මිනිස්සු මැද මට්ටමේ ස්මාට්ෆෝන් වැඩිපුරම තෝරාගන්නේ ඇයි? – Saru News Media

0
7

ලෝකේ වැඩියම විකිණෙන ස්මාට්ෆෝන් ලැයිස්තුවල හැමදාම ඇපල් ඉන්නවා. ඒකට හේතුව තමයි ඇපල් සමාගමේ ෆෝන් වර්ග ගොඩක් නැහැ, ඒ වගේම චීනය ඇතුළු සෑම රටකම ඇපල් සමාගම එකම වර්ගයක ස්මාට්ෆෝන් තමයි විකුණන්නේ. ඇපල් හැරුනාම වැඩිපුරම විකිණෙන ෆෝන් බොහෝවිට මැද මට්ටමේ ස්මාට්ෆෝන් වෙනවා. 2019 වර්ෂයේ අලෙවි වාර්තා ගත්තාම එහි ඇපල් එක්ස් ආර් ෆෝන් එක තමයි වැඩියෙන්ම විකිණිලා තියෙන්නේ. 2, 3 ස්ථාන පිළිවෙළින් සැම්සන්ග් ඒ 10 (A-10) සහ ඒ 50 (A-50) ට ලැබිලා තියෙනවා. සැම්සන්ග් වල ඒ සීරීස් එක කියන්නේ සුපිරිම ෆෝන් නෙමෙයි. ඒ වගේම ඒ ලැයිස්තුවේ මි mi සමාගමේ රෙඩ්මි 6ඒ (Redmi 6A) සහ රෙඩ්මි නෝට් 7 (Redmi Note 7) වැඩිම අලෙවියක් තියෙන ෆෝන් 10 අතර තියෙනවා. ඒ ෆෝන් දෙකත් සාමාන්‍ය මැද මට්ටමේ ෆෝන් විදිහට තමයි සැලකෙන්නේ.

 

2008-2009 කාලේ ස්මාට්ෆෝන් වලට ටච් ස්ක්‍රීන් ආවා. 2011-12 කාලේ වෙද්දි ෆෝන් එකට එන කැමරා එක සුපිරි එකක් වුනා. ඉන් පස්සේ කාලෙක ෆෝන් වතුර යන්නේ නැති ටිකක් තද පාවිච්චියට හොඳ විදිහට හැදුනා. ඒ වගේම කාලෙත් එක්ක අඟල් 4-5 සයිස් එකට ආපු ෆෝන් ස්ක්‍රීන් එක දැන් අඟල් 6-7 සයිස් එකට ඇවිල්ලා තියෙනවා. ඒ එක්ක දැන් ඉස්සර වගේ ටැබ්ස් ගන්න පිරිස අඩුවෙලා, සියලුම වැඩ කිඩ ඔක්කොම ෆෝන් එකෙන් කරගන්න ෆෝන් එකක්ම ගන්න පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි සරලවම කල්පනා කරලා බැලුවොත් අපේ දැන් තියෙන ස්මාට්ෆෝන් වලට තවත් එකතුවෙන්න දෙයක් නැතිම තරම්. ඒ කියන්නේ ස්මාට්ෆෝන් එකෙන් ගන්න පුළුවන් වැඩ, එහි තියෙන පහසුකම් ආදිය දැන් යම් කිසි සීමාවකට ඇවිල්ලා තියෙන්නේ. 

 

මේ අවුරුද්දේ අපි හොඳම කියන ෆෝන් එකක් ගත්තා වුනත් ඇපල් හැර අනෙක් සෑම ෆෝන් එකකදිම ඊළඟ අවුරුද්දේ මේ කාලේ වෙද්දි ෆෝන් එකේ වටිනාකම අඩු වෙනවා. ඒ වෙද්දි සමාගම විසින් අලුත් තව ෆෝන් එකක් හදලා ඒක ජනප්‍රිය වෙලා ඉවරයි. ඒ කලින් අවුරුද්දේ ෆෝන් එක අතේ තියන් හිටියා කියලා ලොකු සමාජ මෙව්වා එකක් ලැබෙන්නේ නැහැ. සැම්සන්ග් මාදිලි වල හෙම එස් 20 එක මාකට් එකට ඇවිත් මාසයක් දෙකක් ගියාම කලින් තිබුන එස් 10 මාදිලිය බාගෙට බාගයක් මිල අඩු වෙනවා. ඒ නිසා හැමතිස්සේම ලොකුම ෆෝන් එකට ගියා කියලා ඒ ගැම්ම වැඩි කල් ආරක්ෂා කරගන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔහේ පොකට් එකේ කොළ අඩුවෙන් වියදම් වෙන ෆෝන් එකක් ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. 

 

ෆෝන් පැතිරෙද්දි අපේ වැඩිහිටි පරම්පරාවේ අයටත් ෆෝන් ගන්න වුනා. මොකද රට ඉන්න පුතාලා, දුර ඉන්න ඥාති දැන් සෙට් වෙන්නේ වට්සැප්, වයිබර් ගෲප් වලින්. ඒ අයට ෆෝන් එකෙන් ගන්න තියෙන වැඩ සීමිතයි. කලාතුරකින් වැඩිහිටි කෙනෙක් කොල්ලා වගේ ගේම් ගහලා, සින්දු අහලා, ෆොටෝ ගහලා සැර ආතල් එකක් ෆෝන් එකෙන් ගන්නවා. ඒත් වැඩි දෙනා කරන්නේ එකම චැට් ඇප් එකක්, සෝෂල් මීඩියා ඇප් එකක් ෆෝන් එකේ රන් කරන එක විතරයි. ඒ වගේ ෆෝන් වල වැඩි වැඩ පාවිච්චි නොකරන අය බොහෝවිට සොයා යන්නේ බේසික් හෝ මැද මට්ටමේ ෆෝන් එකක්ම තමයි. 

 

අපේ රටේ ගත්තොත් ලක්ෂ ගණන් වල ෆෝන් ගන්න පුළුවන් හැමෝටම වගේ දැන් හොඳ ෆෝන් අත් වල තියෙනවා. එතකොට ෆෝන් එකක් අලුතින් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අය බොහෝවිට එතරම්ම වියදම් කරන්න ටිකක් අපහසු අය. සීමිත වැටුපක් ආදායමක් තියෙන කෙනෙක්ට ලොකු ෆෝන් එකක් වැඩි මිලක් දීලා ගන්නවාට වඩා ජීවිතයේ මුදල් වලින් කරන්නට තවත් බොහෝ වැඩ රාජකාරි තියෙනවා. දකුණු ආසියා කලාපයේ විතරක් ලෝකයේ ජනගහණයෙන් 25%ක් ට වඩා පිරිස ජීවත් වෙනවා. ඒවගේ දුප්පත් කලාප වල ජනතාව බොහෝවිට ෆෝන් එක තෝරාගනිද්දි තමුන්ගේ වත්කමේ හැටියට යම් අඩුමිලක හෝ මැද මට්ටමේ ස්මාට්ෆෝන් එකකට යනවා මිස සුපිරිම එව්වා පසුපස යන්නේ නැහැ. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here