Google search engine
Home ගොසිප් පුවත් ජනපති පුටුවට දැනටම 8 ක් තරගවදින ලකුණු

ජනපති පුටුවට දැනටම 8 ක් තරගවදින ලකුණු

0
8

president-election-candidates

 ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සදහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් ඇත.ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වීමට දැනට තීරණය කර සිටින්නෝ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකු වන ඉශාන් ජයවර්ධන යන මහත්වරු වෙති.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එම පාක්ෂිකයෝ පසුගියදා ඉල්ලීමක් කළහ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසුවේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ තීරණය ඉදිරි සති කිහිපයේ දී දැනුම් දෙන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැති අතර මේ සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ ජනාධිපතිවරයා කවුදැයි තීරණය කිරීමේ බලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයේ මැයි දින රැලියේ දී ප්‍රකාශයට පත් කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී තවත් අපේක්ෂකයන් එක්වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ අනුමාන කරති.මේ අනුව ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.මීට පෙර පැවති ජනාධිපතිවරණයේ දී (2019) ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව 14කි. මෙවර ජනාධිපතිවරණයේ දී එම සංඛ්‍යාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් මුල් සතියේදී පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරණය මුලින්ම පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගියදා ප්‍රකාශ කළේය.

(සුජිත් හේවාජුලිගේ)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here