කොරෝනාවෙන් බැට කන දේශපාලන ලෝකයේ බලවත්තු – Saru News Media

0
8

කොරෝනා ගෝලීය වසංගතය මිනිස්සුන්ව වහගෙන පැතිරිලා යන්නේ කවුද කින්ද මන්ද කියන කාරණා ගැන වගේ වගක් නැතුව. රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් කියන කතාව සිහිපත් කරවගෙන දේශපාලන ලෝකයට සම්බන්ධ වුණ බොහෝ අයටත් කොරෝනාව වැළඳුණා. මේ සමහරු සම්පූර්ණ සුවය ලැබුවා. තවත් අය තාමත් රෝගයත් එක්කමයි.


එංගලන්තයේ මීළඟට ඔටුන්න හිමි කුමාරයටත් කොරෝනා වැළඳුණා කිව්වම ඒක එංගලන්තයට නෙවේ මුළු ලෝකෙටම ෂොක් එකක් වුණා. මොකද එච්චර සුවපහසුවක්, ආරක්ෂාවක් විඳින කෙනෙක් ළඟට මේ රෝගය යනවා නම් අනික් මිනිස්සු ගැන කවර කතා ද කියන මානසිකත්වය එක්ක. ස්වයං නිරෝධායනයකට ලක් වුණ චාර්ල්ස් කුමාරයා දැන් සම්පූර්ණ සුවය ලබලා ආපහු තමන්ගේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා. 


මොනාකෝ රාජ්‍යයේ ඇල්බට් කුමාරයාව හඳුන්වන්නේ ලෝකයේ ඉන්න ධනවත්ම පුද්ගලයෙක් විදියටයි. මේ කුමාරයත් සති දෙකක් ම ස්වයං නිරෝධායනය වෙලා දැන් සුවය ලබමින් පසු වෙනවා. කුමාරයම මාධ්‍යයට කියන විදියට එයාට දැන් ගණන් ගතයුතු නැති චූටි කැස්සක් ලු තියෙන්නේ. ධනය බලය මොනවා තිබ්බත් කොරෝනාවේ බරපතලකම එක්ක ඇල්බට් කුමාරයා නම්පචම් නොකියා දවස් 14ක් නිරෝධායනය වුණා.

 


එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා වැළඳීම පුවත් මවන සිද්ධියක් බවට පත්වන්නේ හදිසි ප්‍රතිකාර අංශයට ඔහුව ඇතුල් කිරීමත් එක්ක. නමුත් දැන් ඔහු සුව වෙමින් පවතිනවා ලු. පණිවිඩයක් නිකුත් කරලා රෝහලේ කාර්‍යමණ්ඩලය අගය කරන්නත් ඔහු අමතක කරේ නෑ. ඔහුගේ වචනයෙන් ම කිව්වොත් ඔවුන්ට තමන්ගේ මුළු ජීවිතයෙන් ම ණයගැති වෙනවා.


කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ තමයි සොෆී. සොෆීට මේ වින්නැහිය වෙලා තියෙන්නේ එක්සත් ජනපදයට ගියපු චාරිකාවක් එක්කයි. සොෆීගේ ස්වයං නිරෝධායනේ එක්ක අගමැති මහත්තයටත් නිරෝධායනය වෙන්න සිද්ධ වුණා. මේ දේශපාලන බලවතුන්ගේ ඉඳලා බවලතුන් දක්වාම දකින්න තියන සාධනීය කාරණාවක් තමයි සෞඛ්‍ය උපදෙස්වලට අවනත වීම.


ඉරානය කොරෝනාව නිසා සෑහෙන ලොකු අර්බුදයකට පත් වුණ රටක්. ඉරානයේ උප ජනාධිපතිනිය වන මසූමේ එබ්ටෙකාර්ටත් ඒකෙම් ගැලවීමක් නොලැබුණේ ඒ නිසයි. ඉරානයේ ඉහළ ම තනතුරක් දරන කාන්තාව වෙන්නෙත් මසූමේ තමයි. ඒ වගේ ම එරට කොරෝනා වැළඳුණ දේශපාලන ලෝකයේ ඉහළ ම තනතුර දරන්නිය විදියටත් ඇය ගැන කියවෙනවා.


ඇමරිකාවේ දේශපාලන යාන්ත්‍රණය තුළ කොරෝනා වැළඳුණ ප්‍රථම ජන නියෝජිතයා බවට පත්වෙන්නේ ෆ්‍රැන්සිස්. ඔහු නිරෝධායනය වෙලා අවශ්‍ය ප්‍රතිකාර ගත්තායින් පස්සේ දැන් සුව අතට හැරිලා බව වාර්තා වෙනවා.


බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන බර්කිනා ෆාසෝහි අධ්‍යාපන ඇමති, විදේශ ඇමති ඇතුළු ව බොහෝ දේශපාලනඥයන් කොරෝනා ආසාධිත තත්ත්වයට පත් වෙලා තියනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here