වොෂින්ටනය ගැන දැනගනිමු – Saru News Media

0
4

වොෂින්ටනය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර. මේ නිසාම ලෝකයේ බලගතුම අගනගරය විදිහටත් වොෂින්ටනය හඳුන්වන්න පුළුවන්. අපි අද ඔබට කියන්න යන්නේ මේ නගරය සහ එහි ගොඩනැගිලි පිළිබඳව රසවත් තොරතුරු කීපයක්. ඊට කලින් යමක් මතක් කරන්න තියෙනවා. මේ ආටිකල් එකේ හෙඩිම විදිහට වොෂින්ටනය කියලා භාවිතා කළාට මේ නගරයේ නිවැරදි නම වෙන්නේ වොෂින්ටන් ඩී. සී (District of Columbia).

 

ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවලට වඩා වැඩි ජනගහණයක් වොෂින්ටන් නගරය තුළ වාසය කරනවා (වයෝමින් සහ වර්මොන්ට් ඊට වඩා අඩු ජනගහණයක් සිටින ප්‍රාන්ත දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්). මේ නිසාම ඇතැම් අවස්ථාවලදී ඇමරිකාවේ පනස් එක් වැනි ප්‍රාන්තය ලෙස වොෂින්ටනය නම් කිරීමේ උත්සාහයක් පැවතුණත් එය සාර්ථක වූයේ නැහැ. ඊට ප්‍රධානම හේතුව වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තවලට ලැබී තිබෙන බලතල සමාලෝචනය කිරීමේදී රටේම අගනගරය ලෙස වොෂින්ටනය සුවිශේෂී විය යුතු බවට ඇමෙරිකානු දේශපාලනය තුළ වන පිළිගැනීමයි. මේ නිසාම වොෂින්ටනය ප්‍රාන්තයක් ලෙස නම් කිරීම ඇමරිකා එක්සත් ජනපදය ව්‍යවස්ථාවෙන්ම අවහිර කොට තිබෙනවා.

 

වොෂින්ටනයේ පිහිටා ඇති ඇන්ඩෘ ජැක්සන් ජනාධිපතිවරයාගේ ප්‍රතිමාව නිර්මාණය කොට තිබෙන්නේ 1812 වසරේදී බ්‍රිතාන්‍යයන් සමඟ යුද්ධයේදී අල්ලා ගන්නා ලද කාලතුවක්කු උණු කිරීම මගිනුයි. මුල් කාලයේදී මෙහි පිහිටා තිබූ තෝමස් ජෙෆර්සන් ජනාධිපතිවරයාගේ ප්‍රතිමාව කපරාරු කළ එකක් වූයේ එම ප්‍රතිමාව නිමැවුණු දෙවන ලෝක යුද්ධ සමය වන විට ලෝහ ලබා දෙනු ලැබුවේ කූපන් ක්‍රමයට වීම නිසයි. කෙසේ නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඒ වෙනුවට අඩි 19ක් පමණ උස පිත්තල ප්‍රතිමාවක් සකස් කරනු ලැබුවා.

 

අතීතයේදී වොෂින්ටන් නගරයේ වාසය කරන ජනතාවට ජනාධිපතිවරණවලදී ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව ලැබුණේ නැහැ ඊට හේතුව වූයේ ඔවුන් ප්‍රාන්තයක් නොවීමයි. කෙසේ නමුත් විසිතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් වොෂින්ටන් ජනතාවට ඒ සඳහා අවස්ථාව ලැබුණා.

ජනගහණ සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව වොෂින්ටන් නගරය තුළ එකිනෙකට වෙනස් භාෂා එකසිය පනහකටත් අධික ප්‍රමාණයක් භාවිතා කරන ජන කණ්ඩායම් වාසය කරනවා. මෙය ඇතැම් විට ඔබට පුදුමයක් සේ දැනුනත් ඊට හේතුව වන්නේ විවිධ රටවල තානාපති කාර්යාල වොෂින්ටන් නගරය තුළ පිහිටා තිබීමයි. එසේම ඊට අමතරව එම රටවල සංස්කෘතික මධ්‍යස්ථාන ගණනාවක්ද නගරය තුළ ස්ථාපනය කොට තිබෙනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here