වෛද්‍ය මන්ත්‍රී සංසදයේ සභාපතිධූරය මහාචාර්ය චන්න ජයසුමනට

0
14

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපතිධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන අද තේරී පත්වුණා.

එම සංසදයේ අනුශාසකවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පත්කරගෙන තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන එම සංසදයේ උපසභාපතිවරු ලෙසද, වෛද්‍ය තිලක් රාජපක්ෂ කැඳවුම්කරු ලෙසද, වෛද්‍ය උපුල් ගලප්පත්ති නියෝජ්‍ය කැඳවුම්කරු ලෙසද තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංගමයේද සාමාජිකත්වය දරණවා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here