කාසල්රි ජලාශයේ ගිලී අතුරුදහන් වූ සිසුවාගේ සිරුර ගොඩගැනේ – Saru News Media දේශීය පුවත්

0
7

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර එම ජලාශයේ තිබි (18) දින රාත්‍රියේ ධිවරයන් පිරිසක් විසින් ගොඩගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.

මෙසේ කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ (12) වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ඩයස් ප්‍රනාන්දු ක්ලින්ටන් (17) නැමති පාසල් සිසුවයි.

කාසල්රි ජලාශයට යාබදවම පදිංචිව සිටි ජිවිතක්ෂයට පත් සිසුවා සිය පවුලේ සමාජිකයන් සමග  ඊයේ (18) දින පස්වරු 3.30 ට පමණ ජලාශයේ දිය නැමට ගොස් කාසල්රි ජලාශයට බැස මෙගොඩ සිට එගොඩ දක්වා පිහිනමින් සිටියදි දියේ ගිලි අතුරුදහන් වි ඇති බවයි මියගිය සිසුවා සමග දිය නැමට ගිය පවුලේ සමාජිකයන් කියා සිටියේ.

දියේ ගිලි අතුරුදහන් වු සිසුවාගේ සිරුර සොයා කාසල්රි ජලාශය භාර ආරක්ෂක අංශ නිලධාරින් , එම ජලාශයේ ධිවරයන් සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබුණි.

ජලාශයේ තිබි ගොඩගත් පාසල් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here