රොමෑන්ටික් විදියට සෙක්ස් කරන්න උපදෙස් කීපයක්! – Saru News Media

0
9

දැන් අපි මේ වෙනකොට සෙක්ස් කරන එක සම්බන්ධයෙන් ආටිකල් බර ගාණක් ලියල තියෙනවනේ. එතකොට කාර් එකේ සෙක්ස් කරන්නෙ කොහොමද, BDSM කරන්නෙ කොහොමද, ෂවර් එක යට සෙක්ස් කරන්නෙ කොහොමද, එළිමහනෙ සෙක්ස් කරන්නෙ කොහොමද, හාඩ් සෙක්ස් කරන්නෙ කොහොමද වගේ විවිධ මාතෘකා අපි කවර් කරලා තියෙනවා. හැබැයි ඔන්න එතකොට අපිට මතක් වුණා, වැදගත්ම එකක් ලියලා නැහැයි කියලා. ඒ කියන්නේ රොමෑන්ටික් විදියට සෙක්ස් කරන්න වැදගත් වෙන උපදෙස් එකතුවක් ගැන අපි ආටිකල් එකක් කරලා නැහැනේ. අන්න ඒ අඩුපාඩුව පුරවන්න තමයි මේ ආටිකල් එක.

දැන් රොමෑන්ටික් සෙක්ස් කියනකොට කෙනෙක් හිතන්න පුලුවන්, සෙක්ස් කරනකොට කොහොමත් ආදරෙත් එක්කනේ ඒක කරන්නේ, එතකොට ඒකට වෙනම කතන්දර ලියන්න අවශ්‍යද, අනික් මොන විදියේ සෙක්ස් එකකදී වුණත් රොමෑන්ස් තියෙන්න ඕන නේද කියලා. ඔව්, ඒක හරි. හැබැයි අපි මේ කියන්න යන්නේ විශේෂයෙන්ම එකිනෙකාට ආදරය, තමන්ගේ ලාලසාව, තමන්ගේ කෙයාරින්ග් එක දැනෙන විදියට බොහොම මෘදුව සෙක්ස් කරන්න වැදගත් වෙන උපදෙස් කිහිපයක් ගැන.

රොමෑන්ටික් විදියට සෙක්ස් - ඉමෝෂනල් කනෙක්ෂන් එකක්

රොමෑන්ටික් සෙක්ස් ගැන කතා කරනවා නම්, මුලින්ම රොමෑන්ස් තියෙන්න ඕනනේ. ඒ කියන්නේ ශෘංගාරය. වෙනත් විදියකට කියනවා නම්, දෙන්නා අතර ඉමෝෂනල්, රොමෑන්ටික් සම්බන්ධයක් තියෙන්න ඕන. ඒකට දෙන්නා අතරේ අවංක ආදරයක්, සම්බන්ධයක් තියෙන්න ඕන. එහෙම සම්බන්ධතාවයක් තියෙනකොට, සෙක්ස් වඩාත් ලස්සනට, රොමෑන්ටික් විදියට ගලාගෙන යනවා. එතකොට මේ විදියේ රොමෑන්ටික් සම්බන්ධතාවයක් දියුණු කරගන්න නම්, ඒකට හොඳම ක්‍රමය තමයි දෙන්නත් එක්ක කාලය ගත කරන එක. උදාහරණයක් විදියට ගත්තොත්, කෙලින්ම සෙක්ස් කරන්න රූම් එකකට යනවට වඩා, දෙන්නත් එක්ක ඇවිදින්න ගිහින්, කොලිටි දවසක් එකට ගත කරලා, ඊට පස්සේ රාත්‍රියේ සෙක්ස් කරනවා නම්, අන්න එතකොට ඉමෝෂනල් කනෙක්ෂන් එකක් එක්ක තමයි දෙන්නා ඇඳට යන්නේ.

රොමෑන්ටික් විදියට සෙක්ස් - මූඩ් එකට සෙට් වෙන්න වටපිටාව හදමු

රොමෑන්ටික් සෙක්ස් කරන්න අවශ්‍ය නම්, ඒකට පසුතලය, වටාපිටාව නිර්මාණය කරන්න ඕන. රොමෑන්ටික් සෙක්ස් සාර්ථකව රස විඳින්න නම්, ඒකට අවශ්‍ය මූඩ් එක සහ වටපිටාව හදන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. උඩ කියපු විදියට අපි කියමු දවසක් ගත කරන්න යනවා කියලා. ඒක ඩේට් අවුට් එකක් විදියට ප්ලෑන් කර ගන්න පුලුවන්. ඕන නම් කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක්ම ලෑස්ති කරගන්න පුලුවන්. ඒකෙන් තමයි ඉමෝෂනල් කමෙන්ෂන් එක ඩිවලොප් වෙන්නේ. එතකොට අපි උඩිනුත් කතා කලානේ ඉමෝෂනල් කනෙක්ෂන් එකක් ගැන. ඒ ඉමෝෂනල් කනෙක්ෂන් එක වැදගත් වගේම, සෙක්ස් කරන්න කලින් ඒ මූඩ් එකත් ක්‍රමක්‍රමයෙන් ගොඩනංවන්න ඕන. ඒකට ඉතින් ෆුල් රොමෑන්ටික් සෙටප් එකක් හදාගන්න ඕන. ලොකුවට හිතන්න දෙයක් නෑ. රොමෑන්ටික් මියුසික් එකක් දාලා, ඕන නම් කාමරේ ඉටිපන්දම් පත්තු කරලා, එහෙම නැතිනම් කාමරේ නයිට් ලයිට් එකක් දාලා, ගාණට ලයිටින් හදලා සෙටප් එක හදාගන්න පුලුවන්.

රොමෑන්ටික් විදියට සෙක්ස් - රොමෑන්ටික් ෆෝර්ප්ලේ

අපි මීට කලින් සෙක්ස් ගැන කතා කරපු ආටිකල් හැම එකකම වගේ කියලා ඇති සෙක්ස් කරනකොට ෆෝර්ප්ලේ නැතිනම් පූර්ව සංසර්ගීය ක්‍රියාවන් කොයි තරම් වැදගත්ද කියන එක ගැන. දැන් රොමෑන්ටික් සෙක්ස් ගැන කතා කරනකොට ෆෝර්ප්ලේ අත්‍යවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි, ෆුල් රොමෑන්ටික් ෆෝර්ප්ලේ අත්‍යවශ්‍යයි. දැන් ඔය රොමෑන්ටික් ෆෝර්ප්ලේ කියලා කියනකොට, කිස් කරන එක, වැළඳගැනීම්, ස්පර්ශය – කොටින්ම කිව්වොත් දෙදෙනාගේ ශරීරයන් එකිනෙකා විසින් ගවේෂණය කිරීම – තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම, රොමෑන්ටික් ෆෝර්ප්ලේ වලට ඉවසීම අවශ්‍යයි. උදාහරණයක් විදියට කිව්වොත්, සිපගැනීම් සඳහා කොයි තරම් කාලයක් වෙන් කළත් කමක් නෑ. මේ කියන්නේ ස්ලෝ වෙන්න ඕන කියන එක නෙවෙයි. රොමෑන්ටික් සෙක්ස් වුණත් ෆුල් ටොප් ගියර් එකට දාලා යන්න පුලුවන්. හැබැයි ෆෝර්ප්ලේ වලට හැකිතාක් කාලය ගන්න කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම කාන්තාවට සෙක්ස් සඳහා හොඳ සූදානම් වීමක් ලබාදෙන්න මේ වෙලාව අරගෙන කරන ෆෝර්ප්ලේ එක අත්‍යවශ්‍යයි.

අයි කොන්ටැක්ට්

සෙක්ස් කරනකොට අයි කොන්ටැක්ට් වල, ඒ කියන්නේ පාට්නර්ස්ලා දෙන්නගේ දෑස් අතර තියෙන්න ඕන සම්බන්ධතාවය ගැන ගොඩක් වෙලාවට කතා කෙරෙන්නෙ නෑ. හැබැයි ඒ කතා නොකෙරෙන තරමටම, හොඳ අයි කොන්ටැක්ට් එකක් එක්ක සෙක්ස් කරනකොට තියෙන විශේෂත්වය ගැන කියලා ඉවර කරන්නත් බෑ. දැන් ඔය කතාවට කියනවනේ ආත්මයේ කවුළු තමයි දෑස් කියලා. ඒක ඇත්ත කියලා තේරෙයි තමන්ගේ පාට්නර්ගේ ඇස් දිහා බලාගෙන සෙක්ස් කරනකොට. විශේෂයෙන්ම රොමෑන්ටික් සෙක්ස් ඇක්ට් එකකදී කූටප්‍රාප්තියකට පැමිණෙනකොට තමන් කරන දේ පාට්නර්ගේ ඇස් දිහා බලාගෙන කරන්න පුලුවන් නම්, ඒකෙන් පාට්නර්ට ලැබෙන තෘප්තියත් ඉහළ යනවා කියලා වගකීමෙන් කියන්න පුලුවන්.

කිස් කරන්න තියෙන තැන්

අපි සෙක්ස් කරන්න ගියහම හරියට සිපගන්නවද? ආන්න ඒක තමන්ගෙන්ම අහල බලන්න ඕන ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට කිව්වොත්, සෙක්ස් කරන්න ඇඳට නගින්න ගොඩක් දෙනෙක් ලිප්ස් කිස් කරන්න දක්ෂ වෙන්න පුලුවන්. හැබැයි ඇඳට ගියාට පස්සේ කිස් කරන්න හිතන්නේ පාට්නර්ගේ තොල්, මුහුණ, සමහර විට කන් පෙති, සහ සමහර විට පියයුරු විතරක් නම්, එයා සිපගන්න දක්ෂයෙක් කියලා සලකන්න බැහැ. අපි කියන්නේ මේකයි. කොහොම සෙක්ස් කරන්න ගියත්, පාට්නර්ගේ සම්පූර්ණ ශරීරයම ආස්වාදයේ කලාපයක් විදියට අඳුනගන්න ඕන. අපි ඕරල් සෙක්ස් ආස්වාදය අපේ පාට්නර්ට ලබාදෙන්න යනකොට වුණත්, ඒක එයාගේ ලිංගේන්ද්‍රිය සිපගැනීමකින් පටන් ගන්න එක වඩාත් ආස්වාදජනකයි. ඊට පස්සේ ඒ ශරීරයේ හැම අඟලක්ම පාහේ සිපගන්න ක්‍රමය ඉගෙන ගන්න ඕන. එතකොට මෘදු සිපගැනීමක ඉඳලා වඩාත් දැඩි සිපගැනීමක් දක්වා වෙනස් වෙන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න ඕන. විශේෂයෙන්ම රොමෑන්ටික් සෙක්ස් කරන්න යනකොට නම් මෘදු සිපගැනීමක් වඩාත් ගැලපෙන්න පුලුවන්.

මේ විදියේ සිපගැනීම් එක්ක වැළඳ ගැනීමුත් මික්ස් කරගන්න පුලුවන් නම් රොමෑන්ටික් සෙක්ස් වලට හොඳටම ගැලපෙනවා. වැළඳගැනීම් කියන්නේ තමන්ගේ හිතේ අනික් කෙනා ගැන තියෙන හැඟීම් අනික් කෙනාට දනවන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක්.

ආට් ඔෆ් ටච්

ඇත්තටම සෙක්ස් කරනකොට ටච් එක නැතිනම් ස්පර්ෂය කියන්නේ කලාවක් කිව්වොත් වැරදි නැහැ. මෙහෙම හිතන්න. අපි ගොඩක් වෙලාවට සෙක්ස් කරනකොට ස්පර්ෂ කරන්න පුරුදු වෙලා ඉන්නෙත් හුරුපුරුදු සීමාසහිත ප්‍රදේශයක් විතරයි නේද? අර උඩ කියපු කිස් කිරීමෙදී වගේ තමයි. හැබැයි ආට් ඔෆ් ටච් කියන්නේ, එකිනෙකාගේ ශරීරයන් එකිනෙකාගේ ස්පර්ෂයන් එක්ක ගවේෂණය කිරීම. එතකොට මේ ස්පර්ෂය පටන් ගන්න ඇඳට එනකල් ඉන්න ඕන නෑ. උදාහරණයක් විදියට, අපි කියමු දෙන්නා සෙක්ස් කරන්න ඇඳට එන්න කලින් රොමෑන්ටික් ඩිනර් එකක් ගන්නවා කියලා. එතකොට දෙන්නා කතාබහ කරමින් ඉන්න ගමන්, අපි අනික් කෙනාගේ අතැඟිලි අපේ අතැඟිලි වලින් ස්පර්ෂ කරනවා කියන්න. ඒකම ඇති අනික් කෙනාව උද්දීපනය කරන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here