ගැබ් ගැනීම් වළකාලන හෝර්මොන කරල් තැන්පතුව ගැන ඔබ දැනගත යුතුම දේවල් – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
43

පවුල් සැලසුම්කරණය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකම නිසාම බොහෝ කාන්තාවන් යුග දිවිය තුළදී බොහෝ සෙයින් අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම අනිසි ගැබ් ගැනීම් වලක්වා ගැනීමට නොහැකිවීම හේතුවෙන් කාන්තාවන් විවිධ ගැටලුවලට මුහුණපානව. මේ සඳහා විවිධාකාරයේ උපත් පාලන ක්‍රම තිබුණත් ඇතැම්විට ඒවා මගින් ඇති කරන අහිතකර බලපෑම් නිසා බොහෝ කාන්තාවන් එම ක්‍රම අනුගමනය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ‍. ඒ අතර හොර්මෝන කරල් තැන්පතුව පිළිබඳවත් බොහෝ දෙනා අතර පවතින්නේ නොපැහැදිලි බවක්. නමුත් මේ ලිපිය ඔබට ඉතාමත් වැදගත් වේවී.

සමයට තැන්පත් කරන හෝමෝන කරල් තැන්පතුව දීර්ඝ ක්‍රියාකාරීත්වයක් ඇති පොජෙස්ට්‍රෝන් හෝමෝනය පමණක් අඩංගු පවුල් සැලසුම් ක්‍රමයක් ලෙසට පිළිගැනේ. මෙහිදී සිදුවන්නේ ඩිම්බ මෝචනය වැළැක්වීම, ගැබ්ගෙල ආශ්‍රිත ශ්ලේෂ්මලකයේ ඝනකම වැඩි කිරීම. (එමගින් ශුක්‍රානු ගර්භාෂයට ඇතුළු වීම වළකාලයි)

තවද ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඝනකම අඩු කිරීමද මෙමගින් සිදුවන අතර ඉන් කලලය තැන්පත්වීම වළකාලයි.

මේ සඳහා භාවිත කරන කරල් වර්ග කිහිපයක් වෙළෙඳපොළේ තිබේ. කරල් එක සහ දෙක බැගින් මෙය තැන්පත් කෙරෙන අතර, එහි ක්‍රියාකාරී කාලය පිළිවෙළින් වසර තුන සහ පහක් ලෙස දැක්විය හැකිය. මෙම හෝමෝන කරල් වෙළෙඳ නාම කිහිපයක් ඇත.

ඔසප් වීම ආරම්භ වී ඇත්නම් පළමු දින හත ඇතුළත හෝ ඔසප් චක්‍රෙය් ඕනෑම දිනක මෙම කරල් තැන්පතුව කරගත හැකියි. එය කළ යුත්තේ ගැබ් ගැනීමක් සිදුව නැති බව නිවැරදිව තහවුරු කරගැනීමෙනි. මෙම තැන්පතුව කළ දිනයේ සිට දින හයක් ගතවනතුරු ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්නේ නම් කොණ්ඩමයක් භාවිතය වැදගත්ය.

කිරිදෙන මවක් නම් දරු ප්‍රසූතියෙන් සති හයකට පසුවද, කිරි නොදෙන මවක්ට නම් දරු ප්‍රසූතියෙන් සති හතරකට පසුවද එය ඇරඹිය හැකිය. ගබ්සාවක් සිදුවූ කාන්තාවක් නම් (දරු ගැබ ගබ්සා වූයේ මුල් මාස තුන තුළදී නම්) පළමු සතිය ඇතුළත ද මුල් මාස තුනෙන් නම් සති හතරකට පසුවද එය තැන්පත් කරගත හැකිය.

වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරමින් සිට මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් ඒ ගැන ද සැලකිලිමත් විය යුතුය.

එහිදී ගිලින පෙති භාවිත කළේ නම් එම පැකැට්ටුවක් භාවිතය අවසානයේ ඕනෑම අවස්ථාවක මෙම කරල් තැන්පත් කිරීම කළ හැකිය

පවුල් සැලසුම් එන්නත භාවිත කළේ නම් අවසන් එන්නත ලබාගත් දිනේ සිට දින 90 ක් ඇතළත මෙය ලබාදීම සාර්ථකය.

ගර්භාෂය තුළ තැන්පත් කරනු ලබන ලූපයක් පැලඳ සිට මෙම ක්‍රමයට පැමිණියේ නම් ඔසප් වීම ආරම්භ වී පළමු දින පහ තුළ මෙය තැන්පත් කළ හැකිය.

සාර්ථක බව

මෙය 99.9ක්ම ඉහළ සාර්ථකත්වයක් පෙන්වනු ලබයි. ඔසප් වීම ආරම්භ වී පළමු දින පහ තුළ එම කරල් තැන්පත් කිරීමෙන් ඉක්මනින් ක්‍රියාකාරීත්වයක්  බලාපොරොත්තු වීමට හැකිය.

මෙම කරල් තැන්පතුව සිදුකර ගැනීමේදී ඒ පිළිබඳ පුහුණුව ලැබූ පුද්ගලයකු විසින් කළ යුතු අතර එය විෂබිජහරණය කළ තත්ත්ව යටතේ සිදු කළ යුතුය. මෙම කරල් තැන්පතුව සිදුකරනු ලබන්නේ උඩ බාහුවේ ඇතුළත පැත්තේ වැලමිටට අඟල් පහක් පමණ ඉහළිනි. මෙය මඳක් වේදනාකාරී වීමට ඉඩ ඇති අතර, එබැවින් මෙම තැන්පතුව සිදු කිරීමට ප්‍රථම බාහුවට නිර්වින්දන එන්නතක් ලබාදෙනු ලැබේ. එය ලබාදෙන්නේ වේදනාව අවම කිරීම සඳහායි.

මෙම තැන්පතුවේ නියමිත කාලසීමාව ඉක්මවා යනවිට දෙවැනි හෝමෝන කරල එම බාහුවේ හෝ අනෙක් බාහුවේ තැන්පත් කිරීම කරගත හැකිය. හෝමෝන භාවිතය නුසුදුසු වෙනත් රෝගී තත්ත්ව නොමැති නම් වයස අවුරුදු පනහ දක්වා කාන්තාවන්ට මෙම පවුල් සැලසුම් ක්‍රමය අනුගමනය කිරීමට බාධාවක් නැත. නැවත සරුභාවය ලබාගැනීමට අවශ්‍ය නම් එම තැන්පතුව ඉවත් කළ වහාම සාමාන්‍ය පරිදි සරුබව බලාපොරොත්තු වීමට හැකියාව ඇත.

සුදුසු කාටද?

ඊස්ට්‍රජන් හෝමෝනය භාවිතය සුදුසු කාන්තාවන්ට මෙය වඩාත් ගැළපේ. පළමු ගැබ් ගැනීම වසර 3 සිට 5 අතර කාලයක් පමා කරන්නට අදහස් කරන්නේ නම් සහ දරුවන් අතර මෙම පරතරය තබා ගැනීමට කැමැති පවුල්වලට මෙය වඩාත් සුදුසුය.

පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතයෙන් පසු ලිංගික සංසර්ග ක්‍රියාවලියට එමගින් බලපෑමක් ඇතිවේද යන කාරණය ඇතැමුන්ට ගැටලු ඇති කරන්නකි. මෙම ක්‍රමය මගින් එම ක්‍රියාවලියට  බලපෑමක් සිදුනොවන අතර සාර්ථක දිගුකාලීන ක්‍රමයක් ලෙස මෙය භාවිත කළ හැකිය. හෘද කපාට ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇති අයකුට වුවද මෙම ක්‍රමය ගැළපේ.

අතුරු ආබාධ

මෙහිදී ප්‍රධාන  වශයෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, ඔසප් නතරවීම හෝ බින්දු වශයෙන් රුධිරය වහනය වීම සිදුවිය හැකිය. මේ අතර සිරුරේ බර වැඩිවීම, ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩුවීම, හිසරදය හා කරකැවිල්ල මෙහි කලාතුරකින් ඇතිවන අතුරු ආබාධය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here