අධිකරණ ඇමති ධූරය අහිමි වෙයිද? – විජයදාසගෙන් ප්‍රතිචාර

0
13

සිය අමාත්‍ය ධූරය අහිමි කිරීමට කිසිදු හේතුවක් නොමැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

වැටී තිබූ රට ගොඩගැනීමට සිය අමාත්‍ය ධූරය හරහා තමන් සිදු කළ කාර්යයන් පිළිබඳ සියලු පාර්ශවයන්ට මනා අවබෝධයක් ඇති බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඉකුත් දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්වූ ඔහුගේ පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කෙරුණා.

එමෙන්ම ඇතැමුන් තමන්ට එල්ල කරන චෝදනාවලටද අමාත්‍ය විජයදාස රාජපක්ෂ එහිදී අදහස් පළ කළා. 

new2023 voice · WIJEDASA 02

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් නොමැති බවත් අර්බුදය ඇත්තේ තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ එහිදී වැඩිදුරටත් කියා සිටියා.

new2023 voice · WIJEDASA 01

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here