නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට විජයදාස පත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් – Saru News Media දේශීය පුවත්

0
21

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීමට පසුගිය දා එම පක්ෂයේ විධායක කමිටුව කටයුතු කළ අතර පසුව ඊට පක්ෂයේම විවිධ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල වුණා.

ඒ අනුව අදාළ පත්කිරීමට එරෙහිව ගොනුකරන ලද පැමිණිල්ලක් විභාග කරමිනුයි දිසා විනිසුරු සදුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේ.

මේ අතර එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ දුෂ්මන්ත මිත්‍රපාල මහතාට ද එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් අද නිකුත් කළා.

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here