යහපාලනයෙන් ටැබ් දෙනකොට විරුද්ද නොවුනානම් Online අධ්‍යාපනය අරඹන්නේ එතැනින්..

0
14

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්‍යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ මහතා වෙත ජ්‍යෙෂ්ඨ ගුරු සම්මානය පිරිනැමීම සහ සෙසු ආචාර්යවරුන් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංගමයේ සභාපති රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

අනතුරුව ජනාධිපතිවරයා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය,

1981 වසරේදී මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ධවල පත්‍රිකාව සකස් කරන විට බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා පෞද්ගලික පංති තහනම් කරන්න කියලා. එදා අප ඊට එකඟ වුණේ නැහැ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ යුතුකම සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. මේ අතර අමතර පන්ති ක්‍රමය රට තුළ බිහිවී අද එය විශාල දියුණුවක් ලබා තිබෙනවා. එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වු අඩු පාඩු නිසා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශපාලනය එක්වීම නිසා ගැටලු විසදා ගැනීමට නොහැකි වීම මත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන් අධ්‍යාපනය සඳහා විකල්පයක් ලෙස අමතර පන්ති ක්‍රමය තෝරාගත්තා. නමුත් දැන් පාසල් අධ්‍යාපනය සහ අමතර පංති එකිනෙකට සම්බන්ධව ඉදිරියට පැමිණ තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here