රුපියල් 50,000කට ගන්න පුළුවන් මාකට් එකේ තියෙන සුපිරි​ම ෆෝන් 7ක් – Saru News Media

0
7

2020 අවුරුද්ද කියන්නේ ටිකක් අමුතු කරදර ගොඩක් එකපිට එක ආපු අවුරුද්දක්. කොරෝනා වසංගතය ටෙක් ලෝකෙටත් බලපෑවා. ලෝක මට්ටමේ මිඩ් රේන්ජ් කියලා හැඳින්වෙන ඇපල් එස් ඊ, ගූග්ල් පික්සල් 4ඒ, වන්ප්ලස් නෝඩ්, සැම්සන්ග් ගැලක්සි එස් 10 ලයිට් වගේ ෆෝන් රුපියල් 90,000කට වැඩිය මිල අධිකයි. කොටින්ම ඒ යුරෝපා සහ ඇමරිකාවල බජට් ෆෝන් අපේ රටේ මිනිස්සුන්ගේ එක මාසෙක පඩියටත් වඩා වැඩියි. අපි සාමාන්‍යයෙන් බජට් ෆෝන් විදිහට හඳුන්වන්නේ රුපියල් හතළිස් දහකට පනස්දාහකට ගන්න පුළුවන් ෆෝන් එකක් නේ. ඉතින් අපි මේ විදිහට තියෙන ෆෝන් කිහිපයක් ගැන හොයා බලමු.

 

ලංකාවේ ගන්න තියෙන ෆෝන් වලින් ඉන්දියාව සහ අනෙක් රටවල මිලටම අපිට  ගන්න පුළුවන් ෆෝන් එකක් තමයි සැම්සන්ග් ෆෝන්. චයිනීස් ෆෝන් වගේම ලංකාවෙදි මේ සැම්සන්ග් ෆෝන් මිල ටිකක් අඩුයි. මේක සරලව කියනවා නම්, ලඟදි නිකුත් වුණ පික්සල් 4ඒ ෆෝන් එකක මිල ඇමරිකාවේ ඩොලර් 350යි. ඒත් ඒක ලංකාවට එද්දි ඩොලර් 450ක විතර මිලක් වෙනවා. ඒත් සැම්සන්ග් ෆෝන් ගොඩක් වෙලාවට ලංකාවේ ජනප්‍රිය නිසා ඒ පිටරට තියෙන මිල ගණන් වලටම ලංකාවෙදිත් මිලදී ගන්න පුළුවන්. සැම්සන්ග් වලදි එම් සීරීස් එක මුලින් ආවේ බජට් ෆෝන් මාලාවක් විදිහට. ඒත් දැන් දැන් මැද මට්ටමේ හොඳ ෆෝනුත් එම් සීරීස් එකෙන් එනවා. එම් 31 එකේ ක්වඩ් කැමරා සෙටප් එකක් වගේම හොඳ 64 මෙගාපික්සල් මේන් කැමරාවක් තියෙනවා. මේ වර්ගයේ සැම්සන්ග් ෆෝන් වල තියෙන සුපිරිම ප්ලස් පොයින්ට් එකක් තමයි ඩිස්ප්ලේ එක. සුපර් ඇමලෙඩ් ඩිස්ප්ලේ එක මේ මට්ටමේ ෆෝන් වෙන A31, A51, M21, A30S වගේම මේ M 31 එකටත් එනවා. මේ මට්ටමේ එන අනෙක් ෆෝන් එක්ක බැලුවම චාජින් නම් ටිකක් ස්ලෝ. ඒත් 6,000ක බැටරිය කැත නැතුව ෆෝන් එක දවස් දෙකක් විතර පාවිච්චි කරන අවස්ථාව සලස්වලා දෙනවා. M31 කොළඹින් රු  47,000/= සිට මිලදී ගන්න පුළුවන්.

 

සැම්සන්ග් ඒ වර්ගයේ මේ 50,000 සීමාවට තියෙන්නේ සැම්සන්ග් ඒ 31 එක. ඒ ගාණට තියෙන අනෙක් සැම්සන්ග් එක්ක බැලුවාම තියෙන වෙනස තමයි ඇතුළේ තියෙන්නේ මීඩියාටෙක් MT6768 Helio P65 කියන චිප් සෙට් එක වීම. ඒකත් මැද මට්ටමේ හොඳ චිප් සෙට් එකක්. මේකෙත් ක්වඩ් කැමරා සෙටප් එකක් තියෙන්නේ. එම් සීරීස් එකේ ෆෝන් එකට වඩා මේ ඒ සීරීස් ෆෝන් වල පෙනුම ටිකක් හොඳයි. ෆෝන් එක පළලිනුත් ටිකක් අඩුයි. මේකේ මිල සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් 47,500/=ක් පමණ වෙනවා. ඒ වගේම මේ ආසන්නයේ ටිකක් විතර මිල වැඩි වුනත් A51 ෆෝන් එකත් කාන්තාවන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ගාණ මිඩ් වුණත් ප්‍රිමියම් ලුක් එකක් තියෙන ඒ 51 ලෝකයේ අලෙවි වාර්තා අතරටත් එකතු වුණු ෆෝන් එකක්. ඒත් ඒ 51 එකනම් ටිකක් විතර මිල වැඩියි. රු 58,000/= සිට ඒ 51 මිල නියම වෙනවා. මේ A31 වගේම සුපර් ඇමලෙඩ් ස්ක්‍රීන් එන A51 ෆෝන් එකෙත් ක්වඩ් කෝ කැමරා සෙටප් එකක් තියෙනවා.

 

ලංකාවේ තරුණ සෙට් එක අතර හිට් ෆෝන් එකක් තමයි රෙඩ්මි නෝට් කියන්නේ. මේ ෆෝන් ජනප්‍රිය වෙන්න ප්‍රබල හේතුවක් තමයි ෆෝන් එකට එන බලගතු චිප් සෙට් එක. මේ ගාණට එන ෆෝන් අතර රෙඩ්මි වල හැමදාමත් වගේ හොඳ එස් ඕ සී හෙවත් සිස්ටම් ඔන් චිප් සෙට් එකක් තියෙනවා. ස්නැප්ඩ්‍රැගන් කියන්නේ ගේමින් වලට හොඳ චිප් සෙට් එකක්. ස්නැප්ඩ්‍රැගන් චිප් සෙට් එක අනෙක්වාට වඩා කූල්. ඒ වගේම චාජින්, පොටෝ සැකසීම්, ඉක්මන් ක්‍රියාකාරීත්වය වගේ බොහෝ අංශවලින් තවමත් මේ ස්නැප්ඩ්‍රැගන් චිප් ඒ හා සමාන අනෙක්වාට වඩා ඉස්සරහින් ඉන්නවා. ස්නැප්ඩ්‍රැගන් 712 කියන චිප්සෙට් එක මේ රෙඩ්මි නෝට් 9 ප්‍රෝ එකේ තියෙනවා. මේකේ මිල 6GB + 64GB  රුපියල් – 46,999ක් විදිහට ලංකාවේ මි අඩවියේ දැක්වෙනවා. මේකේ Redmi Note 9 Pro ආසන්නයේම පොඩ්ඩක් ලුක් එක විතරක් ටිකක් වෙනස් Redmi Note 9S ෆෝන් එකත් තියෙනවා. ඒකත් හැඩයෙන් පොඩ්ඩක් වෙනස් සුපිරි බඩුවක්.

 

 හුවාවේ නෝවා කියන්නේ මෑත අවුරුදු කිහිපයක තුළ ලංකාවේ ජනප්‍රිය වුණු ෆෝන් මාදිලියක්. එහි දැන් අලුත්ම එක තමයි නෝවා 7i. සිංහලෙන් කිව්වොත් නෝවා සෙවන් අයි. නෝවා සෙවන් අයි එක අඟල් 6.4ක අයි පී එස් ඩිස්ප්ලේ එකකින් එනවා. අනෙක් මේ මට්ටමේ දැන් එන ඒවා එක්ක බැලුවාම නම් හුවාවේ නෝවා වල බැටරිය මදි වාගේ. බැටරිය තියෙන්නේ මිලි ඇම්පියර් අවර් 4,200යි. හැබැයි මේ බැටරිය පැය බාගෙකින් 70%ක් තරම් චාජ් කරන්න හැකි වොට් 30ක බලයෙන් යුතු බලගතු චාජර් එක්ක නෝවා එක්ක එනවා කියලයි නෝවා 7i දැන්වීමේ කියවෙන්නේ. සැම්සන්ග් අය මිඩ් සහ බජට් ෆෝන් වලට එයාලගෙම එක්සිනස් චිප්ස් දානකොට, හුවාවේ අය මැද ෆෝන් වලට එයාලගේ කිරින් චිප්සෙට් බස්සනවා. මේකේ තියෙන්නෙත් එහෙම හුවාවේ අයගේම බලගතු චිප් එකක් වෙන Kirin 810 (7 nm) චිප් එක.  සිංගර් එකේ මේ Huawei Nova 7i – (8GB+128GB) එකක් රු 48,000/=ක් වෙනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here