම රුපියල් මිලියන 220 ක් පමණ වටිනා සීටී ස්කැනර් යන්ත්‍රය ලබාදුන් බව සෞඛ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක්

 

WhatsApp Image 2024 04 24 at 12.55.05 PM
ජපානයේ නිෂ්පාදිත අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලට ලබාදී ඇති අතර රෝහලේ විකිරණ විද්‍යා අංශය (Department of Radiology)  තුල ස්ථාපිත කර ඇත.

පසුගිය සදුදා දින මෙම  CT Scanner යන්ත්‍රය ස්ථාපිත කර යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරන ලද අතර අප්‍රේල් 24 වැනිදා සිට රෝගීන්ගේ  CT Scan  පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

මේ හරහා දිනකට  CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට හැකියා පවතිනවා මෙන්ම එමගින් දැනට CT Scanner පරීක්ෂණ කටයුතු සදහා වන පොරොත්තු ලේඛණ අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට රෝහල විශ්වාසය පළ කරයි.

 

WhatsApp Image 2024 04 24 at 12.55.03 PM
මීට පෙර ස්ථාපිත කර තිබූ සීට් ස්කෑන් යන්ත්‍රය වසර 15 ක් පමණ පරණ  CT Scanner යන්ත්‍රයකි. CT Scanner යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම අංශය සදහා අවශ්‍ය මානව සම්පත් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

(චතුරංග මේදිස්)


 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here