අමාත්‍ය බන්දුල ගුණවර්ධන
මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) අනුරාධපුර පැවැත්වීමට නියමිතව දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු නිරීක්ෂණ වැඩසටහන්
මාලාවක් සඳහා සහභාගි වීමට ගිය දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර (58) මහතා හදිසියේ මියගොස් ඇති අතර එම මරණය තවමත් අභිරහසකි. ඒ මහතාගේ සිරුර හමුවී ඇත්තේ ඊයේ (23) උදෑසනය. අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්
සංචාරක බංගලාවේ
පෙරදින නින්දට ගිය ඒ මහතා උදෑසන අවදිව නොතිබීමත් දොරට තට්ටු කර
කොතරම් කථා කළත් ඔහු රැඳී සිටි කාමරයේ දොර විවෘත නොවීමත් හේතුවෙන් දොර
කඩා බැලීමේදී සිරුර හමුවී ඇත.
නිදන ඇඳ අසල වැටී සිටි ඔහුව වහාම අනුරාධපුර රෝහලට රැගෙන ගියත් ඒ වන විට සිට ඇත්තේ මියගොසිනි.
පොලිසිය පැවසුවේ නවාතැන් ගෙන සිටි දුම්රිය සාමාන්‍යාධිකාරි
බණ්ඩාර මහතා ඉකුත් 22 දා රාත්‍රී හෝ 23 දා අලුයම මිය ගොස්
ඇති බවයි.
සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය යම් අසනීප තත්ත්වයක් නිසා සිදු වූ
ස්වාභාවික මරණයක්ද වෙනත් කරුණක් මත සිදු වූවක්ද යන්න අනාවරණය
කරගැනීමට පොලිසියට අවශ්‍ය බවත් මරණය ගැන උසාවියට කරුණු වාර්තා කරමින් උප පොලිස්
පරීක්ෂක නන්දසේන මහතා කරුනු දක්වා ඇත.
මියයන විට 58 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා මාතලේ ප්‍රදේශයේ
පදිංචිකරුවකු වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු
වන ඉංජිනේරු එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 04
වැනිදා දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාරගෙන කටයුතු කළ දුම්රිය
දෙපාර්තමේන්තුවේ කොයි කාගේත් ආදරයට මෙන්ම ගෞරවයට ලක්වූවෙකි.මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු, පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරියෙකි. මොරටුව
විශ්වවිද්‍යාලය වෙතින් පශ්චාත් උපාධිය ලබා ඇති අතර, ශ්‍රී ලංකා
ඉන්ජිනේරු ආයතනයේ වරලත් සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය.
1996 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය.
මේ මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂකවරයා මඟින්
පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.
ඇමති නිරීක්ෂණ කටයුත්ත වෙනුවෙන් ඉංජිනේරුවරුන් පිරිසක් සමඟ පෙරේදා (22)
අනුරාධපුරයට පැමිණ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ ඔහු නවාතැන්ගෙන
සිටි බංගලාව තුළදීය.
හදිසියේ මිය ගොස් සිටි පුද්ගලයා හා අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් සහ අනුරාධපුර
ශික්ෂණ රෝහලේ මළ සිරුර පරීක්ෂා
කර බැලීමෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙසටද මරණ පරීක්ෂණයේ සාක්ෂි මැයි 14 දින විවෘත අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසටද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඊයේ (23) නියෝග කළේය.
Saru FM Media