කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල කප්පාදුවක්

0
17

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පස්වරු 05 සිට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ කොළඹ 05, කොළඹ 06, දෙහිවල – ගල්කිස්ස සහ මොරටුව මහ නගර සභා බලප්‍රදේශ, ජයන්තිපුර හා පැලවත්ත ප්‍රදේශවල එලෙස ලබන ඉරිදා පෙරවරු 07 දක්වා ජලය සැපයීම අත්හිටුවන බවයි. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවල එලෙස ජල සැපයුම අත්හිටුවනවා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here