කෙල්ලගෙන් බැණුම් අහගන්නෙ නැතුව දෙන්නට කරන්න පුළුවන් සෙක්ස් ෆැන්ටසීස් කීපයක්! – Saru News Media

0
5

දැන් ඔය සෙක්ස් ෆැන්ටසි කියන ජාතිය ගැන අපි කලිනුත් Saru News Media එකෙන් හඳුන්වලා දීලා තියෙනවනේ. ඒ කියන්නේ යම් කෙනෙක්ට ලිංගික උත්තේජනයක් ලබාදෙන, හිතේ මවාගන්න යම් කිසි ලිංගිකත්වය හා සම්බන්ධ වුණු දෙයක් තමයි සෙක්ස් ෆැන්ටසි එකක් කියන්නේ. ඒක ඉතින් ඇත්ත ලෝකෙට ගේන්නත් පුළුවන්. හැබැයි අපි මෙතනදී සඳහන් කරලා තියෙනවා ඇත්ත ලෝකෙට ගේන එක ප්‍රශ්නකාරී ෆැන්ටසීස් ගැනත්. ඒ කියන්නේ එක්කෝ තමන්ගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි කරනවාට කිසිසේත්ම කැමති නැති ෆැන්ටසි එකක් තමන් කරන්න යන එක ප්‍රශ්නයක්. ඒ වගේම රටේ ලෝකේ සදාචාරයට සහ නීතිරීති වලට අනුව වැරැද්දක් විදියට ගන්න පුළුවන් ෆැන්ටසි එකක් වුනත් ඇත්ත ලෝකෙට ගේන්න යන එක බරපතළ ප්‍රශ්නයක් වෙනවා. හරි, එහෙම නැතුව සාක්ෂාත් කරගන්න පුළුවන් සෙක්ස් ෆැන්ටසීස් වුනත් ඕනෑ තරම් තියෙනවනේ. ඇත්තටම එක්කෝ කෙනෙක්ගේ ඔලුවේ දැන්ම තියාම ඒ වගේ ෆැන්ටසීස් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට කෙනෙක් ආස වෙන්න පුළුවන් වයිෆ් කිචන් එකේ ඉන්නකොට කිචන් ටේබල් එක උඩ එයත් එක්ක සෙක්ස් කරන්න. එහෙම නැතිනම් තමන්ගේ නිර්මාණශීලී පරිකල්පනය යොදවලා ඒ වගේ ෆැන්ටසීස් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඉතින් ඔය ෆිල්ම් වල, ටීවී එකේ එහෙම දැකලා තියෙන සෙක්ස් ෆැන්ටසි එකක් වුනත් අත්හදා බලන්න පුළුවන්!

 

එහෙමත් නැතිනම් මේ ලිස්ට් එකේ තියෙන සෙක්ස් ෆැන්ටසි වලින් එකක් තමන්ට සෙට් වෙයිද කියලා බලන්නත් පුළුවන්!

 

ඔය රෝල් ප්ලේ කියන්නේ ඇත්තටම සෙක්ස් කිරීම වඩාත් රසවත් කරගන්න පුළුවන් ෆැන්ටසි එකක්. ඔය බොස් සෙක්‍රටරි ෆැන්ටසි එකක් සමහරුන්ට තියෙන්න පුළුවනිනේ. හැබැයි ඉතින් ඇත්තට ඕක කරන්න යන එක සමහර විට කේස් වෙනවා විතරක් නෙවෙයි, ඒක අපිට අනුමත කරන්නත් බැරි දෙයක්. හැබැයි, එහෙමයි කියලා ඒ ෆැන්ටසි එක නොකර ඉන්න ඕන නෑ. නීති රීති බිඳහෙළන්නෙ නැතිව ඒක කරන්න ක්‍රමයක් තියෙනවා. 

ඔන්න වයිෆ් ඔෆිස් යන කිට් එකෙන් – අපි කියමු සාරිය ඇඳලා කියලා- ගෙදර මේසේ ගාව වැඩ කර කර ඉන්නවා. ඔන්න හස්බන්ඩ් ටයි එක එහෙම දාලා ඔෆිස් කිට් එකෙන් සැරසිලා එතනට එනවා. ඊට පස්සේ ඉතින් දෙන්නා එක්ක පොඩ්ඩක් ඉඟි බිඟි උකුළු මුකුළු වලට ගිහිල්ලා, ටිකෙන් ටික වැඩේට එන්ටර් වෙනවා. අන්තිමට ඕන නම් මේසේ උඩ තියෙන ලියකියවිලි අනං මනං බිමට ඇදලා දාලා මේසේ උඩම සෙක්ස් කරන්න පුළුවන්! ඕන නං වයිෆ් බොස් වෙලා, හස්බන්ඩ්ට එයා යටතේ වැඩකරන කෙනෙක් වෙන්නත් පුළුවන්!

 

දැන් ඔය ෆිල්ම් වල එහෙම පෙන්නන්නේ ආගන්තුක මනුස්සයෙක්ව පබ් එකේදී මුණගැහිලා, දෙන්නත් එක්ක කතා බතා කරන්න පටන් අරගෙන, එක දේකින් අනික් දේට ගිහිල්ලා අන්තිමට දෙන්නා සෙක්ස් කරන සීන්. සමහරුට ඇත්තටම ඔය වගේ වන් නයිට් ස්ටෑන්ඩ් ෆැන්ටසි තියෙනවා. හැබැයි ඉතින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් දෙන්නට හරි ඔය වගේ ෆැන්ටසි එකක් ඇත්ත කරගන්න බැරිද?

ඔන්න දෙන්නත් එක්ක රෙස්ටුරන්ට් එකකට හරි බාර් එකකට හරි ක්ලබ් එකකට හරි වෙන වෙනම යනවා. ඊට පස්සේ ඔන්න එක්කෙනෙක් අනික් එක්කෙනා එක්ක අඳුනන්නෙ නැති විදියටම රඟ පාමින් ෆ්ලර්ට් කරනවා. දෙන්නත් එක්ක ටිකෙන් ටික කතාබහෙන් කුළුපග වෙනවා. හැබැයි ඉතින් මේ චරිතය ඇතුළේ ජීවත් වෙන ඕන, හරිද. ආන්න එහෙම ගිහිල්ලා ගිහිල්ලා දෙන්නත් එක්ක එදාම අඳුනගත්තු කපල් එකක් වගේ ගෙදර ගිහින් සෙක්ස් කරනවා. ඒක වෙනම ෆීල් එකක් වෙනවට මෙන්න කැට!

 

සෙක්ස් කරන්න පාට්නර් කෙනෙක් ගෙදරම ඉන්නකොට මක්කටැයි ස්වයං වින්දනය කරන්නේ කියලද හිතුවේ? එහෙම හිතන්නෙපා. ස්වයං වින්දනය කියන්නේ සෙක්ස් කරන්න කෙනෙක් නැතිකමටම තනියෙන් ගන්න ආතල් එකක් නෙවෙයි. ඊට වඩා දෙන්නත් එක්කම ස්වයං වින්දනය කරන එකේත් වෙනම ෆන් එකක් තියෙනවා. ඇත්තටම ඒක සමහරුන්ගේ ෆැන්ටසි එකක්.

හිතන්න දෙන්නත් එක්ක එකම ඇඳේ දෙකෙළවරක ඉඳන්, එකිනෙකා දිහා බලාගෙන ස්වයං වින්දනය කරනවා කියලා. මෙතනදී දෙන්නට දෙන්නා දිහා බැලීම වගේම, අනික් කෙනා ස්වයං වින්දනය කරන දිහා බලන එකත් වැඩි උත්තේජනයක් සපයනවා. ඕන නම් දෙන්නට දෙන්නාට රාගික හැසිරීම් පෙන්වීම වගේ උදවු පදවු වුනත් කරගන්න පුළුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here