වෙබ් සයිට් වල රීච් වැඩි කරගන්න යොදන විකාර ක්‍රම – Clickbait methods used lankan websites – Saru News Media

0
6

ලංකාවේ ගොඩක් වෙබ් සයිට් ගැන ජනතාව තුල තියෙන්නේ තෘප්තියක් නෙමෙයි. ගොඩක් වෙලාවට වෙබ් අඩවි ක්ෂේත්‍රයට අලුතින් එන වෙබ් අඩවි ග්‍රාහකයන් ප්‍රමාණය වැඩි කරගන්න කියලා කරන නොමනා වැඩ මේ අතෘප්තියට තදින්ම බලපානවා. ඉතින් අපි බලමු මේ අය කරන නොමනා වැඩ මොනවද කියලා.

 

මේකට අහුවුණ අය ගොඩක් ඇති. මේකෙන් වෙන්නේ මේ අය හෙඩින් එකට දාන්නේ ඒ ඇත්ත නිවුස් එකේ හරි ආටිකල් එකේ හරි කුතුහලය දනවන කෑල්ල. ඒකත් දාන්නේ නිකන් නෙමෙයි. අතිනුත් ටිකක් දාලා. මේකට ඇන්දෙනවා ගොඩක් අය. ගොඩක් දුරට තරුණ ජනප්‍රිය නිලියෝ, රූමත් කාන්තාවෝ ගැන කියවෙන ආටිකල් වලට තමයි මේ වගේ හෙඩින් යොදන්නේ. මේවා ඉතින් මුහුණු පොතට එහෙම SHARE කලාම පෙන්න තියෙන්නේ අර හෙඩින් එක විතරයිනේ. වැල නොකැඩි පාටක ජනයා එනවා.

“රංජන් රාමනායක උදාරි වර්ණකුලසූරිය මංගල දිනයේ ඡායාරුප” කියලා තිබුනම අපේ කට්ටිය ඉතින් යනවා මේ ඕපෙ බලන්න. බැලින්නම් රුපවාහිනී නාලිකාවක මංගල වැඩසටහනකට කරපු නිරූපනයක් ඒක. බලන්න ගියපු අයියලා පේජ් එකෙන් එලියට එන්නේ පේජ් එක හදපු මනුස්සයගේ පවුලේ උදවිය සිහිපත් කරමින්.

 

මේව කරන අයටනම් අපායේ වෙනම සෙල් එකක් ඇති. සමහර වෙබ් අඩවි තියෙනවා රීච් වැඩි කරගන්න පට්ටපල් බොරු දාන. එසේ මෙසේ බොරු නෙමෙයි. සමහර බොරු හොඳට පවුල් කන ජෝඩුවක් වෙන් වෙන තැනටම ගෙනියනවා. හොඳ චරිතයක් තියෙන මනුස්සයෙක්ව, මිනිස්සු ඒ මනුස්සයව නරකයි කියලා හිතෙන තැනටම ගෙනියනවා. ආයේ අහන්න දෙයක් නෑ. ඉතින් මේවා බලන්නත් වැල නොකැඩි පාඨක ජනයා එනවා. බොරු බව දැන දැන ඒ මිනිස්සුත් මේවා කියවනවා. “මැරෙන බව දැන දැන ජිවත් වෙන අපට බොරු බව දැන දැන ආටිකල් කියවන එක කජ්ජක්ද” කියල ද කොහේද කියවලා ඉවර වෙලා ඒ නිවුස් එක පතුරන්න දායක වෙන්නත් මේවා කියවන අය අමතක කරන්නේ නෑ.

පහුගිය ඡන්ද කාලේ කොච්චර හෙඩින් දැක්කද ඔබ “අරයා මෙහාට පැන්නා.. මෙයා අරහට පැන්නා..” කියලා තිබුණ. රෑට ප්‍රවෘත්ති බලද්දී තමයි දැනගන්නේ අර වෙබ් සයිට් එකේ තිබ්බේ බොරු කියලා. එතකොට ඉතින් තුන් හතරදෙනෙක්ට ඒක කියලා ඉවරයි.

 

මෑත කාලීනව දකින්න ලැබුණු තව දෙයක් තමයි අති සංවේදී දේවල් වල ඡායාරූප සහ වීඩියෝ පට ප්‍රචාරය මගින් ග්‍රාහක සංඛ්‍යාව වැඩි කරගන්න වෙබ් අඩවි දරන වෑයම. උදාහරණයක් විදිහට කවුරු හරි දුම්රියට පැනලා සිය දිවි නසාගත්තොත් ඒවායේ ඡායාරූප දානවා. අනතුරක් උනොත් ඒවායේ තුවාල ලැබූවන්ගේ, මියගිය අයගේ දර්ශන ඇතුලත් සංවේදී ඡායාරූප දානවා.

“රාගම දුම්රිය අනතුරෙන් මියගිය තරුණයාගේ හිස් කඳින් වෙන් වී තිබූ අයුරු” කියලා දාල තියෙනවා “සංවේදී අය නැරඹීමෙන් වලකින්න” කියලා. ඒක දාල තියෙන්නේ ඇත්තටම සංවේදී අයට උපදෙසක් විදිහට නෙමෙයි. මෙච්චර සංවේදී දේ මොකක්ද කියල බලන්න එන ග්‍රාහක ප්‍රමාණය තව වැඩි කරගන්න.

 

මොකක් හරි හෙඩිමක් එක්ක “වීඩියෝ සහිතයි” කියලා දැම්මම ඒක බලන්න යන ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒ හන්දා ගොඩක් වෙලාවට මුහුණු පොතේ විවිඩ වෙබ් අඩවි වල ආටිකල් SHARE වෙලා තියෙද්දී “වීඩියෝ සහිතයි” කියලා අපට පේන්න තියෙනවා. ඉතින් අපි වෙබ් සයිට් එකට යනවා ඕක බලන්න කියලා. ගොඩක් දුරට තියෙන්නේ අපි හිතපු වීඩියෝ එක නෙමෙයි. ඉතින් මේ සැරෙත් වෙන්නේ වෙබ් සයිට් එකට බැන බැන ශේප් එකේ එලියට එන්න.

“පාසල් සිසුවිය දුෂණය කර වීඩියෝ ගත කරලා” (වීඩියෝ සහිතයි) මෙහෙම තිබ්බම ගොඩක් අය යනවා අර වීඩියෝ කරපු වීඩියෝ එක දාලය කියල හිතාගෙන. බැලින්නම් තියෙන්නේ ඒ ගැන ගියපු මොකක් හරි ටී වී චැනල් එකක ප්‍රවෘත්ති වලින් කොටසක්.

 

සමහර වෙබ් අඩවි තියෙනවා මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික දේවල් එලියට ඇදල දාල තමන්ගේ ග්‍රාහක සංඛ්‍යාව වැඩි කරගන්න උත්සාහ ගන්න. අසභ්‍ය වෙබ් අඩවි ඊට හොඳම උදාහරණයක්. ලංකාවේ විතරක් නෙමෙයි විදේශ රටවලත් තියෙන බහුතරයක් වෙබ් අඩවි වල පුහුණු නළු නිලියන් ලවා ස්ව කැමැත්තෙන් දර්ශනය වන දර්ශන වලට අමතරව දන්නැතුව වීඩියෝ ගත කරපුවා, තමන්ට පමණක් බලන්න වීඩියෝ ගත කරපුවා ප්‍රචාරය කරලා ඒවායින් රීච් වැඩි කරගන්න උත්සාහයක් තියෙනවා. මේවා නීති විරෝධීයි. ඒත් ඉතින් එක තැනකට ෆොටෝ එකක් වීඩියෝ එකක් ගියාම ඒක අන්තර්ජාලයෙන් ඉවත් කරගන්නවා කියන එක ටිකක් ප්‍රයෝගිකව අමාරු වැඩක්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here