ගෑණු ළමයෙක්ගේ අවධානය හොඳ විදියට පටස් ගාලා ලබාගන්න ටිප්ස් කීපයක්! – Saru News Media

0
6

ආයෙ ඉතින් ස්ට්‍රේට් කොල්ලෙක් නං ඉතින් ගෑණු ළමයෙක් තමන් දිහා බලනවට, ගෑණු ළමයෙක්ගේ අවධානයට තමන් යොමුවෙනවට ආසයිනේ. ස්ට්‍රේට් කොල්ලො විතරක් නෙවෙයි ඉතින්, ලෙස්බියන් නැතිනම් බයිසෙක්ෂුවල් ගෑණු ළමයෙක් වුණත් කැමතියි තමන්ගේ හිත ගියපු තවත් ගෑණු ළමයෙක්ගේ අවධානය තමන් කෙරෙහි යොමුවෙනවට. දැන් ඔය අවධානය පොසිටිව් පැත්තට යොමු කරගන්න වැඩේට ඉතින් කොල්ලො ගොඩක් වෙලාවට දාන නොයෙකුත් කස්තිරම්, දහඅට වන්නං තියෙනවනේ. හැබැයි ඔය ගොඩක් එව්වා එහෙම කඩදාසිය ලිපේ දාලා ඇවිත් කරන්ඩ බෑ. එව්වට වෙලා යනවා. හැබැයි අපිට සමහර අවස්ථා තියෙනවා, තියෙන සීමිත වෙලාව ඇතුළත උපරිම ප්‍රතිඵලයක් ගෙන දෙන විදියේ දේවල් කරන්න.

උදාහරණයක් විදියට කිව්වොත්, බස් එකේ යනකොට ගෑණු ළමයෙක්ට හිත ගියොත් එහෙම, ආයෙ බස් එකෙන් බහින්න කලින් කෙල්ල අපිව නෝටිස් කරන ලෙවල් එකට වැඩේ ගොඩදාගන්න ඕන. එතකොට ඔය ට්‍රිප් එකක් කාරිය ගිහින් එහෙම ගෑණු ළමයෙක් දැක්ක වෙලාවක වුණත් එමම තමයි. ආයෙ කෙල්ල තමන් ආපු නඩෙත් එක්ක වාහනේ නැගලා ගියොත් ආයෙ ජීවිතේට මුණගැහෙන්න වෙන එකක් නෑ.

ඉතින් ආන්න ඒ වගේ හදිසි අවස්ථා වලට පාවිච්චි කරන්න කියාපු ට්‍රික්ස් කීපයක් තමයි මේ!

මේක ඉතින් හදිසියේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද, ඩස්පියා වගේ බස් එකේ ඉන්නකොට ලස්සන කෙල්ලෙක් දැක්ක කියලා බස් එකෙන් බැහැලා දුවල ගිහින් හොඳ කිටක් දාගෙන එන්නද? බෑනේ. ඊට වඩා හොඳයි, පුරුද්දක් විදියට හොඳට අඳින්න පළඳින්න හැකි නම් කොහේ ගියත්. ඒ කියන්නේ කඩේට යන්නත් කිට මරලා යන්න කියන එක නෙවෙයි. තමන්ට ගැලපෙන ෆැෂන් හොයාගෙන, කොහේට ගියත්, ඒ යන තැනට අනුකූලව පිරිසිදුවට, පිළිවෙලට සහ ෆැෂනබල් විදියට ඇඳලා ඉන්න එක. ඒ වගේම, තමන්ගේ පෙනුම හොඳින් පවත්වාගෙන ඉන්න එක. සාමාන්‍යයෙන් හොඳින් ඇඳ පැළඳගෙන ඉන්න මනුස්සයෙක්ව කොහේ ගියත් අනික් සෙනඟ අතරේ කැපිලා පේනවා. ඉතින් තමනුත් එහෙම ඇඳුමෙන් පැළඳුමෙන් හොඳ පෙනුමක් සහිතව ඉන්නවා නම්, සමහරවෙලාවට ගෑල්ලමයට තමන්ව නෝටිස් කරන්න අමුතුවෙන් දෙයක් කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.මොකද, ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක සෑහෙන්න දුරට යන නිසා!

දැන් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය ලස්සන කෙල්ලෙක් දැකපු ගමන් මොකද කරන්නේ? එයා දිහා බලන්න පටන් ගන්න එක. හා නැද්ද? ඔව්. එහෙම බලන්න පටන් අරන්, එක්කෝ එයා බලනකොටම අහක බලාගන්නවා. ආයෙ හොරෙන් හොරෙන් බලනවා. ආයෙත් දැක්ක ගමන් අහක බලාගන්නවා. හැබැයි ඉතින් ඕක දිගටම කර කර ඉඳලා බලනකොට නංකි බැහැලා ගිහිල්ලා බස් එකෙන්! ඇත්තටම බැලුවට කමක් නෑ. හැබැයි හොරෙන් හොරෙන් බලලා අහක බලාගන්නවට වඩා හොඳයි, කෙලින්ම ඇස් දෙක දිහාම බලන එක. ඔව්, ඒ කියන්නේ අයි කොන්ටැක්ට් එකක් හදාගන්න එක. හැබැයි මතක තියාගන්න, ඒ කියන්නේ මෝහනය කරන්න වගේ කෙල්ලගේ ඇස් දෙක දිහාම බලාගෙන ඉන්න එක නෙවෙයි. චාන්ස් එකක් ආපු ගමන් ඇස් දෙකට ඇස් දෙක යාවෙන විදියට බලන්න. පොඩි හිනාවක් එක්ක. හැබැයි ඊලඟට වෙන පැත්තක් බලන්න. ඇස් දෙක දිහාම බලාගෙන ඉන්න ගියහම අපිට කොයිල් කියලා හිතයි.

හරි, අපි ඇත්තම කතා කරමුකෝ. කොහේදී හරි දකින සමහර ආගන්තුක ගෑණු ළමයෙක් මේ සිරි ලංකාවේ නං ලේසියෙන් කොල්ලෙක් එක්ක හිනාවෙන්නෙ නෑ. හැබැයි ඔය සමහරු ගැන කතා කරනකොට, ඔය හිනාවෙනවද නැද්ද කියන එකත් කෙනා මත රඳා පවතිනවා. උදාහරණයක් විදියට අපි කියමු ඇහැට කණට පේන්න ඉන්න කොල්ලෙක් කියලා. එහෙමනම් හිනාවට රිටර්න් හිනාවක් ලැබීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. එහෙම නැතුව ඉන්න කොල්ලෙක් නං ගස්සලා බැලීමක්, රැවුමක් වගේ දෙයක් හිනාවට රිටර්න් එක විදියට ලැබෙන්නත් පුළුවන්. දැන් පැහැදිලියි නේද අර පළවෙනි කාරණාව කියන්න හේතුව? හරි, කතාවට ආවොත්, ඕනම කෙනෙක් තමන්ගේ හොඳම හිනාව ගැන දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ, තමන්ට හොඳටම ලස්සනට හිනාවෙන්න පුළුවන් විදි පොඩ්ඩක් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ප්‍රැක්ටිස් කරලා තියෙන එක හොඳයි. අන්න එහෙම හිනාවෙන්න ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම්, තමන්ගේ හිනා සංචිතයෙන් ලගන්නා සුළු මඳ සිනාවක් තමයි මෙතනට ඕනෑ කරන්නේ. උඩින් කියපු විදියට අයි කොන්ටැක්ට් එකක් එක්ක මඳ සිනාව පාලා බලන්න.

මේකත් ඇත්තටම ගෑණු ළමයෙක්ව නෝටිස් වුණහම විතරක් කරන්න ඕන දෙයක් නෙවෙයි. මේක ඇත්තටම තමන්ගේ පර්සනැලිටි එක වෙන්න ඕන දෙයක්. සරලවම කිව්වොත්, තමන්ව පිරිසක් අතරේ පවා කැපී පේන්න ඕන. අපි මුලිනුත් කිව්වනේ හොඳට ඇඳලා පැළඳලා ඉන්න එක, පෙනුම පවත්වාගෙන ඉන්න එක ඒකට වැදගත් කියලා. හැබැයි ඒ විතරක් මදි. තමන් හිටගෙන හෝ වාඩිවෙලා හෝ ඉන්න ඉරියව්ව, තමන් අනික් අයත් එක්ක කතාබහ කරන විදිය, කොටින්ම කියනවා නම් තමන්ගේ විදිය මෙතනදී වැදගත් වෙනවා. දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා, කාමරේකට ඇතුළු වුණහම ඒ කාමරේ ඉන්න හැමෝගෙම අවධානය නිකම්ම ලැබෙන විදියේ අය? ආන්න ඒ විදියේ පර්සනැලිටි එකක් තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒක විශේෂයෙන්ම ඊලඟ ස්ටෙප්ස් වලට වැදගත්!

මෙන්න මේක තමයි කාරණාව. ගොඩක් වෙලාවට, බහුතරයක් වෙලාවට කෙල්ලෙක් ඉස්සර වෙන්නෙ නෑ! ඒ වගේම, වෙන කෙනෙක් කරන්න පැකිළෙන, නිර්භීත දෙයක් කොල්ලෙක් කරනවටත් කෙල්ලෙක් කැමතියි. ඒ කියන්නේ නන්නාඳුනන කෙල්ලෙක් එක්ක කතා කරන්න ඉදිරිපත් වීම වගේ. අන්න ඒ නිසා, තමන් ආකර්ෂණය වෙන ගෑණු ළමයෙක් මුණගැහුණු වෙලාවකට, එයාව ආයෙමත් දකින්න ලැබෙයි කියලා ෂුවර් එකකුත් නැතිනම්, තමන් ඉදිරිපත් වෙලා පළමුවෙනි අඩිය තියන්න. මේ කියන්නේ යාළුවෙක් අතේ පණිවිඩ අරින්න, සහායක ඩැනීලව යොදාගන්න යන්නෙ නැතුව තමන්ට ඉදිරිපත් වෙන එකෙන් ලකුණු වැඩිපුර දාගන්න පුළුවන් වෙයි කියලා තමයි. මෙතනදී පළවෙනි ස්ටෙප් එක විදියට එයත් එක්ක කතා කරන්නම අවශ්‍ය වෙන්නෙත් නෑ. එයා කරමින් ඉන්න දේකට තමනුත් ගිහින් දායක වෙන එක පවා එතනදී වැඩ කරන්න පුළුවන්. ඇත්තටම අපිට ඕකෙන් නැතිවෙන්න දෙයක් නැහැනේ. ඕන නං අපි කතා කළාට කතා නොකර ඉඳියි. කමක් නෑ. අපි ට්‍රයි එකක් දුන්නනේ!

දැන් පළවෙනි ස්ටෙප් එක විදියට අපි කියමුකෝ එයා කරමින් හිටපු වැඩකට සහභාගි වුණා, එහෙම නැතිනම් එයා ඉන්න තැන මොකක් හරි දේකට සෙට් වුණා කියලා. එහෙමනම් දෙවෙනි ස්ටෙප් එක තමයි එයත් එක්ක කතා කරන එක. අපි උඩිනුත් කියපු විදියට ඕන නම් පළවෙනි ස්ටෙප් එක විදියටමත් එයත් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි ඔය කෝක කොහොම වුණත්, විශේෂයෙන්ම මතකයේ තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ගොබ්බ නොවීම. ඒ කියන්නේ ෆුල් පැණි සීන් එකෙන් ගිහින්, කෙඳිරිගාන හඬින් “නංකි, ඔයා කොහෙද ඉන්නෙ?” කියලා අහන එකට සිරා කෙල්ලෙක් නම් රිප්ලයි කරන්නවත් තියෙන ඉඩ සෑහෙන්න අඩුයි. මෙහෙම කතා කරනකොට මතක තියාගන්න ඕන දෙයක් තමයි ආචාරශීලී වීම. සිම්පල් හෙලෝ එකක් වුණත් ගොඩක් වෙලාවට ප්‍රමාණවත් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සෙ ඕන නම් බොහොම සරල විදියට “කොහොමද” කියලා අහන්නත් පුළුවන්. එතනින් එහාට ඉතින් ග්‍රීන් ලයිට් තියේ නම් කතාව ඇදගෙන යන්න පුළුවනිනේ! හැබැයි තව දෙයක් තියෙනවා. කෙලින්ම කම්ප්ලිමන්ට් එකකින්, ඒ කියන්නේ ප්‍රශංසාවකින් වැඩේ පටන් ගන්නත් පුළුවන්. “ලස්සන කොණ්ඩයක්” වගේ දෙයක් මෙතනදී අවුලක් නැතිව කියනන් පුළුවන්. හැබැයි “යූ ලුක් හොට්”, “යූ ලුක් කියුට්” වගේ කම්ප්ලිමන්ට්ස් වලින් ඈත් වෙලා ඉන්න එක හොඳයි!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here