Google search engine
Home ගොසිප් පුවත් කෝටි ගානක මැණික් ගලක් ඇල්ලේ හෝට­ල­යක වෙන්දේ­සි­යේ

කෝටි ගානක මැණික් ගලක් ඇල්ලේ හෝට­ල­යක වෙන්දේ­සි­යේ

0
12

gem-stone-ella-hotel

අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 60ක මිල­කට තක්සේරු කර ඇතැයි පැවැ­සෙන කොර­න්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේ­ශයේ හෝට­ල­යක අලෙ­විය සඳහා තැන්පත් කර තිබේ.

වර්ෂ 2022දී බළ­න්ගොඩ රජ­වක ප්‍රදේ­ශයේ මැණික් පත­ල­කින් හමුවූ නිල් හා සුදු පැහැති මෙම කොර­න්ඩම් ස්ඵටි­කය කිලෝ­ග්‍රෑම් 802ක් බර වන අතර රුපි­යල් කෝටි ගණ­නක් වටිනා බව ද මේ වන විට ගැනු­ම්ක­රු­වන්ට පරික්ෂා කොට මිල ගණන් ඉදි­රි­පත් කිරී­මට අව­ස්ථාව සල­ස­මින් ප්‍රද­ර්ශ­නය කරන බව ද එම මැණික් ගල භාරව සිටින කුෂාන් පී. සෙනෙ­වි­රත්න මහතා පව­සයි. එසේම මේ වන විටත් ගැනු­ම්ක­රු­වන් කිහි­ප­දෙ­නෙක් මෙම ගල පරික්ෂා කර බලා මිල ගණන් ඉදි­රි­පත් කර ඇති බවත් තව­දු­ර­ටත් ගැණු­ම්ක­රු­වන්ට ඒ සඳහා අව­ස්ථාව ඇති බවත් හෙතෙම වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

අදාළ අංශ­යන් මඟින් ලබා ගත් සහ­තික හා තක්සේරු වාර්තා ද සමඟ මේ වන විට ලංකාවේ ඇති කොර­න්ඩම් වර්ගයේ විශා­ලම කෞතු­කා­ගාර ගල බව කියන මෙම මැණික් ගල ප්‍රද­ර්ශ­නය සඳහා තැන්පත් කොට ඇත්තේ ඇල්ල මවුන්ට් හෙවන් හෝට­ල­යේය.

හාලි­ඇළ ආර්.එම්. විජේ­රත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here