ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

0
13

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 05ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ සැමරුම් වැඩසටහනකදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමන්ට එල්ල කළ චෝදනා කිහිපයකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදී තිබෙනවා. 

ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. කාදිනල් හිමිපානනන් විසින් එල්ල කරන ලද චෝදනා 04කට එම නිවේදනයේ පිළිතුරු සඳහන්වී තිබෙනවා. 

කාදිනල් හිමිපානන් පවසන ආකාරයට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව තමන් කිසිසේත් ප්‍රකාශ කර නොමැති බවයි එහි දැක්වෙන්නේ. 

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබාදී රිමාන්ඩ් භාරයට පවා පත්කළ බවට කාදිනල්තුමන් එල්ල කළ චෝදනාවද ප්‍රතික්ශේප කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

මෙම සම්පූර්ණ නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here