ඇක්ෂන් කැමරා ලොවට අලුතින්ම පායපු තරුව ගෝ ප්‍රෝ හීරෝ 9 (GoPro Hero 9) – Saru News Media

0
8

ගෝ ප්‍රෝ (GoPro) කියන්නේ ඇක්ෂන් කැමරාවක්. ඒ කියන්නේ රළු පාවිච්චියට සරිලන විදිහට ඇක්ෂන් රූපගත කරන්න පොඩිවට හදපු විශේෂ කැමරාවක්. ගෝ ප්‍රෝ කියන්නේ ඇක්ෂන් කැමරා වල රාජ පරම්පරාව වගේ. මොකද ගෝ ප්‍රෝ තරම් ඇක්ෂන් කැමරා මාකට් එකේ සාර්ථක වෙන්න වෙන කාටවත්ම බැරි වුණා. ඇක්ෂන් කැමරාවකට හසු කරගන්න පුළුවන් සහ ඇක්ෂන් කැමරාවකින් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. මේ පාර ආපු ගෝ ප්‍රෝ හීරෝ 9 එකත් (GoPro Hero 9) ඒ වගේ අලුත් අලුත් දේවල් කීපකින්ම සවිමත් වෙලා තියෙනවා. 

 

මේ අලුත් ගෝ ප්‍රෝ හීරෝ 9 දෙපැත්තේම ඩිස්ප්​ලේ තියෙනවා. ෆෝන් එකක ෆ්‍රන්ට් කැම් එක පාවිච්චි කරනවා වගේ ලේසියෙන් අපිට අපිව රූගත වෙන දිහා බලාගෙනම සෙල්ෆි වීඩියෝ කරන්නට පුළුවන්. කන්ටෙන්ට් හදන වැඩ වලදිත් අපි ඉන්න ආකාරය අපිට බලාගන්න පුළුවන් එක වටිනවා. මේ තාක් කල් ආපු ගෝ ප්‍රෝ වල කැමරාවේ ලෙන්ස් එක පැත්තේ ඩිස්ප්ලේ එක ආවේ කළු සුදු දත්ත විතරක් පෙන්වන ඩිස්ප්ලේ එකක්. ඒකෙනුත් යම් යම් දත්ත ගන්​න පුළුවන් වු​ණත්, අපිට අපිවම බලාගන්න ටිකක් අමාරු වුණා. ඒ අවුල නැති කරලා කැමරාවේ ලෙන්ස් එක තියෙන පැත්තටත් මේ පාර සුපිරි වර්ණ ඩිස්ප්ලේ පුංචෙක් ඇඩ් වෙලා තියෙනවා. 

 

අපේ ඇහැට පිංතූරයක් පේන්න ආලෝකය ඇසේ තියෙන කාචය හරහා ගිහින් දෘෂ්ඨි විතානයේ වදින්නට ඕනි. මේ දෘෂ්ඨි විතානය කියන ආලෝක සංවේදක හඳුනාගන්න තැනින් තමයි ආලෝක සංඥාව මො​ළේට යන්නේ. මේ තැන සවුත්තු වුණාම අපේ ඇස් වල දෝ​ෂ ඇතිවෙනවා. කැමරාවකත් ඉමේජ් සෙන්සර් එක හෙවත් ආලෝකේ ගිහින් වැටුනට පස්සේ ඒක ඉලෙක්ට්‍රොනික සංඥාවක් විදිහට හරවන ඉමේජ් සෙන්සරය වැදගත් කෑල්ලක්. මෙතෙක් ආ පසුගිය ගෝ ප්‍රෝ කීපයකම තිබු​ණේ එකම වර්ගයේ ඉමේජ් සෙන්සර්. ඒ නිසා මෙගාපික්සල් 12ක විභේදන බලයක් සහිත පිංතූර, වීඩියෝ තමයි ගන්න පුළුවන් වු​ණේ. මේ පාර ඊට වඩා බලගතු මෙගාපික්සල් 20ක පොටෝ ජෙනරේට් කරන්න පුළුවන් ඉමේජ් සෙන්සරයක් ගෝ ප්‍රෝ 9 වලට එනවා. 

 

මෑතකදි ඇක්ෂන් කැමරා ලෝකෙට ආවා ඉන්ස්ටා 360 කියලා කැමරා වර්ගයක්. ඒකේ තියෙන විශේෂත්වය තමයි කැමරාවේ බේස් එක තියෙද්දි අර එස් එල් ආර් මිරර්ලස් කැමරා වල වගේ ලෙන්ස් එක මාරුකරගන්න පුළුවන් වී​ම. දැන් මේ ගෝ ප්‍රෝ එකටත් ඒ වගේම අලුත් සිස්ටම් එකක් ඇවිත්. ඒහරහා ඊල​ඟ ගෝ ප්‍රෝ මැක්ස් කියලා එන්නේ තවත් කැමරාවක් නෙමෙයි, තවත් ලෙන්ස් එකක් කියලා තමයි ආරංචිය එන්නේ. ඒ එක්ක කැමරාවේ ලෙන්ස් එක තනිකර ගලවා සවිකරගන්න හැකියි. ​ඒ වගේම ගෝ ප්‍රෝ හීරෝ 7 ව​ල තිබිලා 8 දී අයින් වුණු ලෙන්ස් කවරය ගලවන පහසුකමත් මේ පාර 9 ට ඇඩ් වෙලා තියෙනවා. 

 

ගෝ ප්‍රෝ කැමරාවක තියෙන එක වාසියක් තමයි ඒක කුඩා වීම. කුඩා නිසා අපිට ෆෝන් එකක් ගෙනියන්න බැරි තැන්වලටත් වැඩි බරක් ස​හ ඉඩක් ගන්නේ නැතුව ගෝ ප්‍රෝ ගෙනියන්න පුළුවන්. මේ පාර ආපු ගෝ ප්‍රෝ එක ටිකක් ලොකුයි. උස, පළ​ල, දිග තුන් පැත්තම කලින්ට වඩා වැඩියි. මේ අලුත් එකේ බරත් ටිකක් වැඩියි. කොහොම වු​ණත් සයිස් එක ලොකු වුණාට මේන් ඩිස්ප්ලේ එක ​එහෙම ලොකු මදිය කියලත් සුළු චෝදනාවක් ගෝ ප්‍රෝ අයට ඇවිල්ලා තිබුණා. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here