නූතන පරම්පරාවේ වැඩිහිටි වීඩියෝ කලාව – ඔන්ලිෆෑන්ස් (Onlyfans) – Saru News Media

0
4

“වැඩිහිටියන්ට පමණයි” යන තේමාව යටතේ එක්තරා කාලයක් ලංකාවේ සිනමාහල් වල චිත්‍රපට බහුලව තිබුණා. අනූව දශකයේ අග සහ දෙදාහ දශකයේ මුල් භාගයේ ඇතැම් සිනමා ශාලාවන් ලාභ ලැබුවේ මේ කාමය ඇතුළත් චිත්‍රපට නිසාම තමයි. ඉන්පසුව අන්තර්ජාලය, ස්මාට්ෆෝන්, වී සී ඩී, ලැප්ටොප් ආදී තාක්ෂණය ගෙදරට ආවාම අර පරණ මාදිලියේ සිනමා කලාව අතුරුදන් වුණා. දැන් කැමරා ඉදිරියේ මුදලට ලිංගිකව හැසිරෙන ලිංගික දර්ශනද අන්තර්ජාලයේ යහමින් තිබෙන බව කියවෙනවා. ඒ කෙසේ වෙතත් ලෝක මට්ටමින් පවා මේ අසභ්‍ය වීඩියෝ කලාව කලින් කලට වෙනස් වෙනවා. අපි එහි නවතම නැඹුරුව වන ඔන්ලිෆෑන්ස් ගැන ටිකක් සොයා බලමු.

 

අන්තර්ජාලය එන්න කලින් තිබුණ අසැබි සිනමා පට වර්ග කිහිපයක් තිබුණා. කතාව ඇතුළත් සම්පූර්ණ සියළු දේ නොපෙන්වන කාම පට එක් වර්ගයකත් සම්පූර්ණ ක්‍රියාදාමය ඇතුළත් ඒවා වෙනත් වර්ගයකටත් ඇතුළත් වුණා. එවකට තිබුන වී එච් එස් කැසට් සහ සී ඩී ඔස්සේ මේවා බෙදා හැරුණා. එය ලංකාවේ තහනම් වුවත් ලොව පුරා හොඳ ආදායම් මඟක් ලෙස වර්ධනය වුණා. එයින් ඒ නිරූපිකාවන් සහ වීඩියෝ හදන අයට සෘජුව ආදායමක් ලැබුණා.

 

දැනට යූ ටියුබ් හරහා අපිට අවශ්‍ය ඕනිම වීඩියෝ එකක් සොයාගන්නට පුළුවන්. ඒ වගේ අන්තර්ජාලයෙත් වැඩිහිටි කාම විඩියෝ දර්ශන පමණක් බෙදාහරින නාලිකා හරහා ඒ අවශ්‍ය වීඩියෝ බලාගන්නට පුළුවන් බව කියවෙනවා. ඉතින් මේ ආකාරයට අසභ්‍ය වීඩියෝ දර්ශන වලට මෑත කාලයේ ගෙදර සිට වීඩියෝ කර බෙදා හරින දර්ශනද තොග වශයෙන් එන්නට ගත්තා. ඒ එක්ක එය කර්මාන්තයක් විදිහට අතීතයේ සිට කරගෙන ආ අයට පහර එල්ල වුණා. ඒත් ජපානයේ කාම වීඩියෝ පට නම් ඒ කිසිඳු රැල්ලකට යටපත් නොවී කලාවක් විදිහට ඉදිරියෙන්ම ඉන්නවා.

 

මේ කියන අඩවිය හරහා පාරිභෝගිකයාට එහි ලැයිස්තු වල සිටින අයගෙන් ඕනෑම ගැහැණියක් හෝ පිරිමියෙක් තෝරාගන්නට පුළුවන්. ඔවුන්ට මුදල් ගෙවා විවිධ සම්බන්ධකම් පවත්වාගන්නත් පුළුවන්. මෙය හුදෙක් කාමය සොයායන දෙයකටත් වඩා සම්බන්ධතා වෙනුවෙන්ද වැදගත් වෙන බවක් තමයි කියන්නේ. මේ ගෙවන කොවිඩ් සමයේ නිවසට වී සිටින කාන්තාවන්ට වැඩි මිලක් උපයන්න මේ නිසා හැකි වුණා. ඒ වගේම ලොව පුරා නිවසට වී සිටින තනිකඩ පුරුෂයින්ට තමුන්ට අවශ්‍ය ලිංගික උත්තේජන දර්ශන හරහා ලබාගන්න වගේම මුදල් ගෙවා හෝ ලෙංගතු කෙනෙක් සොයාගන්නත් මේ ඔන්ලිෆෑන්ස් වැදගත් වුණා.

 

කාම සිනමාපටවලත් ලොකු නීතිරීති, රෙගුලාසි තියෙනවා. ඒ අතර ළමා ලිංගික කටයුතු ප්‍රචාරය කිරීමේ තහනමද ඇතුළත්. ඔන්ලි ෆෑන්ස් ගිණුම් හදන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි අයට විතරයි. ඒත් විවිධ උපක්‍රම යොදාගෙන මේ ඔන්ලිෆෑන්ස් වලට එන බාලවයස්කරුවන් ඉන්න බව බී බී සී වාර්තාවකින් අනාවරණය කෙරුණා. ඒ අනුව ඇතැමෙක් තමුන්ගේ මවගේ හැඳුනුම්පත සිය වයස තහවුරු කරන්නට පාවිච්චි කර තිබුණා. තවත් අයෙක් ආච්චිගේ බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් ආදිය පාවිච්චි කර තිබුණා. එහිදී ඒ චෝදනා ගැන පිළිතුරු දෙන ඔන්ලිෆෑන්ස් ඒ ඒ ගිණුම් ගැන නියම තොරතුරු දෙනවා නම් ඒවා ඉවත් කළ හැකි බවක් කියා තිබුණා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here