ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි

0
10

ලෝක කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරඟයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින්.

මෙම තරඟයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 122ක් රැස්කළා.

නිලක්ෂිද සිල්වා පන්දු 20කදී නොදැවී ලකුණු 29යි. 

ලකුණු 123ක ඉලක්කයක් හඹාගිය තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 55ක් පමණයි.

පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14කට ලකුණු 03ක් දවා ගත්තා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here