'මෝල්ඩිවියන්ස් ' ගුවන් සේවය ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා අරඹයි | Saru News Media

0
18

‘මෝල්ඩිවියන්ස් ‘ ගුවන් සේවය ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ඊයේ (25) දිනයේ සිට ආරම්භ කළා.

එම ගුවන් ගමන් සේවාව ආරම්භ කරමින් මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායකට ඊයේ (25) රාත්‍රි 09.55ට පළමු ගුවන් යානය පැමිණියා.

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය මෙරට මංගල ගුවන් ගමන සදහා ඒ.320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණා.

ඒ, අනුව ‘මෝල්ඩිවියන්ස් ‘ ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක්, එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල දී කටුනායක සහ මාලේ අතර ගුවන් ගමන්වල නිරත වීමට නියමිතයි.

මෙම පළමු ගුවන් ගමන සඳහා මාලදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

ඊයේ පැමිණි පළමු ගුවන් යානයේ සිටි මගීන්ව පිළිගැනීම සදහා නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මාලදිවයින ශ්‍රී ලංකා තානාපති රංග ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඇඩම් සාදික් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here