වැඩිපුර නොඇසෙන නායකත්ව ගතිගුණ – Saru News Media

0
5

නායකත්වය කියන්නේ ඉබේම ලැබෙන දෙයක් නෙමෙයි. කොපමණ ධනය, බලය සහ සුදුසුකම් තිබුණත් නායකත්වය ලෙහෙසියෙන් කෙනෙක්ට හිමිවන්නේ නැහැ. හිමිවුණත් ඔවුන් සාර්ථක නායකයෝ වෙන්නෙත් නැහැ. යහපත් නායකයා කියන්නේ හැමෝටම දැනෙන චරිතයක්. ඒ කියන්නේ නායකයා දවසක් දෙකක්, මාසයක් නැති වුණාට පස්සේ “අඩේ අපේ කෙනා නැහැ නේද?” කියලා මිනිසුන්ට මතක් වෙනවා. ඔහු අස් වෙනකොට ඒ හිදැස තියෙනවා. ඉතින් අපි නායක ගතිගුණ කිහිපයක් ගැන බලමු…

 

 

තිබෙන ගැටුම්, ගැටළු හැමදාම එහෙමම තියාගෙන නායකත්වය ගෙනියන්න අමාරුයි. නායකයාගේ මූණට ප්‍රශ්න එනවා. ඒත් ඒවා සඳහා විසඳුම් ඔහු ළඟ තිබිය යුතු වෙනවා. තමුන්ට යම් ගැටළු විසඳන්න බැරි නම් ඒ සඳහා අවශ්‍ය පිරිස් යොදාගන්න හැකියාව නායකයාට තියෙන්නට ඕනි. නායකයා කියන්නේ සෑම ප්‍රශ්නයකටම විසඳුමක් කෙලින්ම දෙන්න පුළුවන් ඉන්ද්‍රජාලික මනුස්සයෙක් නෙමෙයි. ඒත් තිබෙන ප්‍රශ්න සමනය කරන්න, ඒවා විසඳන්න අවශ්‍ය කරන පසුබිම සැකසීම නායකයාට පුළුවන් වෙන්නට ඕනි.

 

 

ජනප්‍රිය නායකයින් වුවත් හැමදාම දක්ෂයින් නෙමෙයි. නායකයින් සාර්ථක ලෙස බැබලෙන්න එක්තරා කාලසීමාවක් තියෙනවා. ඒත් හැම නායකයෙක්ගෙම වගේ හැදෙන ගතිගුණය තියෙනවා. ඒ කියන්නේ එකතැනක පල් වෙවී ඉන්නේ නැතිව ඉහළට යන ගතිගුණයක්, ව්‍යාප්ත වෙන ගතියක් නායකයා තුළ ඉබේම තියෙනවා. ඇතැම් තැන්වල දුර්වල නායකයින් තමුන්ගේ පහළ සිටින සේවකයින් ඉහළ යනවාට බාධා කරන අවස්ථා තියෙනවා. ඒත් නිවැරදි නායකයෙක් නම් නිතරම සිය කණ්ඩායමේ දක්ෂතා, හැකියාවන් වලට පිබිදෙන්නට දී ඒවායෙන් ප්‍රයෝජන ගන්නට සේවකයින් දිරිමත් කරනවා. 

 

 

ආයතනයක් වුණාම, යම් සමිති සමාගමක් වුණාම ඒකට අදාළ කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්යමණ්ඩලය නැතිනම් සේවක පිරිස සේවාව සපයන්න වැදගත් දායකත්වයක් දක්වනවා. සේවාව ලබන පාරිභෝගිකයින්ගේ පැමිණිලි වලට අවනත වෙලා කෙලින්ම සේවකයින්ට දෝෂාරෝපණය කරන නායකයින් ඉන්නවා. ඒත් ඒක විය යුතු දෙයක් නෙමෙයි. මොකද සේවකයින් වග කියන්නේත් පාරිභෝගිකයින්ට වග කියන්නෙත් එකම නායකයෙක් තමයි. යම් විදිහක සේවකයින්ගේ, කාර්යමණ්ඩලයේ දුබලතාවයක් තියෙනවා නම් එහි සම්පූර්ණ වගකීමම ඒ අයට බැර වෙන්නෙ නැහැ. සේවකයින් යාවත්කාලීන කිරීම, ඔවුන්ගේ ආකල්ප වර්ධනය කිරීම නායකයාගේ කාර්යයක්.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here