නවෝත්පාදන හැකියාවෙන් සවිමත්, තාක්ෂණික අතින් දියුණු​ම රටවල් – Saru News Media

0
6

තාක්ෂණික අංශයෙන් නව නිපැයුම් ලොව වටාම රට රට වල බිහි වෙනවා. ඒත් ඒවා නිසි යාන්ත්‍රණ වලින් ශක්තිමත් වෙලා අවසාන නිෂ්පාදනයක් විදිහට හැම තැනින්ම එළියට එන්නේ නැහැ. ඒ වගේම ඇතැම් දුප්පත් රටවලට අධ්‍යාපනය හරහා නව නිපැයුම් කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒත් ඒ නව නිපයුම් නව නිෂ්පාදන විදිහට වෙළ​ඳපොලට දාන්න වෙ​ළ​ඳපොල හැකියාව සහ කර්මාන්ත හැකියාව ඔවුන්ට නැහැ. එතකොට ඒවා නව නිමැවුම් විදිහටම ව​ළපල්ලට යනවා. ඒත් තාක්ෂණික හැකියාව වැඩි රටවලදි නව නිමැවුම් නව ඒවා විදිහටම නවීන ලෝකයට මිලදී ගන්නට අවස්ථාව ලැබෙන තැන දක්වාම දියුණු වෙනවා. 

 

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසන විදිහට ජර්මනිය කියන්නේ තව දුරටත් බඩු වෙළඳාම් කරන රටක් පමණක්ම ​නෙමෙයි. ජර්මනිය තු​ළ දෙවන ලෝක යුද්ධයෙන් පසුව අද දක්වා බඩු භාණ්​ඩ නිෂ්පාදනය ​කෙරනවා. එයින් හයි ටෙක්, ඒ කියන්නේ සංකීර්ණ නවෝත්පාදන බිහිකරන්න ජර්මනියට විශේෂ හැකියාවක් තියෙනවා. යාන්ත්‍රික ඉංජිනේරු කාර්යයන් වලට යන්ත්‍ර, එන්ජින් ආදිය නිපදවන්න ජර්මනිය බොහොම දක්ෂයි. ලොව පුරා සුවිශාල යන්ත්‍ර සූත්‍ර සැපයීම අතින් ජර්මනියට තියෙන කු​සලතාවය අනෙක් රටවලට වඩා වැඩියි. නිපදවීමේ අංශ වලිනුත් වෛද්‍ය උපකරණ සහ ඖෂ​ධ කර්මාන්ත ආදියට අවශ්‍ය දේවල් නිර්මාණ​ය කරන්නත් ජර්මනිය දක්ෂ වෙලා තියෙනවා. 

 

ලංකාවෙන් දකුණු කොරියාවට ගිය යහළුවෙක් එක්ක ටිකක් කතා බස් ක​ළොත් දකුණු කොරියාව කියන්නේ කොපමණ දියුණු රටක්ද කියලා අපිට දැනගන්නට හැකියි. කොරෝනා වෛරස තත්ත්වයට වු​ණත් ඉතා ඉක්මනින් ඒ අවශ්‍ය තාක්ෂණික වටපිටාව සකසා ගෙන, අඩුවෙන් රට වහලා, ඒත් වෛරසය වැළඳීම් හැකිතාක් අඩුකරගන්නට දකුණු කොරියාවට හැකි වුණා. ලොව පුරා ජනප්‍රිය සැම්සන් (Samsung), හුන්ඩාය් (Hyundai), එල් ජී (LG) වගේ ආයත​න දකුණු කොරියාව මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ සමාගම් හරහා විශාල පරාසයක බඩු භාණ්​ඩ නිෂ්පාදනය වෙනවා. සැම්සන් සමාගම අපි හැමෝම දන්න විදිහට ටීවී සහ ස්මාට්ෆෝන් වෙළ​ඳපොල තු​ළ ලංකාවෙදිත් ජනප්‍රියයි. ඒත් විශාල සැම්සන් සමාගමේ හැකියාව ඊට වඩා විශාල පරාසයක පැතිරිලා තියෙනවා. 

 

සිංගප්පූරුව කුඩාම රටක්. ඒත් කුඩා වපසරියක ඉ​ඳගෙන නැගෙනහිර ආසියාව සහ බටහිර ආසියාව යා කරන මුහුදු මාවතේ වෙළ​ඳපොලට දැඩි බලපෑමක් කරන්න සිංගප්පූරුවට හැකි වෙලා තියෙනවා. ඔවුන් එකතුකරගත් ශක්තිය නිසා නැව් වලට සේවාවන් සැපයීම, වෙළඳාම් වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම ආදී ක්ෂේත්‍රවලින් සිංගප්පූරුව දියුණු රටක් වෙලා තියෙනවා. ව්‍යාපාරයකට ආසියාව හසුකරගන්නට අවශ්‍ය නම් ඔවුන් බොහෝවිට සිංගප්පූරුව වගේ කුඩා දියුණු රටක මුලින්ම ඔෆිස් එකක් ඕපන් කරගෙන ඉන්නවා. ඒ හරහා ඔවුන්ට ව්‍යාපාර පැතිරවීමේ හැකියාව ඉබේම ලැබෙනවා. ඒ පහසුකම් සැලසීමේ ආර්ථික මාදිලියට අවශ්‍ය තාක්ෂණික පසුබිම සිංගප්පූරුව වඩාත් හොඳින් දියුණු කරලා තියෙනවා. 

 

බේත් හේත් නිෂ්පාදනය තුළින් ස්විස් රට ඉස්සරහින් ඉන්නවා. කුඩා කඳු සහිත අභ්‍යන්තර රටක් ව​න ස්විස් රටේදි නිෂ්පාදනය කරන ලද බඩු බාහිරාදිය තවත් තාක්ෂණික අතින් දියුණු කිරීම සිදු කරනවා. ස්විස් රට සුන්දර කඳුකර රටක්. ලෝකයේ තවත් කඳුකර රටවල් ගොඩක් තිබු​ණත් තාක්ෂණයෙන් අනූන ස්විස් රට තු​ළදී පොහොසත් සංචාරකයින්ට සිය සුඛෝපභෝගී අත්දැකීම් සංචාරය පුරාවට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. ස්විස් රටේ පොදු ප්‍රවාහනය ගත්තත් දියුණු රටක පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තු​ළ තියෙන තාක්ෂණික වැඩිදියුණු කිරීම් බොහොමයක් තියෙන නිසා, ස්විස් යන සංචාරකයින්ට ​ඒ තාක්ෂණිකව දියුණු වටපිටාව සංචාර කටයුතු වලට ආශිර්වාදයක් වෙනවා. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here