ජනාධිපති මගේ ගෙදර සාදයකට ආවා.. හොරෙන් නොවේ මං කෙලින්ම රනිල්ට කතා කරනවා..

0
10

ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් බවත් අදාළ මුදල් ප්‍රතිපාදන විමධ්‍යගත අරමුදලින් මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරන ඒවා බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

තමන් පමණක් නොව තවත් මන්ත්‍රී කණ්ඩායමක් ද මෙලෙස මුදල් ලබාගෙන ඇති නමුත් තමන් ඇතුළු කීපදෙනෙකුගේ නම් පමණක් උලුප්පා දක්වමින් ඇතැම් පිරිසක් දේශපාලන ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවද සදහන් කරයි.

තමන්ට රනිල් වික්‍රමසිංහ හමුවීමට කිසිදු බාධාවක් නොමැති බවත් තමා කැමති ඕනෑම මොහොතක ඔහු හමුවන බවත් පැවසූ කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පසුගිය මහ සිකුරාදා දිනයේදී කොළඹ පිහිටි තම නිවසේ රාත්‍රී සාදයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණි බවද හෙතෙම පවසයි.

එම සාදය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබුණද ඔහු වෙනත් කටයුත්තක් හේතුවෙන් ඊට සහභාගි නොවූ බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here