සිරකරුවන් ත‍්‍රිවිල් හදන්න යොදවයි..

0
14

ලංකාවේ නිපදවන විද්‍යුත් ත්‍රීවිලයේ ආසන සැකසීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට මහර බන්ධනාගාර කර්මාන්ත අංශය විසින් ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම නව බන්ධනාගාර පනත තුළින් රැඳවියන්ගේ රැඳවුම් කාලසීමාව යම් පමණකට අඩු කිරීම තුළින් ඔවුන්ට මානුෂීය සාධාරණයක් ඉෂ්ඨ කරන බව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කර්මාන්ත ශාලා 2ක් ආරම්භ කර ඇති බවයි.

බන්ධනාගාරගත රැඳවියන් පුනරුත්ථාපනයෙන් සමාජයේ නිවැරදි පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවත් පසුගිය වසරේ බන්ධනාගාර කර්මාන්ත අංශය විසින් රුපියල් බිලියන 170කට අධික වත්කමක් උපයාගත් බවත් ජයරත්න මහතා සඳහන් කළේය.

– Media unit

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here