ෆේක් වලින් ජෙනුයින් දේවල් වෙන් කරලා අඳුනාගන්නේ මෙහෙමයි! – 3 කොට​ස – Saru News Media

0
4

ගොඩක් අය කියන දෙයක් තමයි, අද කාලේ අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නේ ෆේක් දේවල් කියන එක. ඒක ඉතින් ඔය බඩුමුට්ටු වලට විතරක් නෙවෙයි, මිනිස්සුන්ටත් අදාළව තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඇත්තටම මොකද්ද ඔය ෆේක් සහ ජෙනුයින් කියන දෙකේ වෙනස? සරලයි. ජෙනුයින් දෙයක් කියන්නේ ඇත්තටම ඇත්ත දෙයක්. ඒ කියන්නේ, බඩුවක් ගත්තොත්, ජෙනුයින් බඩුවක් කියන්නේ, ඒ බඩුවේ තියෙන්න ඕන නියම ප්‍රමිතියට, නියම කොලිටියට, නියම විදියට හදපු දෙයක්. එතකොට ඒ බඩුවේ ෆේක් එක, එහෙම නැතිනම් ව්‍යාජ විදියට හදපු කොපියක් කියන්නේ, ඒ බඩුවේ තියෙන්න ඕන නියම ප්‍රමිතිය සහ කොලිටිය නැතුව, හොරට හදපු, ඒ නිසාම කොලිටියක් සහ කල්පැවැත්මක් නැති, වඩාත් ලාබෙට ගන්න තියෙන හොර කොපියක්. ඕක ඉතින් බඩුභාණ්ඩ වලට විතරක් නෙවෙයි, මිනිස්සුන්ටත් අදාළයි.

හරි, ඇත්තටම අද කාලේ තියෙන ආර්ථික තත්ත්​වයන්, ආර්ථික ප්‍රශ්න වගේ දේවල් එක්ක ගොඩක් මිනිස්සු බලන්නේ ටික කාලයක් පාවිච්චි කරලා විසික් කරන්න හරි, ලාබෙට දෙයක් ගන්න. අන්න ඒ නිසා තමයි අද කාලේ ගොඩක් වෙලාවට ෆේක් බඩු උණු කැවුම් වගේ විකිණෙන්නේ. ෂුවර් නැද්ද? නිකමට ෆේස්බුක් එකේ ඔය බඩු විකුණන තැන් වල, එහෙම නැතිනම් ගොඩක් බ්‍රෑන්ඩඩ් බඩු නැති කඩවල් වල එහෙම බලන්න, ජෙනුයින් ඒවල විදියට හදපු ෆේක් බඩු කොයි තරම් විකිණෙනවද කියලා. දැන්, කෙනෙක්ට ලාබෙට ටික කාලෙකට දෙයක් පාවිච්චි කරන්න ඕන නිසා, දැනුවත්වම ෆේක් දෙයක් ගන්න එකේ කිසිම ගැටළුවක් නෑ. හැබැයි ජෙනුයින් විදියටම හදපු ෆේක් එකකට රැවටිලා, ඒ බඩුවට කිසිසේත්ම වටින්නෙ නැති ඉහළ මිලක් ගෙවලා දෙයක් ලබාගන්න වෙනවා නම් අන්න ඒක සැබෑ ගැටළුවක්. ඒ නිසා, කොහොමද ෆේක් දේවල් වලින් ජෙනුයින් දේවල් වෙන් කරලා අඳුනාගන්නේ කියන දැනුම, අපිට සෑහෙන්න අදාළ වෙනවා.

 

සාමාන්‍යයෙන් ෆේක් ගැජට් වල තියෙන ගැටළුවක් වෙන්නේ, ඒවා ගොඩක් වෙලාවට අර බ්‍රෑන්ඩඩ් ගැජට් වල විදියටම තමයි හදන්නේ. අන්න එතකොට, අපි බ්‍රෑන්ඩඩ් ගැජට් එකක් කියලා ෆේක් ගැජට් එකකට අහුවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි, පොඩ්ඩක් විමසිල්ලෙන් ගැජට් එක දිහා බලන එක. ගොඩක් වෙලාවට ජෙනුයින් ගැජට් එකක් හදනකොට ඒකේ තියෙන කොලිටි එක සෑහෙන්න උසස්. ෆේක් ගැජට් එකේ ෆිනිෂින් එක ඇත්තටම බාල තත්ත්​වයක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ ඇරෙන්න, ගැජට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක නැතිනම් ලෝගෝ එක දිහා සැලකිල්ලෙන් බලන එකෙනුත් ෆේක් එකක් හොයාගන්න පුළුවන්. මොකද, ගොඩක් වෙලාවට ෆේක් ගැජට් එකක ලෝගෝ එකක සුළු සුළු වෙනස්කම් තියෙනවා. අන්න ඒක ස්පොට් කරලා අපිට ගැජට් එක ජෙනුයින් ද ෆේක් ද කියලා හොයාගන්න පුළුවන්.

 

ඇඳුමක් ඇත්තටම ජෙනුයින් ද නැතිනම් ෆේක් ද කියන එක හොයන එක ඒ තරම් ලේසි නෑ. ඔය ලේසියෙන් හොයාගන්න පුළුවන් බාලම කොලිටි ෆේක් නං හොයන්න පුළුවන්. ඒ කියන්නේ ජෙනුයින් වික්ටෝරියා සීක්‍රට් ඇඳුම් අපිට පිටකොටුවේ පේමන්ට් එකෙන් හොයාගන්න බැහැනේ. ඒක අපි දන්නවනේ. හැබැයි අර යම් විදියක කොලිටි එකක් තියෙන, හැබැයි ඔරිජිනල් නොවෙන ඇඳුමක් හොයාගන්න නම් ටිකක් පරීක්ෂාකාරී වෙන්න සිද්ධ වෙනවා. ඒකට කරන්න පුළුවන් එක දෙයක් තමයි, ඇඳුමේ මැහුම් කොහොමද තියෙන්නේ කියලා බලන එක. ඔරිජිනල් ඇඳුමක මැහුම් ගහලා තියෙන්නේ නිරන්තරයෙන්ම හරි පිළිවෙලට. හැබැයි ෆේක් ඇඳුමක නම් ගොඩක් වෙලාවට මැහුම් තියෙන්නේ හරිම අපිළිවෙලට වෙන්න පුළුවන්. කොහොම කළත්, අර ඔරිජිනල් එකක තියෙන නීට්නස් එක ෆේක් එකක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ඇරෙන්න, ෆේක් ඇඳුමක තියෙන මැටීරියල් එකේ කොලිටි එක ගොඩක් වෙලාවට අතට දැනෙනවා.

 

ඕනම දෙයක් ජෙනුයින් ද නැතිනම් ෆේක් ද කියලා හොයාගන්න පුළුවන් තව පහසුම ක්‍රමයක් තමයි ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ ලේබල් එක බලන එක. මේ කතන්දරේ හරියටම හරියනවා ඇඳුම් වලදී. මොකද, ඇඳුම් වල ෆේක් වුණත් ජෙනුයින් වුණත් කර පිටුපස්සේ ලේබල් එකක් එන්න ඕනනේ. හැබැයි අනික් ලේබල් තියෙන ඕනම ප්‍රඩක්ට් එකකට වුණත් මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. ඒ තමයි, ලේබල් එක කියවලා බලන එක. ඔරිජිනල් ජෙනුයින් ප්‍රඩක්ට් එකක ලේබල් එකේ හරියට ඒ ප්‍රඩක්ට් එක ගැන තොරතුරු, විස්තර, හොඳ පැහැදිලි භාෂාවකින් සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන් තියෙනවා නම්, ඒ විස්තර කැඩිච්ච ඉංග්‍රීසියෙන් සඳහන් වෙන්නෙ නෑ. හැබැයි ෆේක් ඒවල නම් තොරතුරු විස්තර හරි විදියට සඳහන් වෙන අවස්ථා ඉතාම අඩුයි. ෆේක් ප්‍රොඩක්ට් එකක ලේබල් එකේ භාෂාව ගැටළුකාරීයි විතරක් නෙවෙයි, හරි හැටි තොරතුරු සඳහන් වෙන ප්‍රමාණයත් අල්පයි. ඒ ඇරෙන්න, ලේබල් එකේ ප්‍රින්ට් කොලිටි එකත් ඔරිජිනල් එකෙක හොඳටම තියෙනකොට, ෆේක් එකක සෑහෙන්න අඩු වෙනවා!

 

ඕනම ප්‍රඩක්ට් එකක් ඔරිජිනල් ද නැතිනම් ෆේක් ද කියලා හොයාගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි, ඒක රැප් කරලා තියෙන්නේ කොහොමද කියලා බලන එක. උදාහරණයක් විදියට ගත්තොත්, ඔරිජිනල් ෆෝන් එකක් රැප් කරලා තියෙන විදිය නිරීක්ෂණය කළොත්, ඒක බොහොම කොලිටි විදියට, හිරට හොඳ පොලිතින් එකකින් රැප් කරලා තියෙනවා. හැබැයි ෆේක් ෆෝන් එකක් දිහා බැලුවොත්, ඒ විදියේ කොලිටි රැපින් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ගොඩක් වෙලාවට ප්‍රොඩක්ට් එකක් ෆේක් වෙනකොට, රැපින් එකත් බොහොම ලිහිලෙට, ආඩාතාඩෙට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න බොක්ස් එක නිරීක්ෂණය කිරීමෙනුත් අපිට දැනගන්න පුළුවන් බොක්ස් එක ඇතුළේ තියෙන ප්‍රොඩක්ට් එකේ කොලිටිය ගැන. ගොඩක් වෙලාවට ෆේක් ප්‍රොඩක්ට් එකක බොක්ස් එකේ ප්‍රින්ට් කරලා තියෙන දේවල් එතරම් පිළිවෙල නැහැ. කොලිටිය සම්බන්ධයෙනුත් පැහැදිලි වෙනසක් තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here