‘රතු ඉරි’ තරණය නොකරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
24

චීනයේ රතු ඉරි තරණය නොකරන්නැයි එරට විදේශ අමාත්‍යවරයා ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හා ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

ඒ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය  අතරතුරයි.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග්, බීජිං හි සංචාරයක යෙදෙන ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ පැවති සාකච්ඡාවේදී කියා සිටියේ චීනයේ ආකල්පය සැමවිටම ස්ථාවර බවයි.

එකිනෙකාගේ මූලික අවශ්‍යතාවලට ගරු කරන අතරතුර චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව හා සංවර්ධන අවශ්‍යතා සම්බන්ධයෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවී, හැසිරෙන ලෙස ඇමරිකා පාර්ශවයෙන් ඉල්ලා සිටියා.

ඇමරිකාව ද මෙය අනුමත කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here