මොනවද මේ ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) කියන්නේ? – Saru News Media

0
11

රට මුහුණදෙන සැබෑ ​ආර්ථික අර්බුදය එක්ක සල්ලි තියෙන උදවියට සල්ලි වලට කරන දේ ගැන ගැටළුවක් ​​​ඇවිත් තියෙනවා. ගෙවල් හදන්න, වාහන ගන්න විදිහක් මේ කාලෙ නෑ. බඩු නැතිව අමාරුවෙන් මැටි ගෙවල් වත් හදන්න පුළුවන් වුණත් රටින් එන්නේ නැති නිසා අඩුමිලට වාහනයක් ගන්නට නම් හැකියාවක් දැන් ලාංකිකයින්ට නැහැ. ඉතින් ඔය වගේ සිහින වෙනුවෙන් එකතු කරපු මුදල් වලින් ඒ සිහින ළඟා කරගන්නට අමාරු වෙලා තියෙනවා. එතකොට ​​ඒ හිරවුන සල්ලි? ​​ඒවයින් ක්‍රිප්ටො ගනිමු කියලා කට්ටියක් කියනවා. අපි ක්‍රිප්ටො ගැන කරුණු කිහිපයක් බලමු. 

 

සාමාන්‍ය සල්ලි හැදෙන විදිහ, ​​ඒ කියන්නේ සල්ලි වලට වටිනාකම එකතු වෙන විදිහ, ​​ඒවා මුද්‍රණය වෙන විදිහ අපි දන්නේ නැහැ. ​​ඒ වගේම අපි ඔන්ලයින් ගෙවීමක් කළාම ​​ඒ සල්ලි ​කොහොමද වැඩ කරන්නේ, ​​​ඇත්තටම සල්ලි කොළ වශයෙන් එහේ මෙහේ යනවාද? ​ආදී විස්තර කිසි දෙයක් අපි දන්නේ නැහැ. ​​ඒ වගේ ක්‍රිප්ටෝ කරන්සි හැදෙන සම්පූර්ණ ක්‍රියාවලිය, එහි ගෙවීම්, අයවීම් ​​​ඇතුළත් සම්පූර්ණ යාන්ත්‍රණයම දැනගන්න ඕනි නැහැ පාවිච්චි කරන්න. 

 

 

අනෙක් ඩිජිටල් කරන්සි, ක්‍රෙඩිට් කාඩ් ​ආදිය ගත්තොත් ​​ඒ මුදල් සහ සාමාන්‍ය මුදල් අතර වටිනාකමක් තියෙනවා. ​​ඒ වටිනාකම තමයි ඩිජිටලි තවත් පාර්ශවයකට බැර වෙලා ගෙවීමක් වෙන්නේ. ​​ඒ හැම අවස්ථාවකදීම බැංකු හෝ භෞතිකව මූල්‍ය ​ආයතනයක් ​​ඒ පිටුපස ඉන්නවා. ඒත් ක්‍රිප්ටො වලදි එහෙම පාර්ශවයක් නැහැ. අන්තර්ජාලයේ ඩිජිටල් තියෙන පාර්ශව ගොඩක හැසිරීමකින් තමයි ක්‍රිප්ටෝ කරන්සි එකක් වැඩ කරන්නේ. අපි ක්‍රෙඩිට් කාඩ් එකක් මිලදී ගන්නවා, බැංකු ගිණුමක් හදාගන්නවා ​ආදී භෞතිකමය වගවීම් ක්‍රිප්ටො වලදී එච්චර අදාළ නැහැ. 

 

ක්‍රිප්ටො කරන්සි ගන්නවා නම් අපි ඒකට අදාළ ලෝකල් මිල සාම්ප්‍රදායික විදිහට ගෙවන්න ඕනි. එහෙම නැතිනම් යම් ඩිජිටල් අවකාශයේ ගනුදෙනුවකදි ක්‍රිප්ටො යොදාගන්න පුළුවන්. පොල් කඩන මහත්මයෙක් දවසක් පොල් කඩලා රුපියල් පන්දාහක් උපයා ගන්නවා වගේ ඩිජිටල් අවකාශයේදි දවසක්, වරුවක් මහන්සි වෙලා පිංතූරයක් හදලා දීලා, වෙබ් එකක් හදලා දීලා, තාක්ෂණික උපදෙසක් දීලා ඩිජිටලි වටිනාකමක් තියෙන වත්කමක්, මුදල් ටිකක්, ක්‍රිප්ටො ටිකක් අපිට උපයාගන්නට පුළුවන්කම තියනවා. 

 

ක්‍රිප්ටො කරන්සි වර්ග දැනට දාහතර දාහකට වඩා තියෙනවා. ​​ඒ වගේම ක්‍රිප්ටෝ වල වටිනාකම ඩොලර් ට්‍රිලියන තුනකට ​ආසන්න වෙනවා කියලත් සොයාගෙන තියෙනවා. මෙයින් වැඩිපුරම ජනප්‍රිය ක්‍රිප්ටො කරන්සිය බිට්කොයින්. බිට්කොයින් වල ඩොලර් ට්‍රිලියනයකට වඩා සල්ලියක්, වත්කමක් තියෙනවා. ​​ඒ ​​ඒ ජනප්‍රිය ක්‍රිප්ටො වර්ගයට පහත වගුවේ ​ආකාරයට වටිනාකම් දැනට එකතු වෙලා තියෙනවා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here