ට්විටර් එකට අලුත්ද? එහෙමනම්, සාර්ථකව ට්විටර් එකේ ඉස්සරහට යන්න, මේ උපදෙස් පිළිපදින්න – Saru News Media

0
7

අපි ජීවත් වෙන්නේ සමාජ ජාල යුගයක කියන එක බොරුවක් නෙවෙයිනේ. ඉතින් අද වෙනකොට අපි ගොඩක් වෙලාවට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙත් මේ කියන සමාජ ජාලයන් හරහාම තමයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් වගේ සමාජ ජාල තමයි එතැනිනුත් ප්‍රධාන. දැන් ෆේස්බුක් ගැන නම් ලොකු අවුලක් නෑනේ කාටවත්. හැබැයි ට්විටර් එකට සමහරු ප්‍රවේශ වෙන්නෙ නෑ, එතන අමුතු සීන් එකක් තියෙනවා කියලා හිතාගෙන. ඇත්තටම එහෙම අමුතු සීන් එකක් නෑ. හැබැයි ඉතින් ට්විටර් එකට සම්පූර්ණයෙන්ම ආධුනිකයෙක්ට පටන් ගැන්මෙදී පොඩි මග පෙන්වීමක් තිබුණට ගැටළුවක් නෑ. මොකද, ඇත්තටම ට්විටර් එකට හරි වෙන ඕනම සෝෂල් මීඩියා එකකට හරි එන්නේ ඒ සමාජෙත් එක්ක සම්බන්ධ වෙන්න මිසක් තනියෙන් ඉන්න නෙවෙයිනේ. ආන්න ඒ නිසා තමයි අපි පොඩ්ඩක් හොයලා බැලුවේ, මොනවද අලුතෙන්ම ට්විටර් එකට එන කෙනෙක් දැනගන්න ඕන, කරන්න ඕන දේවල් කියලා!

 

දැන් ඉස්සර අපි බ්ලොග් ලිව්වා. ඒවල ආයෙ වචන සීයේ දෙසීයේ ඉඳලා දෙතුන්දාහ වෙනකල් වුනත් ලියාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ෆේස්බුක් ආවා. ෆේස්බුක් එකේ වුනත් සාමාන්‍යයෙන් මාගල් ලියමන් දකින්න ලැබෙන්නේ කළාතුරකින් වුනත්, ඕනම නං ලියාගෙන ලියාගෙන යන්න පුළුවන් බ්ලොග් පෝස්ට් වල වගේම. ඉන්ස්ටග්‍රෑම් වලනම් ඉතින් කියන්න තියෙන දේ ෆොටෝ එකකින් සහ කැප්ෂන් එකකින් තමයි කියන්නේ.

 

එතකොට ට්විටර් එකේ? ට්විටර් එකේ උපරිම කැරැක්ටර්ස් 280 යි. සාමාන්‍යයෙන් ඉස්සර තිබුණේ කැරැක්ටර්ස් 140 ක් වගේ. එතකොට පළවෙනි ට්‍රික් එක තමයි තමන්ට කියන්න ඕන දේ සාරාංශගතව, කොටින් කියන්න පුළුවන් හැකියාව තිබීම. ඕක අමාරු දෙයක් නෙවෙයි පුරුදු වෙනකොට. ඒ වගේම, මේ කැටැක්ටර්ස් 280 ක සීමාව නිසා, තමන්ට බොහොම පහසුවෙන් යමින් එමින් ගමන් වුනත් ට්වීට් එකක් ෆෝන් එකෙන් වුනත් ලියන්න පුළුවන්. ඒක තමයි ට්විටර් එකේ අදහසත්.

 

ඕනම දෙයක්. හිතට එන ඕනම දෙයක් ලියන්න පුළුවන්. හැබැයි ඉතින් හිතට එන ඕනම දෙයක් කියලා ඕනම කුණුහරුපයක් ට්විටර් එකේ ලියන්න බැහැ කියන එකත් මතක තියාගන්න ඕන. විශේෂයෙන්ම ළමා අසභ්‍ය අන්තර්ගතයන්, සෘජු ප්‍රචණ්ඩ තර්ජනයන්, ස්පෑම්ස් වගේ එව්වා ට්විටර් එකේ පළ කරන්න බෑ කියලා තමයි කියන්නේ. ඒ වගේම ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන දේවල්, ත්‍රස්තවාදී/අන්තවාදී අදහස්, අනික් අයට හිංසා හිරිහැර කිරීම්, ද්වේෂසහගත කතන්දර සහ ඒ විදියේ වෙනත් සංවේදී දේවල් ලියන්න එපා කියලා ට්විටර් රූල්ස් වල සඳහන් වෙනවා. මේවා ඉතින් හැම සෝෂල් මීඩියා එකකටම පොදු නීති රීති නේ.

 

ඒ ඇරෙන්න තමන්ට හිතෙන ඕනම ආතල් කතන්දරයක්, තමන්ගේ මතයක්, අදහස් දැක්වීමක් සඳහා ට්විටර් එක විවෘතයි. විශේෂයෙන්ම හැම කෙනෙක්ටම තමන්ගේ මතයන් ප්‍රකාශ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් විදියට ට්විටර් එක විශේෂ වෙනවා කියලා තමයි අපිට පේන්නේ.

 

ඒ වගේම ට්විටර් එකේ ලියන්න ඉංග්‍රීසිම අත්‍යාවශ්‍ය නැහැ. සිංහලෙන් වුනත් දෙමළෙන් වුනත් කිසිම අවුලක් නැතුව ට්විටර් එකේ ලියන්න පුළුවන්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here