ඔයත් කුණු ලෝබයෙක් ද කියලා දැනගන්නේ මෙහෙමයි! – Saru News Media

0
4

දැන් ඔය ලෝබකම කියන එක කොයි තරම් නරකද කියන එක ගැන පොදු අදහසක් අපිට පුංචි කාලේ ඉඳලම තියෙනවනේ. ලෝබයෙක් වෙන්න එපා කියන එක අපි ඕන තරම් අහල ඇති. හැබැයි ඒක දැනගෙන හිටියට, ඇත්තටම අපිත් නොදැනම අපි කුණු ලෝබයෙක් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ සත පහක් හොල්ලන්න අකමැති, පුළුවන් තරම් වෙන කෙනෙක්ගෙන් වියදම් කරවගන්න බලන, තමන්ගේ දෙයක් වෙන කෙනෙක් අල්ලනවටවත් අකමැති මිනිස්සු ගැන තමයි අපි මේ කියන්නේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. ගොඩක් වෙලාවට කුණු ලෝබයෙක් වුණු මනුස්සයෙක් ඇත්තටම දන්නෙ නැහැ තමන් එහෙම කුණු ලෝබයෙක් කියලා. හැබැයි ලෝබයෙක්ගේ ගතිලක්ෂණ මෙහෙමයි කියලා දැනගත්තොත්, සමහර විට ඒ ලෝබ ගති නැති කරගන්නත් පුළුවන් වෙයි නේද?

 

අන්න ඒ නිසා අපි හිතුවා තමන් හරි, තමන්ගේ පාට්නර් හරි කුණු ලෝබයෙක් ද කියලා දැනගන්න පුළුවන් ගතිලක්ෂණ ටිකක් ලියලා තියන්න!

 

 

 

සාමාන්‍යයෙන් බැංකුවකින් ලෝන් එකක් ගන්න ගියහම කොයි තරම් ලිපිලේඛන සහ පසුබිම් පරීක්ෂා කිරීම් සිද්ධ වෙනවද? ඒකට හේතුවක් තියෙනවා. ලෝන් එකක් දෙන මනුස්සයාට ෂුවර් එකක් තියෙන්න ඕන ඒ ලෝන් එක ආයෙමත් අය කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් යාළුවෙක්ගෙන් එහෙම හදිසියට අතමාරුවක් කරගන්න කොට ඔව්වා ඕන වෙන්නෙ නෑ. ඒත් ඉතින් ඕනම සල්ලි ඉල්ලන යාළුවෙක්ට අතමාරුවක් දෙන්න පුළුවන්ද අපිට? ඇත්ත.

 

හැබැයි අපිට ෂුවර්, බොක්කේ ෆිට් යාළුවෙක්ට වත් හදිසියකට අපෙන් ලෝන් එකක් දාගන්න බැරි නම්? අපිට සමහර වෙලාවට ඇත්තටම ඒ වෙලාවේ අතේ සල්ලි නැතිවෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව හදිසියකට අතමාරුවක් කරගන්න ගියහම දහසක් හේතු කියනවා නං, ඒ මනුස්සයා ගොඩක් දුරට ලෝබයෙක්!

 

 

සාමාන්‍යයෙන් අපි යාළුවෝ සෙට් වෙනවා නං, ඒ කියන්නේ බීමකට සෙට් වෙනවා නං, කොහොමද වියදම පියවන්නේ? අපි හැමෝම වියදම බෙදාහදාගන්න එක තමයි ක්‍රමේ. එක්කෝ සමානව බෙදලා එකිනෙකා සමාන ගාණක් දාන්න පුළුවන්. එහෙම නැතිනම් තම තමන් ගන්න දේවල් වලට තම තමන්ට වැය වෙන ගාණ විතරක් දාන්න පුළුවන්. ඔය ක්‍රම දෙකම අවුලක් නෑ. හැබැයි ඔය අතරේ සමහරු ඉන්නවා මළාට සෙට් වීමකදී වියදම් කරන්නෙ නෑ. පුළුවන් තරම් අනික් අයගෙන් පිනට බොන්නම තමයි බලන්නේ. එතකොට තව සමහරු ඉන්නවා අත දිග ඇරලා බයිට් වලට එහෙමත් වැඩේ දීලා, ඊට පස්සේ ඩ්‍රින්ක් එකට විතරක් ගාණ දාලා ෂේප් වෙනවා. අපි කියමු මේ වගේ දෙයක් කලාතුරකින් වෙලාවක නෙවෙයි, හැමදාමත් වෙනවා කියලා. ආන්න ඒ කියන්නේ මේ දෙකම ලෝබ කුණෙක්ගේ ලක්ෂණ තමයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here