Google search engine
Home ගොසිප් පුවත් ඉන්දි­යාවේ කර්නා­ටක ඡන්දෙ දාන අයට නොමිලේ කෑම නොමිලේ ටැක්සි

ඉන්දි­යාවේ කර්නා­ටක ඡන්දෙ දාන අයට නොමිලේ කෑම නොමිලේ ටැක්සි

0
9

india-karnataka-election

මේ දිනවල පැවැත්වෙන ඉන්දියාවේ මහමැතිවරණය දින ගණනාවක් පුරා ප්‍රාන්ත මට්ටමින් පැවැත්වේ. ඉන්දි­යාවේ කර්නා­ටක ප්‍රාන්තයේ බැංග­ලූරු නුවර ජන­තාව ඡන්දය භාවිත කිරී­මට දිරි­ගැ­න්වීම අර­මුණු කර­මින් නොමිලේ ආහාර සහ ටැක්සි රථ මගින් ප්‍රවා­හන පහ­සු­කම් සැප­යී­මට සමා­ගම් රැසක් කට­යුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ පිය­වර ගෙන ඇත්තේ කර්නා­ටක ප්‍රාන්තයේ ඡන්දය භාවිත කිරීම අඩු මට්ට­මක පැවැ­තීම නිසා බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අද ඇරැ­ඹෙන ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණයේ දෙවැනි වට­යේදී ඡන්දය භාවිත කරන ජන­තා­වට මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය නොවන අයු­රින් එම කට­යුතු සිදු කිරී­මට කට­යුතු යොදා ඇතැයි ද වාර්තා වේ. පසු­ගිය 2019 මහ­මැ­ති­ව­ර­ණ­යේදී කර්නා­ටක ප්‍රාන්තයේ අඩුම ඡන්ද ප්‍රති­ශ­තය වාර්තා වී ඇත්තේ බැංග­ලූරු නුව­රින් බව ද වාර්තා වේ.

ඡන්දය භාවිත කිරී­මට ජන­තාව උනන්දු කිරීම සඳහා හෝටල් රැසක් ද ඉදි­රි­පත් වී ඇති අතර, බැංග­ලූරු නුවර හෝටල් හිමි­යන්ගේ සංග­මය ප්‍රකාශ කර ඇත්තේ හෝටල් සහ අව­න්හල් විවිධ ආහාර පාන නොමිලේ හෝ අඩු මුද­ල­කට ජන­තා­වට ලබා දීමට කට­යුතු යොදා ඇති බවය.

මැති­ව­ර­ණය ආරම්භ වූ පසු­ගිය සති­යේදී ද ඡන්දය භාවිත කිරී­මට ජන­තාව දිරි­ග­න්ව­මින් නොමිලේ ආහාර පාන ලබා­දී­මට කට­යුතු යොදා තිබූ අතර, මේ පිළි­බඳ ප්‍රසි­ද්ධියේ නිවේ­ද­නය කර ඇත්තේ පසු­ගි­යදා අධි­ක­ර­ණය ඊට අව­සර ලබා­දී­මෙන් පසුව බව ද වාර්තා වේ. බැංග්ලූරු නුවර ප්‍රකට මත්පැන් අව­න්හ­ලක් මගින් ඡන්දය භාවිත කරන පළමු 50 දෙනාට නොමිලේ බීර බෝත­ල­යක් පිරි නමන බව නිවේ­ද­නය කර ඇතැයි ද වාර්තා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here