යුද්ධය නිසා හැට වසරක් තිස්සේ වෙන්ව සිටි පෙම්වතුන් – Saru News Media

0
3

මීට වසර 60 කට පෙර යුද්ධය සහ දේශපාලනය හේතුවෙන් බලහත්කාරයෙන් වෙන් වූ විවාහක යුවළක් 2012 වසරේ රුසියාවේදී අහම්බෙන් නැවත හමු වී තිබුණා. ඔවුන් තවමත් ආදරයෙන් බැඳී සිටින බව දැනගත් ඔවුන් නැවත විවාහ වීමට තීරණය කළා.

ඇනා කොස්ලොව් සිය උපන් ගම්මානය වන සයිබීරියාවේ බොරොව්ලියන්කා වෙත පැමිණෙමින් සිටියදී මිනිසෙක් මෝටර් රථයකින් බසිමින් සිටිනු දුටුවා.ඒ ඇගේ දිගු කාලයක් පුරා නැතිවූ සැමියා වන බොරිස් බව ඇයට වැටහුණා. ඒ මොනතරම් අපූරු මොහොතක්ද? මොනතරම් සංවේදී මොහොතක් ද?

බොරිස් තම දෙමාපියන්ගේ සොහොන් නැරඹීමට නැවත ගමට පැමිණ තිබුණා. එක් අතකට ඒ දෛවය තීරණය කළ ගමනක් වෙන්නට ඇති.දශක භාගයකට වඩා වැඩි කාලයකට පසුව  මෙම යුවළ ක්ෂණිකව එකිනෙකා හඳුනා ගත්තා.

මම හිතුවේ මගේ ඇස් මාත් එක්ක සෙල්ලම් කරනවා කියලා” ඇනා ටෙලිග්‍රාෆ් වෙත පැවසුවා. “මේ හුරුපුරුදු පෙනුමැති මිනිසා මා දෙසට එනු මම දුටුවා, ඔහුගේ දෑස් මා දෙසටම එල්ල වී තිබුණා.මගේ හදවත ප්‍රීතියෙන් පිනා ගියා. මම ඒ ඔහු බව දැන සිටියා. මම ප්‍රීතියෙන් අඬමින් සිටිය බව මට වැටහුණා.

දැන් 80 හැවිරිදි වියේ පසුවන බොරිස් ද 1946 දී උපකල්පනය කළ දේශපාලන සතුරන් පිටුවහල් කිරීම් අතරතුර කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වූ ඔහුගේ බිරිඳ සොයා ගැනීම නිසා සතුටට පත් වුණා.

“මම ඇය වෙත දිව ගොස් මෙසේ කීවා ‘මගේ සුන්දරිය, මම ඔබ එනතුරු බොහෝ කාලයක් බලා සිටියා, ඔබ මගේ බිරිඳ මගේ ජීවිතය බව මම දන්නවා”

බොරිස් සහ ඇනා අවසන් වරට එකිනෙකා දුටුවේ 1946 දී ඔවුන්ගේ විවාහයෙන් දින තුනකට පසුවයි. කොමියුනිස්ට් පක්ෂයේ ආධාරකරුවෙකු වූ බොරිස් රතු හමුදාවේ සාමාජිකයෙකු වූ අතර ඔහුගේ ඒකකය සමඟ රටේ වෙනත් ප්‍රදේශයකට යවා තිබුණා.

“අපි සමුගත්තා – නමුත් අඩ සියවසකට වැඩි කාලයක් අපිට එකිනෙකා දකින්න වෙන්නේ නැහැ කියලා මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ,” ඇනා පැවසුවා.

ඇනාගේ පියා රාජ්‍යයේ සතුරෙකු ලෙස නම් කර ඇති අතර බොරිස් හමුදාවට පිටත්ව ගොස් ටික කලකට පසු, ඇය සහ ඇගේ මව ද ඔවුන්ගේ පවුලේ සෙසු අය සමඟ සයිබීරියාවේ වෙනත් කොටසකට පිටුවහල් කර තිබුණා.

“මට ඔහු නොමැතිව ජීවත් වීමට නොහැකි නිසා මම සයිබීරියාවට නොයා සියදිවි නසා ගන්නා බවට තර්ජනය කළා, නමුත් අවසානයේ මට යන්නට සිදු විය. එය මගේ ජීවිතයේ දුක්ඛිතම කාලයයි” ඇය පැවසුවා.

ඇනාගේ මව තම දියණියට තම සැමියාට ලිපි යොමු කිරීමේ ලිපිනයක් තැබීමට ඉඩ දුන්නේ නැහැ. තරුණ මනාලිය අතුරුදහන් වී ඇති බව බොරිස් අවසානයේ නිවසට පැමිණි පසු දැන ගත්තා.

“ඔවුන් කොහෙද ඉන්නේ, ඇනාට මොනවා වෙලාද කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. එහෙම තමයි අපි එකිනෙකා ගැන කිසිම තොරතුරක් නැති වුණේ.”

ඇනාට නැවත විවාහ වීමට බල කෙරුණු අතර අවසානයේ බොරිස්  ද අලුත් බිරිඳක් සමඟ විවාහ වුණා. නැවත හමු වෙද්දී ඔවුන්ගේ දෙවන කලත්‍රයන් දෙදෙනාම මිය ගොස් ඇති බව ටෙලිග්‍රාෆ් වාර්තා කළා.ඔවුන් තවමත් ආදරයෙන් සිටින බව වැටහුණු නිසා බොරිස් අවසානයේ ඇනාට ඔහුව නැවත විවාහ කරගන්නැයි ඉල්ලා සිටියා.

“අපි ආයෙත් හම්බුනාට පස්සේ මම අපි දෙන්නා අතරේ එක ආරවුලක්වත් තිබුණේ නැහැ. අපි දෙන්නා මෙච්චර කල් වෙන් වෙලා හිටියා.කවුද දන්නේ අපිට කොච්චර කාලයක් ඉතුරු වෙයිද කියලා, ඒ නිසා අපි වාද කරලා කාලය නැති කරගන්න කැමති නැහැ. “

ඔවුන් එසේ පවසනවා.

ආදරය කරන්නටත් තමන්ගේ ආදරය තමන් සන්තකයට ගන්නටත් දවසක්වත් ප්‍රමාද විය යුතු නෑ. ඔවුන් විවාහ වන්නේ ඒ නිසා. ප්‍රේමයට කිසිම බාහිර සාධකයක් අදාළ නැති බව මේ ආදරවන්තයන් නැවත නැවත සනාථ කරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here